මලයාසියා ගුවන් යානය කඩා වැටුණු ස්ථානයට ගොස් සිටින ගලවාගැනීමේ කණ්ඩායම්වලට වර්ග සැතපුම් අටක පමණ ප්‍රමාණයක තිබී මළ සිරුරු 168ක් හමුවී තිබේ. මේ ස්ථානයේ සිදුකරන විමර්ශන කටයුතු කඩාකප්පල් කිරීමේ අරමුණින් රුසියා වර්ගවාදී කණ්ඩායම් දරුණු බාධා කිරීම් සිදුකරන් බව ද සහන සේවකයෝ කියති. සහන කණ්ඩායම් ඒ සඳහා යොදාවා ඇත්තේ යුක්රේන රජය විසිනි.
එම ස්ථානයට පිටත්කැර යැවූ ස්වාධීන නිරීක්ෂකයන් හරවා එවූ බව ද සහන සේවා කණ්ඩායම් චෝදනා කරයි.
යුක්රේන හමුදාවේ නිලධාරින් කිහිප දෙනකු යානය කඩා වැටුණු ස්ථානයට ගිය ද කැරළි කණ්ඩායම් තමන්ට එම ස්ථානයට ඇතුළු වීමට ඉඩ නොදුන් බව යුක්රේන බලධාරීන් කියයි. යුරෝපා ආරක්ෂක සහයෝගීතා සංවිධානයේ විශේෂඥයකු මාධ්‍යයට පවසා ඇත්තේ අපරාධය සිදුවූ ස්ථානයේ කටයුතු පාලනය කිරීමට කිසිවෙකුත් නොමැතියැයි පෙනන්නට තිබෙන බවයි.
කැරළිකරුවන් විනාශ වූ යානයේ තිබූ ගමන්මළු වල දෑ කොල්ල කෑමත් යානයේ කොටස් රැගෙන යාමත් සිදුකරමින් සිටින බව සහන සේවකයෝ කියති.
‘‘මේ ස්ථානය ලොව දරුණු ම අපරාධයක් වූ ස්ථානයක්. නමුත් එහි ආරක්ෂාවට සිටින්නේ ආගන්තුක සත්කාර නොකරන බර අවි අතදරා සිටින නිල ඇඳුම් අතැතිව සිටින කිහිප දෙනකු පමණයි. ඔවුන් ද වෙනත් කිසිවකු විසින් පාලනය කරන බවක් පෙනෙන්නට නැහැ. අපගේ ප්‍රමුඛතාව වන්නේ කළු පෙට්ටිය සොයා ගැනිමයි. නමුත් කිසිවෙක් මේ දෙය සොයන්න අවශ්‍ය කරන පිළිතුරු පවා ලබා දෙන්නේ නැහැ.“ යැයි විශේෂඥයෝ කියති. යුක්රේන රජය ද කළු පෙට්ටිය සොයා ගැනිමට උදව් නොකිරිම සම්බන්ධයෙන් කැරළි කරුවන්ට දෝශාරෝපනය කර තිබිණි.
මළ සිරුරු දමා තිබූ ඇතැම් බෑග් විවෘත කැර තිබිණි. එය ඉතා නරක ක්‍රියාවක් බව සහන සේවකයෝ කියති. ඔවුන් පවසන්නේ මේ ස්ථානයේ දී ඉතා ප්‍රවේශම් විය යුතු බවකි. සහන සේවා කණ්ඩායම් පවසන්නේ මළ සිරුරු 38ක් පමණ කැරළිකරුවන් විසින් රැගෙන ගොස් ඇතැයි ද සහන සේවකයෝ චේදනා කරති. ඒවාට සිදුවූ දෙයක් දැනගන්නට නැත.
ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.
ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.
ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන
තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.
ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම
මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
යානය තවමත් කැරළි කරුවන්ගේ ග්‍රහණයේ
අශාන් Sunday, 20 July 2014 02:04 AM
දැන් වත් කට්ටියට තේරෙනවද කවුද මේකට සම්බන්ද කියල. අඩුම ගානේ මියගිය අහිංසකයන්ගේ මල සිරුරුවත් ගන්න මේ රුසියානු කැරලි කරුවන් ඉඩ දෙන්නේ නැහැ. (නදී)
ඇසළ Sunday, 20 July 2014 04:12 AM
ඔයටික තමයි කොටිත් අවුරුදු 30 තිස්සේ අපිට කලේ. දැන්වත් ආයිත් මතකය අවදි කරගත්තොත් හොදයි සියලුම සිංහලයන්. බෝම්බ දාලා මැරුවා කපලා කොටලා මැරුවා. ගිනිතියල මැරුවා. පොලිසියේ එක පාරකට වෙඩි තියල මරපු 600 ක සිරුරු පුළුස්සල දැම්මා. අහිංසක පාසල් ළමයි, භික්ෂුන් වහන්සේලා මැරුවා. දැන්වත් මතකය අවදි කරගෙන අවධානයෙන් සිටීම ඇගට ගුණයි. දේශපාලන පක්ෂ ජාති ආගම බේද අමතක කර සමගියෙන් සිටිමු. (නදී)
රොෂාන් Sunday, 20 July 2014 06:30 AM
මේ රුසියානු කෑරලි කරුවන් නෙමෙයි යුක්ක්‍රේන කෑරලිකරුවන් (නදී)
ජැක් Sunday, 20 July 2014 08:34 AM
මමත් ඔතන වැඩ කරලා තිබෙනවා (නි)
අශාන් Sunday, 20 July 2014 09:06 AM
රොෂාන්, ඔයා විදෙස් පුවත් බලන්න. යුක්රේනයේ මේ ප්‍රදේශය අල්ලාගෙන ඉන්නේ රුසියානු සහය ලබන කැරලිකරුවන්. (නි)
අනිල් Sunday, 20 July 2014 11:07 PM
මට අපේ උතුරු පළාත තිබුණ හැටි මතක් වෙනවා. (නි)
රජීව Monday, 21 July 2014 03:06 AM
රුසියන් අය කරන වැඩ පෙනෙන්නේ නැද්ද? (නි)
කමල් විමලවීර Monday, 21 July 2014 03:58 AM
හැමතැනටම අත දාන ඇමෙරිකාවට හමුදාවක් යවන්න බැරිද? (නි)
කුමාර Monday, 21 July 2014 04:01 AM
අශාන්,මේ හැමදෙයක්ම කලින් සැලසුම් කළ ඇමරිකන් සැළසුම් කියලා මම කියනවා. බලාගෙන ඉන්න හොඳට. (නි)