X Advertisement
IMG-LOGO

2025 ජුලි මස 12 වන සෙනසුරාදා


යෝධ දෙ අත්

හිසටත් වඩා විශාල දැවැන්ත අත් දෙකකට හිමිකම් කියන අට හැවිරිදි දරුවකු ඉන්දියාවේ සිටියි. මේ අතේ අතිවිශාල ඇඟිලි ද පිහිටා ඇත.

කලීම් නමැති මේ දරුවා උපදින අවස්ථාවේ ඔහුගේ අත් සාමාන්‍ය දරුවකුගේ අත් මෙන් දෙගුණයක් විශාල විය. එය නොනවත්වාම විශාල වෙමින් වැඩුණු බව දෙමාපියෝ කියති. ඔහුගේ අත්ල ආරම්භයේ සිට මැද ඇඟිල්ලේ කෙලවර දක්වා දිග අඟල් 13කි. ඉන්දීය වෛද්‍යවරු පවසන්නේ මේ අතේ අඛණ්ඩ වර්ධනය වැළැක්වීම අපහසු කරුණක් බවයි.

ඔහුගේ මව හලීමා (27) පවසන්නේ තම දරුවා අතේ විශාලත්වය ගැන නොතකමින් සම වයසේ යහළු යෙහෙළියන් සමග ක්‍රීඩා කළ ද ඔහු විශාල අත් හේතුවෙන් පීඩා විදින බවයි.

Big hand (1) Big hand (3)



අදහස් (0)

යෝධ දෙ අත්

බන්දු Friday, 22 August 2014 04:50 PM

මේක ඇත්තක්, බොරුවක් නෙමෙයි. (නදී)

:       0       0

සමන්ති Friday, 22 August 2014 01:31 AM

මෙය සිදුව ඇත්තේ කළලය අවස්ථාවේ. විකුර්ති භාවයක් ඇතිවීමෙනි.දෙවියන් කළායයි සලකන්නේ බුද්දියක් නොමැති අය. (නදී)

:       0       0

සත්‍යයා Friday, 22 August 2014 01:52 AM

ජේසුස් වහන්සේ මිනිස්සු මැව්වා කියල බයිබලයේ හෝ වෙනත් කෘතිවල සඳහන් වෙලා නැහැ. එතුමා හොඳ දේශකයෙක්. දෙවියෝ මිනිස්සු මවන්නේ නැති බවට තවත් එක උදා හරණයක් මේක. එහෙම බලයක් දෙවියෙකුට තිබුනානම්, අහිංසක දුප්පත් දරුවෙකුට මෙහෙම අතක් දේවිද? (නදී)

:       0       0

චමිල් Friday, 22 August 2014 04:06 AM

මේක කවුරුත් මැවූ දෙයක් නොව පෙර කරන ලද කර්මඵල විපාකය අත්විඳීමකි. ඒකට කරන්න දෙයක් නැහැ.ගෙවන්නම වෙනවා. (නි)

:       0       0

තේජාන්විත Friday, 22 August 2014 04:43 AM

දෙවියන්ට මේ වෙනුවෙන් කරන්න පුළුවන් දෙයක් නැහැ. මේක පෙර කල කර්මයක්. මෙහෙම දේවල් වෙන බොහෝ වේලාවට එ්ක වෙන්නේ ඉන්දියාවේ. ලෝකේ ඉතාම නරකම දේවලුත් ඉතාම හොදම දේවලුත් වෙන්නේ ඉන්දියාවේ. බුදුන් වහන්සේ පස්මහ බැලුම් වලින් ඉපදෙන්න ඉන්දියාවම තෝරාගන්න ඇත්තේ මේ නිසා වෙන්න ඇති. (නදී)

:       0       0

කාන් Friday, 22 August 2014 07:18 AM

අනේ සමහර ප්‍රතිචාර දැක්කම ගහන්න හිතෙනවා. හොදට ඇස් ඇරලා බලන්න ළමයාගේ ඇදුමේ ෂිප් 1 ක් දාලා තියනවා. (නදී)

:       0       0

විජිත Friday, 22 August 2014 07:35 AM

මෙත් සිත පතුරවන සියලු දෙනාගේම චිත්ත බලයෙන්, පොඩි එකාට ඉක්මන් සුවයට මඟක් ලෑබේවා! (නි)

:       0       0

අකලංක Friday, 22 August 2014 07:36 AM

පුංචි පුතේ ඔයා දැක්ක වෙලේ ඔයාගේ පුංචි හිතට වඩා මගේ හිතට දුකක් අව, අපි ඔයා වෙනුවෙන් මොනවද කරන්න ඕනේ කියල හිතා ගන්න බැහැ ඔයාගේ දුකෙන් බාගයක් වත් අරගන්න තිබුන නම් ඒක කරනවා ,මගේ .ප්‍රාර්ථනාව .ඔයාට ඉක්මන් සුව . (අ)

:       0       0

ඇනස්ලි Friday, 22 August 2014 11:27 AM

කණගාටුදායක පුවතක් (නි)

:       0       0

සමරේ(ගාල්ල) Friday, 22 August 2014 12:37 PM

සත්‍යගේ මතය‍ට මාත් එකඟයි. (නි)

:       0       0

අචිරා Friday, 22 August 2014 04:02 PM

මේක බොරු ෆොටෝ එකක් මේකකම්පියුටර් ජිල්මාට් එකක්. එකවත් තේරුම් ගන්න බැරි අය හෝ ගාලා කොමෙන්ට් කොටනවා (අ)

:       0       0

ටානියා Thursday, 21 August 2014 06:31 PM

වෛද්‍ය විද්‍යාව මේතරම් දියුණු කාලයක මේ පොඩි එකා වෙනුවෙන් මුකුත්ම කරන්න බැරිද ...? (නි)

:       0       0

චන්ද්‍රා වීරසිංහ Saturday, 23 August 2014 04:09 AM

මම බොදුනුවෙක්. ප්‍රතිචාර දැමීමේදී අනෙකුත් ආගම් භාෂා වැනි දේවල් සමග විරෝධතා ඇති කර ගැනීම තරයේ පිළිකෙව් කරනවා. (නදී)

:       0       0

ශානි Saturday, 23 August 2014 04:29 AM

අසරණ ළමයා ඉක්මනින් සුවපත් වේවා ! (නදී)

:       0       0

පහන්දී Saturday, 23 August 2014 05:45 AM

මේ දරුවට ශල්‍ය කර්මයකින්වත් මේ අත හදන්න බැරිද....?දුප්පත් කමත් වලිගේ නැති ගොනා වැනි කියනවනේ....!!!(අ)

:       0       0

සචින් Saturday, 23 August 2014 08:12 AM

මේක පරිඝනක ජිල්මාර්ට් එකක් නෙමෙයි. පළවෙනි පින්තූරයේ කමිස අතේ සිප් එකක් තියෙනවා. (නදී)

:       0       0

සමන් කුමාර Saturday, 23 August 2014 12:25 PM

ගාමිණී මහත්තයගේ ඇස් පරික්ෂා කරගන්න (නදී)

:       0       0

රූපවතී Saturday, 23 August 2014 01:15 PM

මෙය රෝගී තත්වයක් ( එලිෆන්ට් ටියිටිස්) කියන රෝගය. (නදී)

:       0       0

පහන්දී Saturday, 23 August 2014 01:30 PM

අනේ අචිරා, ඔච්චර නපුරු වෙන්න එපා මේ වගේ දුක්ඛිත දසුනක් දැකල, ඔයාට හිතුනේ නැද්ද මේ දරුවා පවු කියල, දන්නවා වැඩි වුනත් ප්‍රශ්නයක් මට හිතෙන්නේ ....?(අ)

:       0       0

සාලිය Saturday, 23 August 2014 04:04 PM

මා අචිර සමග එකඟයි ඕනෑම වැඩක් දාන්ඩ පුළුවන් පරිගණක සොෆ්ට්වෙර් තිබෙද්දී ඕකත් වැඩක්ද. (අ)

:       0       0

දිනේෂ් Saturday, 23 August 2014 06:07 PM

සංසාරෙ හැටි ඔහොම තමයි ඔික තමයි කරැමෙ කියන්නෙ-මෙි භවයෙවත් පිනක් කර ගන්න ලැබෙිවා!!! (නදී)

:       0       0

නීලා Sunday, 24 August 2014 09:11 AM

ඇත්තටම දුකක්, ඒ වුනාට කරපු පව් පින් අනුව තමඊ මිනිසාට හැමදීම ලැබෙන්නේ.ඒ නිසා අපි ඊළඟ ආත්මේ හොදින් ඉන්නනම් මේ ආත්මේ ජීවත් වෙලා ඉන්න ටිකේ පින් වැඩ කරන්න හිතට ගන්න ඕනේ.(දිල්)

:       0       0

කලීල් Thursday, 21 August 2014 06:39 AM

දෙවියනි මේ දරුවට සහනය දෙනු මැනවි (නදී)

:       0       0

මහවැව,නිමල් වර්ණකුලසුරිය Wednesday, 20 August 2014 06:49 PM

පවු අහිංසක පොඩි එකා. ඉක්මන් සුව පතනවා! (නි)

:       0       0

මහේෂ්‍ Wednesday, 20 August 2014 11:56 PM

අනේ පවු! අපි ඉතින් මොනවා කරන්නද? මේත් ඉතින් අහිංසක ජීවිතයක්නේ! (නි)

:       0       0

මනෝජ්-සාජා Thursday, 21 August 2014 03:17 AM

පවු පොඩි දරුවා. (නි)

:       0       0

නදී Thursday, 21 August 2014 04:24 AM

අහෝ දෙවියනි, මොනයම් හෝ වැරැද්දක් සිදුව ඇත. කරුණාකර මෙය නිවැරදි කරදෙනු මැන. (නි)

:       0       0

කසුන් Thursday, 21 August 2014 04:43 AM

පවු. ජීවිතයේ හැටි එහෙම තමයි (නි)

:       0       0

කසුන් Thursday, 21 August 2014 04:48 AM

සංසාරයක හැටි! (නි)

:       0       0

ශානිකා Thursday, 21 August 2014 06:08 AM

ජේසුනි, මේ වරද නිවැරදි කරනු මැනව! (නි)

:       0       0

රූපවතී Thursday, 21 August 2014 06:23 AM

මෙවැනි මිනිසුන් ලොවට එවන්නේ යමක් තේරෙන අපිට හිතන්නයි. මෙයත් එක්තරා පාපකර්මයකි. අපි පව් නොකර සිටිමු. හොඳ වැඩම කරමු. අප චින්තනයන් ක්‍රියාවන් දැහැමි වූ විට අප ලෙයින් උපදින අපේ දරුවනුත් දෙවියන් වහන්සේ නිරෝගීව අපිට දායාද කරාවි (නි)

:       0       0

ඉන්දු මෙල්බර්න් Thursday, 21 August 2014 06:25 AM

මේ ලෝකය හරිම අසාධාරණයි කියලා හිතෙනවා වෙලාවකට කවුරු මැව්වා වුණත්... අසරණයින්ටමයි හැම කරදරයක්ම. පොඩි දරුවාට සාර්ථක ප්‍රතිකාරයක් ලැබේවා! (නි)

:       0       0

විමල් Thursday, 21 August 2014 06:35 AM

මේකෙ කොමෙන්ට් දාන අය හිතන්නෙ දෙයියො මැව්වා කියලද? ලෝකේ මිනිස්සු මේක එහෙම නෑ කර්ම කර්ම ඵල අනුවයි මේ දේවල් වෙන්නේ. කොහෙවත් ඉන්න දෙයියන්නාන්සෙට පුළුවන්ද මිනිස්සු මවන්ට (නදී)

:       0       0

ටියුඩර් Wednesday, 20 August 2014 05:59 PM

අනේ පවු! (නි)

:       0       0

සාලි Thursday, 21 August 2014 07:44 AM

අහෝ වෛද්‍යවරුනි මෙය සුවපත් කළ මැන. (නදී)

:       0       0

හිරා Thursday, 21 August 2014 09:00 AM

ජේසුනි, ඔබ මැවූ ළමයා නැවත යථාතත්වයට පත්කරලා දෙන්න. (නදී)

:       0       0

ධනුස්ක Thursday, 21 August 2014 11:10 AM

කොච්චර දෙයියන්ට කිව්වත් වැඩක් නෑ. කරන කලට පවු මහිරිය මී සේ... විදින කලට දුක් දැඩි වෙයි ගිනි සේ.. (නදී)

:       0       0

වින්දන Thursday, 21 August 2014 11:40 AM

ඇයි දෙවියනේ මෙහෙම දෙයක් වු‍ණේ? (නි)

:       0       0

ගාමිණී Thursday, 21 August 2014 11:52 AM

මේ දරුවා මෙච්චර ලොකු අතක් තියෙද්දී කොහොමද මේ කමිසය ඇන්දේ? (නි)

:       0       0

පිටබැද්දර ජයා Thursday, 21 August 2014 12:35 PM

රූපවති නංගියේ, නුඹටත් යමක් කමක් තේරෙනවා නේද? මට තේරෙන විදියට මේකට කියන්නේ කර්ම ඵලය කියලයි. මොනවා වුණත් පොඩි එකා ගැන දුකයි (නි)

:       0       0

විමල් Thursday, 21 August 2014 01:54 PM

ජේසුනි, මේ වරද නිවැරදි කරනු මැනව! ඔව් ඉතින් දෙවියන් වහන්සේ මැව්වා නම් දෙවියන් වහන්සේම නිවැරදි කළ යුතුයි (නදී)

:       0       0

නිකේෂලා Thursday, 21 August 2014 01:55 PM

මේක ඇත්ත නම් කොහොමද මෙයා මේ කමිසය ඇන්දේ? (නදී)

:       0       0

කින් බෙනට් Thursday, 21 August 2014 02:11 PM

මේ ඡායාරූප දුටුවහම මට දැනෙන වටිනාම දේ තමයි ඒ ළමයා මේ හින්දා මානසිකව වැටිලා නැති බව.ඔහු ඉන්නේ සතුටෙන් බව පෙනෙනවා (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

ජනපති ජෝ බයිඩන් විලියම්-කේට් හමුවෙයි
2022 දෙසැම්බර් මස 01 261 0

ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.


ඇෆ්ගන් පාසලක බෝම්බයක් පිපිරේ
2022 දෙසැම්බර් මස 01 140 0

ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.


කෙජ්රිවාල්ගෙන් මෝදිට අභියෝගයක්
2022 දෙසැම්බර් මස 01 1407 1

ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන


අයි.එස්. ත්‍රස්ත නායකයා මියයයි
2022 දෙසැම්බර් මස 01 3580 0

තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.


සම්බාධක මඟහරින්න රුසියාව ඉන්දියාවෙන් උදව් ඉල්ලයි
2022 නොවැම්බර් මස 30 2045 0

ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම


චීනය සමඟ පැවැති සවර්ණමය යුගය අවසන්
2022 නොවැම්බර් මස 30 2357 4

මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site