X Advertisement
IMG-LOGO

2025 ජුලි මස 14 වන සඳුදා


රසායන අවිත් අයි එස් ත්‍රස්තයන් අතට

බැග්ඩෑඩ් (ඒ.එෆ්.පී./ඩේලිමේල්)

 

අයි.එස්. හෙවත් ‘‘ඉස්ලාමික් ස්ටේට්‘‘ ත්‍රස්තවාදීන් ලිබියාවේදී රසායනික අවි තොගයක් අත්පත් කරගෙන ඇතැයිද එය යුරෝපයේ ආරක්ෂාවට දැඩි තර්ජනයක් එල්ල කරනු ඇතැයිද බ්‍රිතාන්‍ය විශේෂඥයෝ පිරිසක් පෙරේදා (21) අනතුරු ඇඟවූහ.

 

ලිබියාවේ දකුණු දිග හා මධ්‍යම ප්‍රදේශවලදී ලිබියාණු රජයේ හමුදා පරාජයට පත්කිරීමෙන් පසු අයි.එස් ත්‍රස්තයන් සැරීන් සහ ‘සල්ෆර් මස්ටර්ඩ්‘වායුව නමින් හඳුන්වන ‘රසායනික අවි‘ අත්පත් කරගෙන ඇතැයි මැද පෙරදිග වාර්තා සඳහන් කරයි. රසායනික ප්‍රමාණය කොතෙක්දැයි මෙතෙක් අනාවරණය වී නොමැති බවද වාර්තා වේ.

මෙම අවි වසර දහයක් පමණ පැරැ‚ බවත් එසේ වුවද අනතුරුදායක ලෝක ආරක්ෂාවට තර්ජනයක් බවත් බ්‍රිතාන්‍ය හමුදාවේ හිටපු නිලධාරීයකු වන හර්මිෂ් ද බ්‍රෙට්න් පවසා ඇත.

සිරියා ජනපති බෂාර් අල් අසාද්ගේ රජයේ හමුදා 2013 වසරේ අගෝස්තු මාසයේදී සැරීන් රසායන ටොන් එකකට ආසන්න ප්‍රමාණයක් භාවිත කළ අතර ඉන් දහසකට වැඩි පිරිසකට ජීවිත අහිමි වූ බවත් ඒ මත පදනම් අනතුරු අඟවන බවත් ඔහු ප්‍රකාශ කර ඇත.

ටොන් එකක ගුණත්වයෙන් අඩු සැරීන් රසායන ප්‍රමාණය  එතරම් හානියක් කළේ නම්, අයි.එස් ත්‍රස්තයන් කොපමණ හානියක් කරනු ඇත්දැයි යන්න පිළිබඳ අවධානය යොමුකළ යුතු බවට ගල්ෆ් කලාපයේ රැඳී සිටින හර්මිෂ් ඉරාක රජයට අනතුරු අඟවා ඇත.

අයි.එස් ත්‍රස්තයෝ රසායනික අවි කොතරම් ප්‍රමාණයක් අත්පත් කරගත්තාද යන්න මෙතෙක් අනාවරණය නොමැති බවත් ඒවා ලිබියාවේ හිටපු පාලකයකු වන මුවම්මර් ගඩාෆිගේ පාලන සමයට අයත් ඒවා යැයිද හර්මිෂ් සඳහන් කරයි. එසේ වුවද එම ආයුදවල විෂ තවමත් රැඳී ඇති බවත් ඒවා අනතුරු දායක බවත් හර්මිෂ් පැවසීය.

ලිබියාව යුරෝපයට ආසන්නයේ පිහිටා ඇති රටක් වන අතර එහෙයින් ආරක්ෂක අංශ මේ සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමුකළ යුතු යැයි හර්මිෂ් අවධාරණය කරයි.

අයි.එස් ත්‍රස්තයන් මීට පෙර ක්ලෝරීන් ආයුධයක් ලෙස භාවිත කළ බවත් අයි.එස් ත්‍රස්තයන් සතුව සදාම් හුසේන්ගේ පාලන සමයේදී රසායනික අවි තැනූ විශේෂඥයන් සිටින බවත් යුද විශ්ලේෂකයෝ කියති.

25ED028700000578-2963349-image-a-3_1424561505869



අදහස් (0)

රසායන අවිත් අයි එස් ත්‍රස්තයන් අතට

සොපී Monday, 23 February 2015 02:14 AM

ඇත්තටම ලෝක සාමය රකින සංවිධාන කෝ? කවුරුහරි නීත්‍යානුකූලව පත්වුණු නායකයෙක් මේ ත්‍රස්තවාදීන්ව පරාජය කළොත් යුධ අපරාධ අධිචෝදනා ගෙනෙයි (නි)

:       0       0

දුමින්ද Monday, 23 February 2015 07:17 AM

සොපියා ඔබ හරි.(හේ)

:       0       0

නිරෝෂා Monday, 23 February 2015 08:29 AM

සොපී, ඔබ හරි (නි)

:       0       0

බණ්ඩාර Monday, 23 February 2015 11:52 PM

බලන්න මේ පින්තූරය තනිකරම නිසරු පස්ගොඩක් මටනම් හිතෙන්නෙ මේ කාලකන්නි යුද්ධය ටිකෙන්ටික ලෝකය මේ විදියට නිසරුකරන බවයි. මේවා දකින අපි සතුටෙන් ජීවත්වීමට, ස්වභාව ධර්මය ආරක්ෂා කිරීමට ක්‍රම හොයමු. ඒ සඳහා එක යහපත් ක්‍රියාවක් ලෝකය වෙනුවෙන් සිදුකර විනාශකාරීන්ට ප්‍රතිචාර දක්වමු (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

ජනපති ජෝ බයිඩන් විලියම්-කේට් හමුවෙයි
2022 දෙසැම්බර් මස 01 261 0

ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.


ඇෆ්ගන් පාසලක බෝම්බයක් පිපිරේ
2022 දෙසැම්බර් මස 01 140 0

ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.


කෙජ්රිවාල්ගෙන් මෝදිට අභියෝගයක්
2022 දෙසැම්බර් මස 01 1407 1

ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන


අයි.එස්. ත්‍රස්ත නායකයා මියයයි
2022 දෙසැම්බර් මස 01 3580 0

තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.


සම්බාධක මඟහරින්න රුසියාව ඉන්දියාවෙන් උදව් ඉල්ලයි
2022 නොවැම්බර් මස 30 2045 0

ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම


චීනය සමඟ පැවැති සවර්ණමය යුගය අවසන්
2022 නොවැම්බර් මස 30 2357 4

මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site