ජර්මන් ඡායාරූප ශිල්පියකු ගත් සිය පරණ පෙම්වතියගේ නිරුවත් ඡායාරූප සහ වීඩියෝ දසුන් මහේස්ත්‍රාත් ඉදිරියේදීම විනාශ කර දමන්නට සිදු විය.
ජර්මනියේ ඉහළ අධිකරණයක් විසින් විත්තිකාර ඡායාරූප ශිල්පියාට මෙම නියෝගය කළේය.විත්තිකරැ තමන් ඉතා සමීපව ඇසුරු කළ තම පෙම්වතියගේ ඡායාරූප සහ ලිංගික වීඩියෝ දසුන් ඇයගේ කැමැත්තෙන් රැගෙන තිබුන ද දෙදෙනාගේ ප්‍රේම සමිබන්ධතාවය අවසන් වීමත් සමගම ඇය අධිකරණයෙන් ඇගේ පුද්ගල රහස‍්‍ය භාවයට හානි ඇති නොවන ආකාරයට ඇයගේ සුරක්ෂිතතාවය රකින ලෙසට ඉල්ලා සිටියා.
ඕනෑම අයෙකුට ඔවුන්ගේ කැමැත්ත පරිදි සැගවූ ලාංගික ඉරියව් රිසිසේ පරිශීලනය කිරීමේ හැකියාව පවතින බවත් යමි විටෙක එක් පාර්ෂවයක් අධිකරණ සහාය ඉල්ලා සිටිය හොත්, ආරක්ෂාව ලබා දීම අධිකරණයේ වගකීම බවත් නොවසේනම් සමහරක් රටවල් පවසන ආකාරයේ කාමුක පලිගැනීමේ අපරාධ සිදුවීමට ඉඩනඩ ඇති බවත් විනිසුරු පවසයි.
යුරෝපයේ පුද්ගල රහස්‍යභාවය ආරක්ෂා කිරීම වෙනුවෙන් පවතින නීතිරීති වලට වඩා තද නීතිරීති පද්ධතියක් ජර්මනියේ ක්‍රියාත්මක වෙයි
ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.
ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.
ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන
තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.
ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම
මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
රහස්‍යභාවය රකී : ජර්මන් උසාවියකින් සුවිශේෂ තීන්දුවක්
ලෙස්ලි Wednesday, 23 December 2015 11:44 AM
හොඳ නඩු තීන්දුවක් (නි)
පිටබැද්දර ජයා Wednesday, 23 December 2015 01:31 PM
ලැජ්ජා බය හඳුනන මිනිසුන් ඉන්න සමාජයකට නම් මේ වගේ සිද්ධි වලට මුහුණදෙන්න වෙන්නේ නැහැ (නි)
සුමිත්‍රා බස්නායක Wednesday, 23 December 2015 02:22 PM
අන්න නියම නඩු තීන්දු! (නි)
රෝහණ කුමාර් මෙන්ඩිස් Wednesday, 23 December 2015 04:09 PM
අම්මෝ! ලංකාවේ අය ආදරය කරන කෙල්ලගේ නිරුවත් පින්තූර, වීඩියෝ තරහවුණ ගමන් දානවා එෆ්බී එකට. බිරිඳගේ ඡායාරූප පවා දමන රටක මේ සමහරු ලැජ්ජා බය ගැන කතාකරනවා (නි)
කමනි Thursday, 24 December 2015 02:24 AM
රෝහණ සමඟ එකඟවෙමි. (නි)
මනෝ Friday, 25 December 2015 06:11 AM
රෝහණගේ කතාව සම්පුර්ණ ඇත්ත. ඊට අමතරව, ලංකාවේ මෙහෙම දෙයක් උනොත් මිනිස්සු කාන්තාවට බනින්නේ පින්තුර ගන්න ඉඩ දුන්න කියලා. මේක ලංකාවේ පොදු ප්‍රශ්නයක්. මිනිස්සුන්ට නීතිය සාධාරණත්වය ගැන හරි දැනුමක් නැහැ.(කෞ)
ලතා Friday, 25 December 2015 06:49 AM
රෝහණ සොයුර,කියපු දේ සහතික ඇත්ත අපේ රටේ දුවක් එල්ලිලත් මරුනනේ එෆ් බි සින් එකක් නිසා (කෞ)