X Advertisement
IMG-LOGO

2025 ජුලි මස 12 වන සෙනසුරාදා


යැංකි මිසයිලය අතේ පත්තුවේ

අති මහත් රහස්‍යභාවයක් ඇතිව නිපදවිමින් සිටින මිසයිලයක අත්හදා බැලීම වැරදී එය පුපුරා ගිය බව පෙන්ටගන් ආරංචි මාර්ග සඳහන් කරයි.

වාර්තා වන ආකාරයට මිසයිලය ගුවන්ගත කිරීමට සැරසෙද්දී එය නැවත පොළවටම කඩා වැටී තිබේ.සිදුව ඇති හානිය මෙතෙක් ගණන් බලා නොමැති අතර ජීවිත හානි කිසිත් සිදුව නොමැත.

මිසයිලය අත්හදා බැලීම සිදුකෙරී ඇත්තේ ඇලස්කාවේ පිහිටි ඇමරිකාවට අයත් කෝඩියැක් මිසයිල විදුම් මධ්‍යස්ථානයේදීය.

පිපිරුම මධ්‍යස්ථානයේ සිට සැතපුම් 12 ක් පමණ දුරින් පිහිටි ග්‍රෙවිල් තුඩුවේ වැසියන්ට පවා හොදින් ඇසී තිඛෙන අතර මහා විශාල ගිනි බෝලයක් ඈතින් දිස්වූ බවද ඔවුන් කියයි.

මෙම මිසයිලය සම්බන්ධ කරුණු අතරින් පතර මාධ්‍යයට පසුගිය සමයේදී හෙළිදරව් කෙරුණු අතර ඒවාට අනුව ඇමරිකාව මේ සැළසුම් කරමින් සිටින්නේ ඉතාම කෙටි කාලයකදී ලෝකයේ ඕනෑම ස්ථානයකට ප්‍රහාර එල්ල කළ හැකි මිසයිලයකි.

එහි ගමන් වේගය කෙතරම්ද යත් පැයක් ගතවීමට මත්තෙන් එයට සැතපුම් 3500 ක් දුර ආවරණය කළ හැකි යැයි සදහන්ය.

පසුගිය 2011 වසරේදීද මෙම මිසයිලයේම අත්හදා බැලීමක් සිදුකෙරුණු අතර එය සාර්ථකව සිදුවු බව එදවස පෙන්ටගනය නිවේදනය කළේය.

වරද කොතැන සිදුවී ඇත්දැයි සොයා පරීක්ෂණ කෙරෙමින් පවතින බව පෙන්ටගනය කියයි.



අදහස් (0)

යැංකි මිසයිලය අතේ පත්තුවේ

ඇසළ Wednesday, 27 August 2014 10:05 AM

ඇමරිකන් කාරයට පුළුවන් මිනිස්සු මරන්න යුධ උපකරණ හදන එකයි. ඒවා විකුණගෙන ජීවත්වෙන එකයි. මිනිසුන් මාරුව කියල අනිත් රටවල් වලට විරුධව මානව හිමිකම් ගැන කතා කරන්නයි විතරයි. (අ)

:       0       0

සෙනරත් Wednesday, 27 August 2014 11:02 AM

ඇස්ලගේ කතාව සම්පුර්ණ ඇත්ත. ඒ මදිවට තව රටවල් කොටවල යුද්ද ඇතිකරනවා ආයුධ විකුණගන්න.(අ)

:       0       0

ජයත් Wednesday, 27 August 2014 12:21 PM

අද කාලේ මසුරන් තිබුනානම් මම අසේලගේ සහ සෙනරත් ගේ කටේ දමනවා ! නමුත් මොනවා කරන්නද මල්ලි ඕකා ඇතුවත් බැහැ නැතුවත් බැහැ අපි ඊශ්‍රාලයවවත් රුසියාව වත් නොවේ නෙව (අ)

:       0       0

උත්තරා බණ්ඩාර ටොරොන්ටෝ Wednesday, 27 August 2014 04:33 PM

අැමරිකාව තමා ලෝකයේ ත්‍රස්තවාදය බිහි කරන සහ ඒවාට මුදල් සහ ආයුධ දෙන ප්‍රධාන රට. ඔවුන්ගේ රටේ ප්‍රධානම මුදල් ඉපයීම ඔවුන් සාදන ආයුධ විකිණීම. ඒ සඳහා ඔවුන් කරන්නේ රටවල් අතර ප්‍රශ්ණ ඇති කර එම රටවල් අතරේ යුද්ධයක් බිහි කිරීමයි. ඒ අතරේ සාමය සහ මානුෂික අයිතිවාසිකම කතා කරන්නෙත් ඔවුන්. මේවා සාධාරණිය කිරීමට බටහිර යුරෝපය අැප කැප වී සිටින්නේ ඔවුනුත් එයම කරනා නිසා. ලෝකයේ බලවත්ම මාධ්‍යන් අයිතියත් හසුරුවිමත් ඔවුන් කරනා නිසා ලෝකයම අන්ධවී ඇමරිකාවට සහ යුරෝපයට ඕනේ විදියට ලෝකයට පෙන්නුම් කරති (නදී)

:       0       0

සේරම් Thursday, 28 August 2014 02:51 AM

එතකොට එබොල වගේ ලෝකෙටම තර්ජනය වන ලෙඩ රෝග මඩින්න උත්සහ ගන්නේ ,ලෝකයට හොඳම බෙහෙත් සපයන්නේ ලෝකයේ උසස්ම සෞඛ්‍ය පහසුකම් තියෙන්නේ අපේ ප්‍රධාන දේශපාලකයෝ ඔලුවේ කැක්කුමක් හැදුනමත් බෙහෙත් ගන්න දුවන්නේ ඉතියෝපියාවට වෙන්න ඇති අැසලයි සෙනරතුයි ලඟදි වියලි කලාපයේ වැවක නෑවද(අ)

:       0       0

සරා Thursday, 28 August 2014 03:41 AM

මුලිම් රටවල සිද්දවෙන ලෝක විනසෙන් මිනිස්සු බේරගන්න තමි මේවා කරන්නේ.නැත්නම් අනෙක් ආගම්වල මිනිස්සුන් මරාගෙන කාවි දවසක. (අ)

:       0       0

ෂෆ්නා Thursday, 28 August 2014 04:37 AM

මේ සල්ලිවලින් අප්‍රිකාවේ මැරෙණ මිනිසුන්ව ජීවත් කරවන්නකෝ (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

ජනපති ජෝ බයිඩන් විලියම්-කේට් හමුවෙයි
2022 දෙසැම්බර් මස 01 261 0

ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.


ඇෆ්ගන් පාසලක බෝම්බයක් පිපිරේ
2022 දෙසැම්බර් මස 01 140 0

ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.


කෙජ්රිවාල්ගෙන් මෝදිට අභියෝගයක්
2022 දෙසැම්බර් මස 01 1407 1

ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන


අයි.එස්. ත්‍රස්ත නායකයා මියයයි
2022 දෙසැම්බර් මස 01 3580 0

තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.


සම්බාධක මඟහරින්න රුසියාව ඉන්දියාවෙන් උදව් ඉල්ලයි
2022 නොවැම්බර් මස 30 2045 0

ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම


චීනය සමඟ පැවැති සවර්ණමය යුගය අවසන්
2022 නොවැම්බර් මස 30 2357 4

මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site