ඉන්දීය කොංග්‍රස් පක්ෂ මහ ලේකම් රාහුල් ගාන්ධි සිටින තැන ගැන නිවැරදි තොරතුරක් දෙන කෙනකුට මුදල් තෑග්ගක් පිරිනමන බව ඉන්දියාවේ උත්තර ප්‍රදේශ් ප්‍රාන්තයේ භාරතීය ජනතා පක්ෂයේ ක්‍රියාකාරීහු පවසති.
මොවුහු ‘අමෙති‘ නුවර කේන්ද්‍රකොට ගනිමින් විරෝධතාවක් ද පැවැත් වූහ. ඔවුන් අත තිබූ විරෝධතා බැනර්වල ලියා තිබුණේ ‘රාහුල් ඔබ කොහේ ගියාදෝ ?‘ යනුවෙනි.
‘අමෙති‘ යනු රාහුල් ගාන්ධිගේත් ඉන්දිරා ගාන්ධි පවුලේත් ආසනයයි. එය 1980 දශකයේ සිට නේරු ගාන්ධි දේශපාලන පරපුරේ බළකොටුව ලෙස සැළකෙයි.
‘අමෙති වැසියන්ට ගැටළු රැසක් තියෙනවා. සංවර්ධන කටයුතු කඩා වැටිලා. යටිතළ පහසුකම් බිඳ වැටිලා. අපේ නායකයා රාහුල් අතුරුදන්. ඔහු කොහේදැයි අපි දන්නේ නැහැ. අමැති අසුනට දැන් නායකයෙක් නැහැ.‘ යැයි විරෝධතාකරුවෝ පවසති.
මීට අමතරව උත්තර ප්‍රදේශ් ප්‍රාන්තයේ තවත් නගර කිහිපයක ද විරෝධතා රැලි පැවැත් වුණු බව ඉන්දීය පුවත් සේවා වාර්තා කළේය.
රාහුල් නිවාඩු ලබා ගත් බව ඉන්දියා (ලෝක් සභාව) පවසයි.
කොංග්‍රස් පක්ෂය පවසා ඇත්තේ රාහුල් සිය ජීවිතයේ අලූත් පරිච්ඡේදයක් ආරම්භ කරමින්, බෞද්ධ දර්ශනයට අනුව ආධ්‍යාත්මික සුවයක් පතා සංචාරයක යෙදෙන බවයි. ඔහු විපස්සනා භාවනාවේ යෙදී සිටිතියි කියති.
මේ අතර ඉකුත් 12 වැනිදා මහ ලේකම් රාහුල් ගාන්ධිගේ නවදිල්ලි අගනුවර පිහිටි නිවස හදිසියේ දිල්ලි පොලිසියේ සෝදිසි කිරීමකට ලක් වී ඇති අතර, එය කොංග්‍රස් පක්ෂයේ දැඩි විරෝධයට ද හේතුවක් විය.
තම පක්ෂ මහලේකම්වරයාගේ නිවස එසේ සෝදිසි කළේ ඇයිදැයි කොංග්‍රස් පක්ෂය අගමැති නරේන්ද්‍ර මෝදිගෙන් සහ ස්වදේශ කටයුතු ඇමැති රජිනාත් සිංගෙන් ප්‍රශ්න කළේය.
ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.
ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.
ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන
තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.
ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම
මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
රාහුල් සොයා දුන්නොත් තෑග්ගක්
නන්දලාල් Wednesday, 25 March 2015 05:50 PM
මොකද එයත් අතුරුදහන්වෙලාද? (නි)
දුමින්ද Thursday, 26 March 2015 06:00 AM
රජ කුමරුගේ සබෑ ජය සොයා ගමනක්ද? (ස)
යහම්පත් Thursday, 26 March 2015 09:16 AM
ජාත්‍යන්තර පොලිසියෙන් ඉල්ලීමක් කළා නම් ඉවරයි , අපේ බැසිල් රාජපක්ෂත් ආගිය අතක් නෙහෙලු , පුළුවන් කෙනෙකු සොයා දෙන්න , (ම)
ද සිල්වා බෙර්ලින් Thursday, 26 March 2015 12:56 PM
මේ පවුල දේශපාලන වශයෙන් ඉවරවෙලා යන එක ලංකාවේ සහ ඉන්දියාවේ අනාගතයට ඉතා හොඳය. (ර)
නාරද Friday, 27 March 2015 02:47 PM
තව ටික කලකින් බැසිල් සිටින තැන ගැන නිවැරදි තොරතුරක් දෙන කෙනකුට මුදල් තෑග්ගක් පිරිනමන බව නිවේදනය වේවි. (ත)
ඈන් Friday, 27 March 2015 04:39 PM
පොදු ජනතාවගේ යහපත පිණිස පවුල් දේ්‍ශපාලනය මෙලොවින් තුරන් වේවා! (ස)
ගිහාන් Saturday, 28 March 2015 03:17 AM
ඒ දේශපාලන පවුලේ පුතාල භාවනා කරන්න යනවා. අපේ සමහරු ලම්බෝගිනියේ නැගලා හින්දි නළු නිලියන් ගෙන්වා ගෙන රටේ සල්ලි වලින් විනෝද වෙනවා. ඔන්න වෙනස ! (ම)
ගොඩගම Sunday, 29 March 2015 11:10 PM
අර අපේ කෙනෙකුත් සිටින තැන ගැන නිවැරදි තොරතුරක් දුන්නොත් ඒකටත් මුදල් තෑග්ගක් දෙමු. (නි)