රුසියන් හමුදා යුක්රේනයේ කීව් අගනුවරට මිසයිල ප්‍රහාර එල්ල කළේය. මිසයිල ප්‍රහාර හේතුවෙන් අගනුවර ස්ථාන කීපයක ප්‍රබල පිපිරීම් සිදුවිය.
යුක්රේන මාධ්‍ය වාර්තා කළේ එම මිසයිල ප්‍රහාරවලින් යුක්රේන සිවිල් වැසියෝ අට දෙනෙකු මියගිය බවත්, 24 දෙනකු තුවාල ලැබූ බවත් ය.
රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින්ගේ අණ පරිදි, රුසියන් හමුදා යුක්රේනයට එරෙහිව හමුදාමය ක්‍රියා මාර්ගයක් අනුගමනය කළේ පසුගිය පෙබරවාරි 24 වැනිදාය. ඒ අනුව, රුසියාවත් යුක්රේනයත් අතර යුද්ධය ඇරැඹිණි.
රුසියන් යුක්රේන යුද්ධය ආරම්භ වීමෙන් පසු රුසියන් හමුදා කීව් අගනුවර මධ්‍යයට මෙලෙස රොකට් ප්‍රහාර එල්ල කළ පළමු අවස්ථාව මෙය යැයි ද පැවැසෙයි. පළමු මිසයිප ප්‍රහාරය කීව් අගනුවරට එල්ල වූයේ එරට වේලාවෙන් උදෑසන 8 ටය.
යුක්රේන ආරක්ෂක අමාත්‍යවරයා මාධ්‍ය හමුවේ කියා සිටියේ, එම ප්‍රහාරවලින් යුක්රේන වැසියන්ගේ චිත්ත ශක්තිය අඩපණ කිරීමට රුසියාවට නොහැකි වුණු බවය.
රුසියන් හමුදා යුක්රේනයේ කීව් අගනුවරට මෙසේ මිසයිල ප්‍රහාර එල්ල කළේ, රුසියාවත් යුක්රේනයේ ක්‍රිමියා අර්ධද්වීපයත් යා කරන කර්ච් පාලම බෝම්බ ප්‍රහාරයකින් හානි සිදුවී දින දෙකක් ගත වෙද්දීය. කර්ච් පාලම, යුරෝපයේ දිගම පාලම ලෙස ද සැලකෙයි.
රුසියන් හමුදා දකුණු දිග යුක්රේනයට අවි ආයුධ සහ හමුදා සොල්දාදුවන් ප්‍රවාහනය සිදුවන ප්‍රධාන සැපැයුම් මාර්ගය ලෙස සැලකෙන්නේ ද මෙම කර්ච් පාලමය.
පාලමට හානි සිදුවූයේ ට්‍රක් රියක අටවන ලද පුපුරන ද්‍රව්‍ය පුපුරා යෑමෙනි. පාලමට පහර දුන්නේ යුක්රේන හමුදාව බවත්, එය ත්‍රස්ත ක්‍රියාවක් බවත් රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් මාධ්‍ය හමුවක් පවත්වමින් චෝදනා නැගුවේය. කීව් අගනුවරට මිසයිල එල්ල වීම ආරම්භ වූයේ ඉන් අනතුරුවය.
යුක්රේනයේ ක්‍රිමියා අර්ධ ද්වීපය රුසියානු පාලනය යටතේ පවතී. රුසියන් හමුදා යුක්රේනයේ ක්‍රියාත්මක සන්නද්ධ බෙදුම්වාදීන්ගේ ද සහාය ඇතිව ක්‍රිමියා අර්ධ ද්වීපය අත්පත් කර ගත්තේ 2014 වසරේදීය.
(රොයිටර්)
ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.
ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.
ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන
තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.
ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම
මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
රුසියන් හමුදා යුක්රේනයේ කීව් අගනුවරට පහර දෙයි