ඇමෙරිකාව ප‍්‍රමුඛ බටහිර රටවල විවේචනයට බඳුන්ව ඇති ඉරාන න්‍යෂ්ටික වැඩසටහන යටතේ සිදු කෙරෙන යුරේනියම් බලගැන්වීමේ කි‍්‍රයාවලිය අඛණ්ඩව සිදු කරන බව අන්තර්ජාතික පරමාණු බලශක්ති ආයතනයේ ඉරාන නියෝජිත අලි අස්ගාර් සොල්ටනේ පෙරේදා (28) පැවැසීය. මෙසේ යුරේනියම් බලගැන්වීමේ කි‍්‍රයාවලිය අන්තර්ජාතික පරමාණු බලශක්ති ආයතනයේ අධීක්ෂණය යටතේ අඛණ්ඩව සිදු කරන බව ද අලි අස්ගාර් සොල්ටනේ වැඩිදුරටත් කියා සිටියේය. එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලය ඉරාන රජයට න්‍යෂ්ටික වැඩසටහන නවත්වන ලෙසට අවස්ථා කිහිපයකදීම දන්වා සිටියේය. නමුත් ඉරානය ඊට ප‍්‍රතිචාර නොදැක්වූ හෙයින් එරටට එරෙහිව සම්බාධක පැනවීමට ආරක්ෂක කවුන්සිලය කටයුතු කළේය. මේ වසරේදී ඉරාන න්‍යෂ්ටික අර්බුදය සම්බන්ධයෙන් යම් එකඟතාවකට පැමිණීමට ආරක්ෂක කවුන්සිලයට අයත් රාජ්‍යයන් සහ ඉරානය අතර සාකච්ඡුා වට කිහිපයක් පැවැත්වුණද ඒවා අසාර්ථක විය. ඇමෙරිකාව සහ ඊශ‍්‍රායලය පවසන්නේ ඉරාන න්‍යෂ්ටික වැඩසටහනේ අරමුණ විනාශකාරී පරමාණු බෝම්බයක් නිපදවීම බවයි.
ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.
ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.
ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන
තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.
ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම
මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
යුරේනියම් බලගැන්වීම අඛණ්ඩව සිදු කරනවා
සුනිල් Thursday, 30 August 2012 06:54 PM
කෝ කෝ දැන් චණ්ඩි? (නි)
බණ්ඩාර Thursday, 30 August 2012 08:50 PM
ඉවසන්න සුනිල්, මොකක්හරි පොටක් පෑදුණු ගමන් ඉරානය කුඩු කරලා දායි. (නි)
පුලස්ති Friday, 31 August 2012 08:48 AM
අනේ බණ්ඩාර, ඔයාත් හරිම නිවටයෙක් වගෙයි. (නි)
එරංග Saturday, 01 September 2012 11:41 PM
ඇමරිකාවට කඩේ යන එක නවත්තලා නැද්ද තාම... අපේ රටට කරන දේවල් දන්නේ නැතිව වගේ...!!(නු)