X Advertisement
IMG-LOGO

2025 ජුනි මස 28 වන සෙනසුරාදා


රතු ජනාවාසයේ මුල් 24 තෝරයි

අඟහරු ග‍්‍රහයා මත ඉදිකිරීමට නියමිත ජනාවාසයක මුල් පදිංචිකරුවන් තෝරාගැනීම සදහා අයදුම්පත් කැදැවීමට ‘‘මාර්ස් වන්නම් ඩෙන්මාර්ක පර්යේෂණ ආයතනයක් සැරසේ.

අයදුම්පත් ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන අය වයස අවුරුදු 18 ට වඩා වැඩි විය යුතු අතර හොඳ සමාජ සම්බන්ධතා පවත්වාගැනීමටත් අන් අය සමග සහයෝගයෙන් කටයුතු කිරීමටත් නොපසුබට උත්සාහයෙන් අරමුණු කරා ළගා වීමටත් හැකි අය විය යුතු බව මාර්ස් වන් ආයතනය කියයි.

ලැබෙන අයදුම්පත් ප‍්‍රාසාංගික රූපවාහිනී වැඩසටහනක ට යොමුකර ගමනට සහභාගී කර ගැනීමට බලාපොරොත්තු වන 24 දෙනෙක් තෝරා ගැනීමට නියමිතය.ව්‍යාපෘතිය සදහා වැය වන අතිවිශාල පිරිවැය සපයා ගැනීමද මේ වැඩසටහනේ තවත් අරමුණක් වේ.මේ 24 දෙනා වරකට 4 දෙනෙකු බැගින් අවුරුදු 10 ක දී අඟහරු මත ගොඩ බැස්වීමට සැළැසුම් කර ඇතැයි සදහන් වේ.

අඟහරු මතට ප‍්‍රථම යානය පිටත් කිරීමට නියමිතව ඇත්තේ 2023 වසරේදීය.තෝරා ගන්නවුන්ට අවුරුදු 8 ක පුහුණු කාලසීමාවකටද යටත් වීමට සිදුවේ.අඟහරු ග‍්‍රහයා මතුපිටදී කටයුතු කළ යුතු ආකාරය හා ගමන අතරතුරදී කටයුතු කළ යුතු ආකාරය පිළිබද පුහුණුවක් මේ කාලසීමාව ඇතුලදී ලබා දීමට නියමිතය.අඟහරු ග‍්‍රහයා මතට පිටත්කෙරෙන මේ පුද්ගලයන් ආපසු ගෙන්වාගැනීමක් සිදුනොකරන බව පවසන මාර්ස් වන් ආයතනය මෙය අඟහරු ග‍්‍රහයා මත ස්ථිර ජනාවාස ඇති කිරීමේ අරමුණින් සිදු කෙරෙනා ව්‍යාපෘතියක් නිසා ගගනගාමින් ආපසු ගෙන්වාගැනීමට බලාපොරොත්තු නොවන බව පවසයි.අයදුම්කරුවන් මේ කරුණ ගැනත් සැළැකිලිමත් විය යුතුය.

 

පෘථිවියේ සිට සැතැපුම් හාරකෝටියක් පමණ දුරින් පිහිටා ඇති අඟහරු ග‍්‍රහයා වෙතට ළගා වීමට දින 200 ක් පමණ ගත වේ.මේ කාලය අතරතුරදී සිය ගමන් සගයන් සමග සහයොගයෙන් කටයුතු කිරීමට මේ ගගනගාමීන්ට සිදුවනු ඇත.අඟහරු ග‍්‍රහයාගේ මතුපිට උෂ්ණත්වය සෙල්සියස් අංශක 35 සිට සෙල්සියස් අංශක සෘණ 135 අතර පරාසයක විහිදෙන බව සොයාගෙන ඇති අතර වායුගෝලය සැදී ඇත්තේ ස්වසනයට නුසුදුසු කාබන් ඩයොක්සයිඞ් වායුවෙනි.අඟහරු මතට ගොඩබැසීමෙන් අනතුරුව ඔවුනට ජනාවාස ඉදිකිරීමේ වගකීම පැවරෙන අතර එහිදී අඟහරුගේ කර්කෂ පරිසරයට එරෙහිව සටන් වැදීමටද සිදුවනු ඇත.



අදහස් (0)

රතු ජනාවාසයේ මුල් 24 තෝරයි

සෙනරත් Monday, 14 January 2013 12:30 PM

අපි යවමු වෙන මිනිස්සු කට්ටියක්. නැත්නම් අන්තිමට එයාලා අගහරු තනිවම අයිති කරගනීවි. (නි)

:       0       0

අජිත් කරුණාරත්න Sunday, 13 January 2013 08:59 AM

සල්ලි දීලා හරි ලංකාවෙන් යවනවා නම් කීපදෙනෙක්ම ඉන්නවා. (නි)

:       0       0

අජිත් කරුණාරත්න Sunday, 13 January 2013 08:59 AM

එහෙටත් රේස් කොළේ ගෙන්න ගන්න පුලුවන් නම් මමත් කැමතියි යන්න. (නි)

:       0       0

සිරිපාල Sunday, 13 January 2013 10:23 AM

මොනවද තියෙන්න ඕනේ සුදුසුකම්? (දී)

:       0       0

කුමුදු Sunday, 13 January 2013 12:22 PM

මොනවා කරන්න යනවාද මන්දා (දී)

:       0       0

නෙළුම් Sunday, 13 January 2013 01:34 PM

ආයේ එන්න වෙන්නේ නැති නිසා අපේ රටින් පිරිසක් යවමු (ස)

:       0       0

ගාමිණි Sunday, 13 January 2013 02:33 PM

හරි එහෙත් ඉවරයි (දී)

:       0       0

ජීව Sunday, 13 January 2013 04:17 PM

ප්‍රභාකරන් හිටියා නම් මුලින්ම ඉදිරිපත් වෙන්නෙ ඔහු තමයි. මොකද,ලෝකයේ රටක් නැති දෙමළ ජනතාවට අඩුතරමින් අඟහරු ලෝකයේ හරි රටක් හදන්න මුල්වෙනවා. (නි)

:       0       0

චන්දිම Sunday, 13 January 2013 05:12 PM

මට නම් මේ ලෝකය දාලා යන්න දුකයි. (නි)

:       0       0

මුතුකුඩ Sunday, 13 January 2013 07:23 PM

අනේ! ඒ ග්‍රහලෝකටත් ගෘහ සේවිකාවන් යවන්න පිළිවෙළක් තියේවිද කියා සොයා බැලුවානම් හොදයි නේද? (නි)

:       0       0

වන්නි Sunday, 13 January 2013 10:25 PM

ලංකා නියෝජනයක් නැද්ද (දී)

:       0       0

ලලිත් Monday, 14 January 2013 01:55 AM

මාවත් අරන් යන්නකෝ (දී)

:       0       0

අශාන්ත Monday, 14 January 2013 02:38 AM

සිංහලයා මෝඩයා, හෙරළි කන්න යෝධයා කියලා කියනවනේ. (නි)

:       0       0

ලසන්ත Sunday, 13 January 2013 07:49 AM

අයිශ්චර්යා ඉන්නවා නම් මම යනවා එයත් එක්ක. (නි)

:       0       0

ජෝන් Tuesday, 15 January 2013 07:33 AM

මේ ලෝකේ ඉන්නත් බැරිව තව අගහරුට යන්න (දී)

:       0       0

සමන් Tuesday, 15 January 2013 11:16 AM

දැන් ලෝකේ හිතා ගන්න බැරි තරම් දියුණුයි නේ..............(දී)

:       0       0

දමිත් Tuesday, 15 January 2013 02:48 PM

හදට යන්න වෙයි තව ටික දවසකින් (දී)

:       0       0

රොහාන් Tuesday, 15 January 2013 03:14 PM

මමත් කැමතියි යන්න. (නි)

:       0       0

ඩිල්ශානි Wednesday, 16 January 2013 02:22 AM

බෑ බෑ මට යන්න බෑ නෑ නෑ මම යන්නෙ නෑ... (නි)

:       0       0

ඉර්ෆාන් ධර්මා Wednesday, 16 January 2013 02:33 AM

උඩින් මුස්ලිම් කට්ටිය ගැන ලියපු අයටයි කියන්නේ, ගහන තරමක් ගහන්නේ ඔහේලාමයි. අන්තිමට ගුටි කෑවා කියලා අඩන්නෙත් ඔහේලාමයි. නියම අවිහිංසාවාදියෝ. (නි)

:       0       0

ඉර්ෆාන් ධර්මා Wednesday, 16 January 2013 02:41 AM

විශ්ව,, මුස්ලිම් කට්ටිය යැවුවොත් නෙමෙයි, සිංහල කට්ටිය යැවුවොත් තමයි ප්‍රශ්න ඇති වෙන්නේ. මොකද, දකින දකින හැම ගලක්ම තමන්ගේ උරුමයක් කියලා අඩන ,හැම ගලකටම වදින ඔයාලා, අගහරු පුරාම ඇති ගල් වලට වැදලම පණයයි ඔයාලගේ. (නි)

:       0       0

රොහාන් Wednesday, 16 January 2013 07:39 AM

උපාලි, ම‍ටත් ඔය ප්‍රශ්නෙම තමයි තියෙන්නේ. (නි)

:       0       0

රොහාන් Wednesday, 16 January 2013 09:17 AM

අනේ කාලේ වනේ වාසේ (දී)

:       0       0

සමන් Wednesday, 16 January 2013 09:24 AM

ඉර්ෆාන් ධර්මා , ඔයාලට තමයි ප්‍රශ්නේ. (ස)

:       0       0

මාරසිංහ Wednesday, 16 January 2013 10:51 AM

ඉෆ්රාන් නියම කතාව .ලංකාවේ මිනිස්සු දන්නේ පුරාජේරුගහන්න විතරයි (ස)

:       0       0

රුවන් Saturday, 19 January 2013 02:14 AM

ඉර්ෆාන්, ලංකාවේ තියෙන හැම ගහක් ගලකම අතීත අයිතිය ඇත්තේ අපිටයි. (නි)

:       0       0

චන්දන Saturday, 12 January 2013 11:24 AM

මේක ආපසු නොඑන ගමනක්ලු . කවුද කැමති නොඑන ගමන් යන්න (ස)

:       0       0

සදුන් Friday, 11 January 2013 07:25 PM

හොද පුහුණුවක් දෙන්න (දී)

:       0       0

කසුන් Friday, 11 January 2013 10:37 PM

මටත් යන්න ආසයි. (නි)

:       0       0

අමිල Saturday, 12 January 2013 01:10 AM

මුස්ලිම් අය එකතුකරල අගහරු වලට යවන්න බැරිද, ඕන නීතියක් දාගන්න කියලා ? (නි)

:       0       0

සංජු Saturday, 12 January 2013 03:20 AM

අපි පොඩි කාලේ හිතුවාද අගහරු ග්‍රහයාගේ ජනාවාස ඇති වෙයි කියල, තව ඉස්සරහට මොනවා වෙයිද දන්නේ නැහැ (දී)

:       0       0

හේමන්ත Saturday, 12 January 2013 06:48 AM

අපිටත් තියෙනවා ලංකාවෙන් 18ක්ම. (නි)

:       0       0

ඉන්දික Saturday, 12 January 2013 08:52 AM

මමත්‍ කැමතියි යන්න (ස)

:       0       0

කුරුවිට Saturday, 12 January 2013 08:53 AM

මමත් යන්නම් ආසයි. ඒත් ඒ කාලේ වෙනකම් අපි ජීවත් වේවිද ? (ස)

:       0       0

සෑම් Saturday, 12 January 2013 09:09 AM

අනේ මෙහෙම ආසාවක්.... අනේ මෙහෙම තණ්හාවක්..... මිනිසුනි ලැබේද ඉන් සැනසීමක්? මට නම් නිකන් දුන්නත් යන්නේ නැහැ. (නි)

:       0       0

නලීන් Saturday, 12 January 2013 09:29 AM

එච්චර දුරයන්න මට නම් බැහැ. (නි)

:       0       0

නිශාන්ත Saturday, 12 January 2013 10:01 AM

ඉස්සර හදට යනවා කියන්නේ මහා අරුමයක්, දැන් පදිංචියට යනවා (දී)

:       0       0

සජාඩ් Saturday, 12 January 2013 10:44 AM

අයදුම් පතක් තියෙනවානම් මටත් එකක් දෙන්න (දී)

:       0       0

රොකි Saturday, 12 January 2013 11:16 AM

බන්ඩනාගාරවල සිටින සියලුදෙනා එකතුකරල අගහරු වලට යවන්න බැරිද (ස)

:       0       0

සුධීර Friday, 11 January 2013 07:12 PM

මොනවාද බලපු සුදුසු කම් (දී)

:       0       0

ක්‍රිෂ් Saturday, 12 January 2013 12:31 PM

ගියාට කමක් නෑ එහෙත් මෙහේ වගේ වනසන්න එපා. (ස)

:       0       0

සෙනෙරත් Saturday, 12 January 2013 12:53 PM

හැබැයි යන අයට තමන්ගේ පරපුර බෝකර ගන්න පුළුවන් , මුලින් ගිය අයගේ නම්, පරපුර තමයි දිගටම පැතිරෙන්නේ (ස)

:       0       0

ගාමිණි Saturday, 12 January 2013 01:52 PM

කියක් ගියත් කමක් නැහැ මටත් යන්න ඕනේ (දී)

:       0       0

චම්මි Saturday, 12 January 2013 02:31 PM

දැන් කාවද තෝරා ගෙන තියෙන්නේ (දී)

:       0       0

රොහාන් Saturday, 12 January 2013 04:38 PM

අපේ ලංකාවට ටිකට් 225ක් ඕනෑ. (නි)

:       0       0

නිසා Saturday, 12 January 2013 04:43 PM

මුස්ලිම් කට්ටියක් ‍ගියා නම් හරි. (නි)

:       0       0

ප්‍රියා Saturday, 12 January 2013 07:48 PM

ජීවිතාන්තය දක්වා සිරදඩුවම් ලැබුණු අයව පිටත් කරමුද? (නි)

:       0       0

විශ්ව Saturday, 12 January 2013 08:27 PM

මුස්ලිම් කට්ටිය යැවුවොත් ප්‍රශ්න වැඩියි. මොකෝ දන්නවද? ගිය ගමන්ම පල්ලියක් ගහන්ට ඕනෑ කියලා කෝලාහල පටන් ගනී. අනෙක යන යන තැන යුද්ධනේ. මේ ලෝකෙම හිටපුදෙන්. (නි)

:       0       0

වරුණ Saturday, 12 January 2013 08:48 PM

මුලින්ම සහරා කාන්තාරයේ හරි ඇන්ටාටිකාවේ හරි ජනාවාස ඇතිකරලා ඒවායෙත් ඉඩකඩ මදි වූ විට ගියා නම් නේද හොද? (නි)

:       0       0

අමිල කටුනායක Saturday, 12 January 2013 09:31 PM

අනේ අර ළගදි අස්වෙච්ච කෙනාවත් යවන්නකෝ. (නි)

:       0       0

අමිල කටුනායක Saturday, 12 January 2013 09:31 PM

මගේ නැන්දම්මාවවත් යවන්න පුලුවන් නම්.... (නි)

:       0       0

උපාලි Sunday, 13 January 2013 12:39 AM

ම‍ේග ගෙදර වැඩ ටික තවම ඉවර නැහැ. නැත්නම් මමත් යනවා. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

ජනපති ජෝ බයිඩන් විලියම්-කේට් හමුවෙයි
2022 දෙසැම්බර් මස 01 261 0

ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.


ඇෆ්ගන් පාසලක බෝම්බයක් පිපිරේ
2022 දෙසැම්බර් මස 01 140 0

ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.


කෙජ්රිවාල්ගෙන් මෝදිට අභියෝගයක්
2022 දෙසැම්බර් මස 01 1407 1

ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන


අයි.එස්. ත්‍රස්ත නායකයා මියයයි
2022 දෙසැම්බර් මස 01 3580 0

තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.


සම්බාධක මඟහරින්න රුසියාව ඉන්දියාවෙන් උදව් ඉල්ලයි
2022 නොවැම්බර් මස 30 2045 0

ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම


චීනය සමඟ පැවැති සවර්ණමය යුගය අවසන්
2022 නොවැම්බර් මස 30 2357 4

මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site