දුප්පතුන්ගේ වීරයා ලෙස සැළකෙන රොබින් හුඩ් සත්‍ය වශයෙන් ම ජීවත් වූ චරිතයක් වුව ද ඔහු ගැන දන්නා තොරතුරු නිවැරදි නොවේ යැයි බ්‍රිතාන්‍යයේ ඩොන්කැස්ටර් කෞතුකාගාරයේ කැරොලින් ඩෝල්ටන් මහත්මිය කියයි. රොබින් හුඩ් වාසය කළේ නොටිංහැම්ෂයර්හි නොව යෝක්ෂයර්හි බව ඇය තහවුරු කර ඇත.
ඇය පවසන්නේ රොබින් හුඩ් හා සම්බන්ධ සාධක ගණනාවක් යෝක්ෂයර් හා බැඳී පවතින බවයි. රොබින් හුඩ් භූමදාන කර ඇත්තේ බටහිර යෝක්ෂයර්හි කික්ලීස් හි දී බව ද ඩෝල්ටන් කියන්නීය. උතුරු ඩොන්කැස්ටර් හා පොන්ටෙෆ්‍රැක්ටර් ප්‍රදේශයෙන් රොබින්හුඩ් සම්බන්ධ වැඩිම සාධක හමුවී ඇත.
ඇයගේ ගවේෂණයට අනුව රොබින් හුඩ් හා ඔහුගේ සහචරයන් වාසය කර ඇත්තේ බටහිර යෝක්ෂයර්හි පිහිටි ඩොන්කැස්ටර් වලට උතුරින් ඇති බ්‍රාන්ස්ඩෙල් වනාන්තරයේය.
පැරණි සංචාරක සටහනක දැක්වෙන්නේ රොබින් හුඩ්ගේ සහ මැරියන්ගේ විවාහය සිදුවූයේ ඩොන්කැස්ටර් කැම්ෂයල් හි දී බවයි.
මේ සම්බන්ධ කරුණු විග්‍රහ කරන ඩෝල්ටන් මහත්මිය මෙසේ කියා ඇත.
‘‘රොබින් හුඩ් සම්බන්ධ කතාවල තිබෙන ජනප්‍රිය කතාවක් තමයි ඔහු හොරිෆෝඩ් හි බිෂොප්රයා ගසක බැඳ ධනය කොල්ල කෑ බව. ඩොන්කැස්ටර් හි පිහිටා තිබෙන ස්කෙල්බෘක් උද්‍යානයේ බිෂොප්ගේ ගස නමින් හැඳින්වෙන ගසක් තවමත් දක්නට ලැබෙනවා. මෙය බිෂොප්වරයා බැඳ තැබූ ගස වියහැකියි. “
ඇය පවසන කරුණු සනාථ කිරීමට ඉතා වැදගත් තොරතුරක් හමුවී ඇත. ඒ රොබින් හුඩ් මියගිය පසු දේහය මිහිදන් කළ බව සඳහන් ඵලකයකි. මේ ඵලකයේ සඳහන් වන්නේ 1702 දී රොබින් හුඩ් එතැන මිහිදන් කළ බවකි. එසේ වුව ද මෙතෙක් සිතා සිටියේ නොටිංහැම්ෂයර්වල දී ෂෙරීෆ් විසින් 1247 දී රොබින් හුඩ් මරාදමන ලද බවකි. එයින් පෙනී යන්නේ රොබින් හුඩ් ජීවත් වූවා යැයි පවසන ස්ථානයේ හා වර්ෂයේ පරස්පරයක් ඇති බවයි.
ඩොන්කැස්ටර් කෞතුකාගාරයේ රොබින් හුඩ් හා ඔහුගේ සම්බන්ධතා ගැන ගවේෂණාත්මක ප්‍රදර්ශනයක් මේ සතියේ ආරම්භ කැර තිබේ.
මේ ප්‍රදර්ශනයේ එක් පසෙක මධ්‍යකාලීන මෙවලම් ඇත. රොබින් හුඩ් ඩොන්කැස්ටර් හි වාසය කළ පුද්ගලයකුද නැද්ද යන කරුණ ප්‍රදර්ශනය නැරඹීමට එන අයගෙන් විමසීමට ද සංවිධායකයෝ කටයුතු කර සිටිති.
කෙසේ වෙතත් මේ ප්‍රදේශ දෙකේ සිටියේ රොබින්හුඩ්ලා දෙදෙනකු ද යන්න සම්බන්ධයෙන් ද සාකච්ඡාවට බඳුන් වී ඇත.
ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.
ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.
ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන
තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.
ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම
මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
රොබින් හුඩ්ගේ කැලේ මාරුවෙයි ?
ගාමිණී සිරිවර්දන Wednesday, 10 September 2014 09:09 AM
රොබින්හුඩ් වගේ අපේ සරදියෙල්ලා වැඩකරලා නැහැ. අධිරාජ්‍යවාදීන්ගේ නොපනත්කම් වලටත්, පන්දම්කාරයින්ටත් විරුද්ධව ,දුප්පතා වෙනුවෙන් සටන් කළ වීරයෙක්. මාවනැල්ලේ ඉදිකර ඇති සරදියෙල් ගම්මානය වගේම රොබින්හුඩ්ට එරට කෞතුකාගාරයේ ඉඩක් ලැබෙනවා නම් සරදියෙල්ටද අපේ කෞතුකාගාරයේ ඉඩක් ලැබිය යුතුයි ! (නි)
ඉන්දු මෙල්බෙර්න් Wednesday, 10 September 2014 09:19 AM
කොහොමත් ඉතින් ඔක්කොම වුණාට පස්සේ තමයි ඇත්ත තොරතුරු හෙළිවෙන්නේ.. (නි)
රූමි Wednesday, 10 September 2014 09:23 AM
එතකොට මේ නෝනා උඩට උස්සගෙන ඉන්නේ ඇල්බියන් අසිපතද ? (ස)
රජින්ද Wednesday, 10 September 2014 10:02 AM
ලිපිය කියවගෙන යද්දී ආයෙත් බලන්න හිතුනා රොබින්හුඩ් කතා මාලාව. අදම පටන් ගන්නවා බලන්න. (නි)
සමන් Wednesday, 10 September 2014 10:19 AM
මට නම් ඒක පිළිගන්න බැහැ (නි)
ඩිල්ෂාන් Wednesday, 10 September 2014 10:38 AM
මට දුක අර දිරාපත් වුණ ඇල්බියන් අසිපත දැක්කම තමා. (නි)
නවීන් Wednesday, 10 September 2014 03:05 PM
සියල්ල අනිත්‍යයයි. (අ)
ශිෆ්රාන් Thursday, 11 September 2014 03:19 AM
රෝබින් හූඩ්ට දෙන තැන අපි සරදියෙල්ට තැන දියු යුතුයි (නදී)
කිරින්ද Thursday, 11 September 2014 03:19 AM
ඉතිහාසය ගැන හොඳට දැනගෙන අනාගතයේදී ගැරහුම් නොලැබෙන විදියට වර්තමානයේ ජීවත්වෙන්න කියන එක තමා මේ වගේ කතාවල අර්ථය. (නදී)
හේවාවිතාරණ Thursday, 11 September 2014 09:43 PM
ලෝකයේ හැටි රොබින් හුඩ් කතාව වෙනස් කරලා අලුත් පොතක් ලියන්න මේ නෝනට මුද්‍රණ සමාගම් වලින් ලොකු බැකප් එකක් දෙනවා ඇති (නදී)
හේවාවිතාරණ Thursday, 11 September 2014 09:49 PM
තව ටික කලකින් සරදියෙල් වාසය කලේ පිදුරුතලාගල කන්දේ කියල අලුතෙන් පොතක් පල වෙන්න පුළුවන් මේවට කියන්නේ බිස්නස් ට්‍රික් කියලා (නදී)
මාලිනි Friday, 12 September 2014 06:06 AM
ඇල්බියන් අසිපත මෙතරම් කුඩා වුයේ කෙසේද ?