රුසියන් බස රාජ්‍ය භාෂාව කිරීමට යුක්රේන ජනපති වික්ටර් යැන්කෝවිච්ගේ රජය ඉදිරිපත් කළ පනත් කෙටුම්පතට විරෝධය පළ කරමින්, පාලක පක්ෂ සහ විපක්ෂ අතර පෙරේදා (24) එරට පාර්ලිමේන්තුවේදී ගුටි බැට හුවමාරුවක් සිදුවිය.
2010 වසරේ පැවැති ජනපතිවරණයෙන් බලයට පත් යුක්රේන ජනපති වැන්කොවිච් රුසියාවට හිතවාදී අයෙකි. ඔහුගේ රජය ඉදිරිපත් කළ එම පනත් කෙටුම්පතට අනුව රුසියන් බස රාජ්‍ය භාෂාව කිරීමට යෝජනා කළේ යුක්රේන බසට ද සමානවය.
යුක්රේනයේ වෙසෙන බහුතරය යුක්රේන ජාතිකයන් වන අතර එය සියයට 77.8 ක ප‍්‍රතිශතයකි. සුළුතරය වන්නෝ රුසියානුවෝය. ඔවුන්ගේ ප‍්‍රතිශතය සියයට 17.3 කි.
යුක්රේනය පිහිටා ඇත්තේ මධ්‍යම සහ නැගෙනහිර යුරෝපයේය. එය මායිම් වන්නේ බෙලරූස් රාජ්‍යයට සහ රුසියාවටය.
පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අවස්ථාවේදීම විපක්ෂ මැති ඇමැතිවරුන්ගෙන් ඊට විරෝධයක් එල්ල විය. වාග් ප‍්‍රහාරවලින් ඇරැුඹි එම විරෝධය ගුටි බැට හුවමාරුවක් තෙක් දුරදිග ගිය අතර කතා නායකවරයාට හෝ වෙනත් කිසිවකුට හෝ ගැටුම පාලනය කර ගැනීමට නොහැකි විය.
හිස තුවාල වූ සහ අතක් බිඳී ගිය මන්තී‍්‍රවරුන් දෙදෙනකු රෝහල් ගත කරන ලද බවත් ඔවුන්ගේ තත්ත්වය බරපතළ නොවන බවත් වාර්තා වේ.
ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.
ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.
ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන
තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.
ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම
මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
යුක්රේන පාර්ලිමේන්තුවේ ගුටිබැට හුවමාරුවක්
අලිබබා Saturday, 26 May 2012 05:50 PM
අඩෙ අප්පා මෙක රෙස්ලින් ෆිල්මි එකක් වගේ. අන්ඩටේකරුත් ඉන්නවද කොහෙද? අඩා.. අඩා.. අඩි.. අඩි.. දැන් පිටරට පාර්ලිමේන්තුවල ඒවා තමයි මෙවගේ එවා තියෙන්නේ. හුග දවසකින් ලංකාවේ පාර්ලිමේන්තුවේ මේ වගේ දෙයක් උනේනෑ. ඉස්සර සෙන්කෝලෙ උස්සන් දුවනවා. දැන් විපක්ෂෙත් අබලන්නේ. ඉතින් මේවගේ දේවල් අඩුයි.
සුරාජ් Saturday, 26 May 2012 07:15 PM
අපේ රට හොදයි.. මොකද අපේ අය හූ කිව්වට මෙහෙම ගහගන්නේ නෑනෙ...
ඌරැබොක්කෙ දුමින්ද Saturday, 26 May 2012 08:07 PM
අපේ රටේ වගේමයි....
ෂෙරීෆ් Saturday, 26 May 2012 11:26 PM
අපේ රටේ කෙනෙක් මේ පාර්ලිමේන්තුවේ ඉන්න පුළුවන්
රුවන් Sunday, 27 May 2012 01:22 AM
අපේ පාර්ලිමේන්තුවට සමානයිනේ
සකල බුජන් Sunday, 27 May 2012 10:20 PM
පොඩ්ඩක් ඉන්නකෝ.මමත් පෙන්නන්නම් හොද සෙල්ලමක් අද හෙටම