බ්‍රිතාන්‍යය ජාතික හාර්නාම් කවුර් මුණගැසෙන කවරෙකු වුවත් ඇය දෙස දෙතුන් වතාවක්ම හැරී බලන්නේය.
ඒ ඇයගේ මුහුණ වසා ඇති ඝන රැවුල නිසාය.
හාර්නාම් දැන් 23 වියැති යුවතියකි. තම මුහුණේ රැවුල වැවෙන්නට පටන් ගත්තේ තමාට 11 වැනි විය ලැබූ දා බව සිට යැයි ඇය කියන්නීය.
‘හිතල බලන්න කුඩා ගැහැණු දරුවෙකුගේ මුහුණෙ රැවුල වැවෙන්න පටන් ගත්තා කිව්වහම.මට ජීවිතයම එපා වුනා‘ ඇය කියන්නීය.
පාසැලේදී මෙන්ම මගතොටේදී නොයෙකුත් කරදර පීඩා වලට ලක්වීමටත් ඇයට සිදුව ඇත්තීය.මේ සියල්ල ඇය අන් ගැහැණු ළමුන්ගේ පෙනුමෙන් වෙනස් වූ නිසාය.
‘රැවුල එක්ක මට ඇතිවුනේ පුදුම තරහක්.මම එය යවා ගන්නා නොකළ දෙයක් නැති තරම්.අවසානයේ අනිත් අයගේ කතා අහලා බැරිම තැන සියදිවි නසාගන්න පවා මා උත්සාහ කළා.එය හරිගියේ නැහැ.‘ ඇය පවසන්නීය.
නමුත් වයසින් මුහුකුරා යාමත් සමග ඇය තම පෙනුම ගැන කරදර වීම නවතා සිිටින්නීය.
‘මම මහ මෝඩ විදියට ඒ කාලයේ හැසිරිලා තියෙන්නේ කියලා දැන් පේනවා.ඇයි මම අනිත් අයට වුවමනා විදිහට හැදෙන්නේ?.මගේ රැවුල අනිත් අයට කරදරයක් වුනාට මට එහෙම නැහැ.මම සීක් ධර්මයත් වැළද ගත්තා මෑතකදී.එහි නීති අනුව සිරුරේ රෝම කපන්න අවසර නැහැ.ඉතින් මට දැන් රැවුල කපන්නත් බැහැ‘ ඇය කියන්නේ සිනාමුසුවය.
තමා කළා සේ ආත්ම විශ්වාසය ඇති කරගන්නේ කෙසේදැයි පෙනුම නිසා සමාජයේ ගැරහුමට ලක්වන පුද්ගලයින්වත් දැනුම්වත් කිරීමටත් ඇය කටයුතු කරමින් සිටින්නීය.
තම පෙනුම ගැන කරදර වන සියලූදෙනාට ඇය හොද ආදර්ශයකි.
‘මම කියන්නේ තමන්ට වුවමනා විදියට ජීවත් වෙන්න.මේ කියන්නේ අනෙක් අයට කරදරයක් වෙන විදියට නොවේ.මේක ඔබගේ ජීවිතය වෙන අයගේ නොවේ‘ ඇය පවසන්නීය.
ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.
ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.
ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන
තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.
ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම
මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
රැවුල කොල්ලට ප්‍රශ්නයක් නොවේ
ගාමිණී - සිරි Tuesday, 18 February 2014 04:19 PM
අපේ ගමෙත් ඉන්නවා වයස 18 ක පමණ ලස්සන ඩෙනිම් අඳින ගැහැණු ළමයෙක්.ඒ ලමයගේත් මුහුණේ රැවුල ආවා , කට හඬත් තරමක් වෙනස් උනා. කන්නාඩිය කුත් දමලා,ඩෙනිම කුත් ඇඳලා,මොබයිල් එකත් කනේ තියාගෙන,පාරේ යනේ අගේට.කව්රුත් විහිලු නොකරන්නේ පියා චන්ඩියෙක් නිසා. (දී)
යසිත් Tuesday, 18 February 2014 04:43 PM
තමන් අවලස්සනයි කියන අයට හොද ආදර්ශයක් (දී)
සියනි Tuesday, 18 February 2014 10:02 PM
වෙනස් කල හැකිදේ සහ වෙනස් නොකළ හැකිදේ හදුනා ගත්විට යථාර්තයට මුහුණ දිය හැකිය . (දී)
ශාරුක් Wednesday, 19 February 2014 12:40 AM
අනේ පව් අසරණ ළමයා (දී)
සමන් ඩබායි Wednesday, 19 February 2014 09:30 PM
ඔබ ඔබම වන්න , (අ)
මනෝජ් Thursday, 20 February 2014 07:03 AM
එහෙම අයට විහිලු කිරීම හරිද? (අ)