X Advertisement
IMG-LOGO

2025 ජුනි මස 28 වන සෙනසුරාදා


රුසියාවේ උල්කා වැස්සෙන් තුවාල ලැබූ ගණන 1,200 ක්

‘2012 ඞීඒ 14’ නමැති ග‍්‍රහකය ඉකුත් 15 වැනිදා පෘථිවිය අසලින් ගමන් කිරීමට පැය කිහිපයකට පෙර, මධ්‍යම රුසියාවේ චිල්බින්ක්ස් නගරයට පතිත වූ උල්කා වර්ෂාවෙන් තුවාල ලැබූවන්ගේ ගණන 1,200 ඉක්මවූ බව අලූත්ම මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.
වායුගෝලයේදී පිළිස්සී නොගිය උල්කා කැබැලි හේතුවෙන් නගරයේ නිවාස සහ ගොඩනැගිලි කිහිපයකට හානි විය. නගර වැසියන්ට තුවාල සිදුවූයේ ගොඩනැගිලි සහ නිවාසවල වීදුරු කැඞී විසිවී යෑමෙනි.
ඊයේ (17) දිනය වනවිට චිල්බින්ක්ස් නගරය යළි යථා තත්ත්වයට පත් වූ බවත් නගරය පුරා විසිරී ගිය වීදුරු කැබැලි ඉවත් කිරීම සිදුවූ බවත් වාර්තා විය. 
තුවාල ලැබූවන් කිසිවකුගේ තත්ත්වය බරපතළ නොවන බව රුසියානු මාධ්‍ය වාර්තා පැවැසීය. 
උල්කා වරුසාවෙන් පෘථිවි කක්ෂයේ රැඳවූ තම චන්ද්‍රිකාවලට ද බාධා එල්ල වූ බවත් පැය කීපයකට පසු ඒවා යථා තත්ත්වයට පත් වූ බවත් රුසියානු ජනපති ව්ලැඩිමීර් පුටින් ජනතාව අමතමින් කියා සිටියේය.
මීටර් 45 ක් පළල ‘2012 ඞීඒ 14’ යනුවෙන් නම් කෙරුණු එම ග‍්‍රහකය, ගමන් කළේ පෘථිවියේ සිට කිලෝ මීටර් 27,681 ක් දුරිනි. එහි ගමන් මඟ දශමයකින් හෝ වෙනස් වූයේ නම් එය පෘථිවියේ ගැටීමට ඉඩක් ඇති බවත් විද්‍යාඥයෝ බිය පළ කළහ. ග‍්‍රහකය පෘථිවියේ නොගැටෙන බවට ඇමෙරිකාවේ නාසා ආයතනය සහතික වී තිබුණි.
‘2012 ඞීඒ 14’ ග‍්‍රහකය ශ්‍රී ලංකාවට ඉහළින් ගමන්  කළේ 16 වැනිදා අලූයම 12.56ටය.

 



අදහස් (0)

රුසියාවේ උල්කා වැස්සෙන් තුවාල ලැබූ ගණන 1,200 ක්

නන්දන Monday, 18 February 2013 12:05 PM

අනේ අසරණ කමක මහතා (දී)

:       0       0

සරත් Monday, 18 February 2013 11:41 PM

ඊළග පාර අපේ පෘතුවියට ඒවිද? (නි)

:       0       0

වරුණ Tuesday, 19 February 2013 08:44 AM

රුසියන්කාරයට කලින් දැනුම් දීලා නැද්ද.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

ජනපති ජෝ බයිඩන් විලියම්-කේට් හමුවෙයි
2022 දෙසැම්බර් මස 01 261 0

ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.


ඇෆ්ගන් පාසලක බෝම්බයක් පිපිරේ
2022 දෙසැම්බර් මස 01 140 0

ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.


කෙජ්රිවාල්ගෙන් මෝදිට අභියෝගයක්
2022 දෙසැම්බර් මස 01 1407 1

ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන


අයි.එස්. ත්‍රස්ත නායකයා මියයයි
2022 දෙසැම්බර් මස 01 3580 0

තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.


සම්බාධක මඟහරින්න රුසියාව ඉන්දියාවෙන් උදව් ඉල්ලයි
2022 නොවැම්බර් මස 30 2045 0

ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම


චීනය සමඟ පැවැති සවර්ණමය යුගය අවසන්
2022 නොවැම්බර් මස 30 2357 4

මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site