මාර්ග සංඥා ආලෝක පුවරුවේ රතු එළිය වැටුණු පසු සුසුම් ලෑමටත් කොළ එළිය වැටුණු පසු පිඹගෙන යෑමටත් පිළිතුරක් ලෙස මෝටර් රථයක් මාර්ග සංඥා ආලෝක පුවරු ළඟ නොනැවතී ධාවනය කරවිය හැකි පද්ධතියක් ජර්මනියේ අවුඩි මෝටර් රථ සමාගම අත්හදා බලමින් සිටියි.
මෝටර් රථයකට සවිවන මෙම පද්ධතිය ක්‍රියාත්මක වන්නේ නගරයක මාර්ග සංඥා ආලෝක පුවරු පද්ධතිය හා සම්බන්ධ කරමිනි. නගරයේ ඇති සංඥා පද්ධතිය පිළිබද තොරතුරු ලබා ගන්නා මෙම පද්ධතිය මෝටර් රථය ධාවනය වෙමින් පවතින මාර්ගය අනුව එම මාර්ගයේ රතු එළි දැල්වී තිබේද,කොළ එළිය දැල්වෙන්නේ කිනම් අවස්ථාවේද, කොළ එළිය දැල්වී තිබේ නම් යළිත් රතු එළිය දැල්වීමට කොපමණ වේලාවක් ගත්වේද ආදී තොරතුරු රියදුරාට දැන්වීමේ සමත්ය.
ආලෝක සංඥා පුවරු දෙස බලාගෙන රේස් යන රියදුරන් වෙනුවෙන්ම වූ පහසුකමක්ද මෙහි ඇත.කිසියම් අවස්ථාවක ආලෝක සංඥා පුවරුවක් හමුවට එමින් සිටින විටදී එහි රතු ආලෝකය දැල්වී තිබේනම් කොළ ආලෝකය දැල්වෙන තෙක් රථය කුමන වේගයකින් ධාවනය කළ යුතුද,කොළ ආලෝකය දැල්වී තිබේනම් රතු ආලෝකය දැල්වීමට ප්‍රථමයෙන් කුමන වේගයකින් සංඥා පුවරුව පසුකර යා යුතුද ආදී තොරතුරුද මෙම පද්ධතියෙන් රියදුරා වෙත ලබාදේ.
මෙම පද්ධතිය නිසා රියැදුරන්ට ආලෝක සංඥා පුවරු ළග කල් නොමරා තම මෝටර් රථ ධාවනය කරවිය හැකිය.
දැනට ජර්මනියේ ඉග්නොල්ස්ටැඩ් හා බර්ලින්, ඉතාලියේ වෙරෝනා යන නගරයන්හි මෙම පද්දතිය සවිකෙරුණු මෝටර් රථයන් වල ක්‍රියාකාරීත්වය අත්හදාබැලෙමින් පවතී.එම අත්හදා බැලීම් වලින් හොද ප්‍රතිඵල ලැබී ඇතැයි අවුඩි සමාගම කියයි.
අවුඩි සමාගමේ උත්සාහය සාර්ථක වේ නම් කාබන් ඩයොක්සයිඩ් වැනි හරිතාගාර වායු විමෝචනයන් මෙන්ම අනවශ්‍ය ඉන්ධන පරිභෝජනයද අඩු කර ගැනීමට හැකි වනු ඇත.
ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.
ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.
ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන
තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.
ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම
මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
රතු එළියට නොනවතින ක්‍රමයක්?
යසවතී Thursday, 16 January 2014 03:42 PM
ඔන්න අත්හදා බලන්න බේස්ලයින් මාර්ගයේ කිරුලපොනේ සිට බොරැල්ල දක්වා (දී)
චමත් [ලංකාව] Friday, 17 January 2014 05:35 PM
ලංකාවේ වගේ අපස්බ්‍රංශ මාර්ග හැසිරවීමේ විදුලි පහන් ක්‍රමයක් [ට්‍රැෆික් ලයිට්] ලෝකයේ කිසිම රටක නැතුව ඇති. මේවා සැලසුම් කරන ඉංජිනේරුවන්ට මුලින්ම කල යුත්තේ විදේශීය රටකට රැගෙන ගොස් ඒ පිලිබදව හොද පුහුණුවක් ලබා දීමයි. ඊට පස්සෙවත්, තමන් මොකද්ද කල යුත්තේ කියලා තේරුම් ගනියි. (නදී)