රුසියාවේ නිෂ්පාදිත නවතම මගී ගුවන් යානයක් මිලදී ගැනීමට ඉන්දුනීසියා ගුවන් සේවය සූදානමින් සිටිද්දී, 50 දෙනකු රැගෙන ගුවන් ගමනක යෙදුණු එම යානය පෙරේදා (9) රාති‍්‍රයේ හිටිහැටියේ අතුරුදන් වූ අතර එහි සුන්බුන් ඊයේ (10) උදෑසන සොයා ගැනීමට සහන සේවා නිලධාරීන්ට හැකිවිණි. යානයේ ගමන් කළ සියල්ලන්ම ජීවිතක්ෂයට පත්ව ඇති බව සහන සේවා නිලධාරීහු පවසති. රුසියාවේ සුකෝයි සමාගමේ නිෂ්පාදනය කළ, ඇන්ජින් දෙකකින් යුත් එම සුඛෝපභෝගී මගී ජෙට් යානය අනතුරට පත් වූයේ අත්හදා බැලීමේ ගුවන් ගමනකට යොදා ගැනීමේදීය. ඉන්දුනීසියා ගුවන් සේවය සුකෝයි ගුවන් යානා කිහිපයක් මිලදී ගැනීමට සූදානමින් සිටින අතර ගුවන් යානයේ කි‍්‍රයාකාරිත්වය සහ එහි ගමන කෙසේදැයි සොයා බැලීමට සුකෝයි ගුවන් යානා සමාගම එම අත්හදා බැලීමේ ගුවන් ගමන සිදු කළේය. යානය අනතුරට පත්වෙද්දී රුසියා ජාතිකයෝ අට දෙනෙක් එහි සිටියහ. යානය පැදවූයේ රුසියන් ජාතිකයෙකි. එහි කාර්ය මණ්ඩලයට අයත් වූවෝ ද රුසියා ජාතිකයෝය. ඊට අමතරව සුකෝයි සමාගමේ නිලධාරීන් කීප දෙනකු ද ඇමෙරිකන් ජාතිකයකු සහ ප‍්‍රංශ ජාතිකයකුද එහි සිටි අතර සෙසු සියල්ලෝම ඉන්දුනීසියා ජාතිකයෝ වෙති. ඉන්දුනීසියාවේ ජකර්තා නුවර ගුවන්තොටුපොළින් ගුවන් ගත වී මිනිත්තු 50 කට පසු, යානය හිටිහැටියේ රේඩාර් තිරවලින් අතුරුදන් වූ බව බලධාරීහු පවසති. අතුරුදන් වෙද්දී ගුවන් යානය මීටර් 2,000 ක් ඉහළින් පියාසර කළේය. යානය කඩා වැටෙන්න ඇතැයි අනුමාන කළ සැණින් පෙරේදා රාති‍්‍රය පුරා සෝදිසි මෙහෙයුම් සිදු කෙරුණු නමුත් යානයේ සුන්බුන් කිසිවක් සොයා ගැනීමට හැකි නොවිය. ගුවන් යානය අතුරුදන් වූ සැණින් ඉන්දුනීසියා ජනාධිපති සුසිලෝ බන්බන් යුදයෝනෝ මාධ්‍ය හමුවේ කියා සිටියේ එය සෙවීමට හැකි සෑම පියවරක්ම ගන්නා බවයි. ඊයේ උදෑසන, සලාක් නමැති ගිනි කන්ද අසල චිජෙරූක් පළාතේ ගන වනාන්තරයක තිබී යානයේ සුන්බුන් හමුවුණේ ඉන්දුනීසියා ගුවන් හමුදාවටය. ඔවුන් වහා එම ස්ථානයට ගොස් සුන්බුන් පරීක්ෂා කළ බව වාර්තා විය. යානය අනතුරට පත්වූයේ කෙසේදැයි සෙවීමට මේ වනවිටත් පරීක්ෂණ ආරම්භ කර ඇතැයි වාර්තා වේ. මේ වන විට අනතුරට හේතුව අබිරහසක් බව මාධ්‍ය වාර්තා කරයි. අනතුරට හේතුව සේවීමේ පරීක්ෂණ සඳහා සුකෝයි ගුවන් යානා නිෂ්පාදන සමාගමේ පරීක්ෂකවරුන් පිරිසක් ද ඉන්දුනීසියාවට පැමිණීමට නියමිතය. යානයේ පියසැරි දත්ත පටිගත වන කළු පෙට්ටිය සොයා මේ වන විටත් පරීක්ෂණ පැවැත්වේ.
ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.
ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.
ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන
තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.
ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම
මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
රුසියන් යානයක් ඉන්දුනීසියාවේදී කඩාවැටී 50 දෙනෙක් මරුට
තරිදු Friday, 11 May 2012 05:31 PM
වෙනත් බටහිර ගුවන් යානා නිෂ්පාදන සමාගම් වල උප්පරවැට්ටියක් වෙන්නත් පුළුවන්...
ජගත් Saturday, 12 May 2012 11:24 AM
අපෝ,දැන් ගුවන් ගමන් යන්නත් බයේ බෑ
Rupasinghe Saturday, 12 May 2012 02:47 PM
මෙය ඇතැම් විට කාර්මික දෝෂයක් වෙන්න බැරි නැහැ. ඒ උනත් තරිදු මම හිතනවා ඔබ හරි කියා. මට පේන හැටියට අයිමත් සිතල යුද්ඩය ආරම්භ උනා වගේ. කලින් කළා වගේ, ඔවුන් පළමුව ගන්නේ ආර්ථිකය කඩා වැටෙන්න. දන්නවනේ එහෙ නායකයා බලයට එනවිට "හලරිලා"(අපේ රටටත් මෙයා) කී දේවල්. අද බලවත් රටවල් කරන්න තමාගේ ජනතාව ජීවත් කරන්න තවත් ජනතාවක් මරණ එකනේ, ඕක තමයි අද ලෝක දේශපාලනයේ තියෙන්නේ.
නසාර් Sunday, 13 May 2012 09:41 AM
අපෝ,දැන් පයින් ගමන් යන්නත් බෑ.