ඉන්දියාවේ කොල්කටා නුවර පෞද්ගලික රෝහලේ හටගත් ගින්නෙන් එහි ප‍්‍රතිකාර ලබමින් සිටි රෝගීන් 89 දෙනකු මියයෑමේ සිද්ධිය ගැන විශේෂ පරීක්ෂණයක් පවත්වා වරදකරුවන්ට දැඩි දඬුවම් පැමිණවීමට තමා බලාපොරොත්තු වන බව බටහිර බෙංගාල ප‍්‍රාන්ත මහ ඇමැතිනී මම්තා බෙනර්ජී පවසයි. ගින්න හටගත්තේ බටහිර බෙංගාලයේ කොල්කටා නුවර අම්රී නමැති පෞද්ගලික රෝහලේය. ගින්න හටගෙන ඇත්තේ ඉකුත් සිකුරාදා (9) අලූයම 3 ට පමණය. බිම් මහලෙන් ආරම්භ වූ ගින්න මහල් පහකින් සමන්විත රෝහල පුරා පැතිරෙද්දී එහි රෝගීහු 160 දෙනෙක් ප‍්‍රතිකාර ගනිමින් සිටියහ. ගින්න නිවා දැමීමට ගිනි නිවන භටයන් පැය කීපයක් ප‍්‍රමාද වී පැමිණීම ගැනත්, රෝහලේ නඩත්තු කටයුතු නිසි ලෙස සිදු වූයේදැයි සෙවීමටත් පරීක්ෂණ කණ්ඩායම් පත්කර ඇතැයි ද මහ ඇමැතිනී බෙනර්ජී පෙරේදා (10) පැවැති මාධ්‍ය හමුවකදී කියා සිටියාය. අම්රී රෝහලේ මීට පෙර ද ගින්නක් හටගෙන ඇතැයි මාධ්‍ය වාර්තා පවසයි. ගින්නට හේතුව රෝහල නිසි ලෙස නඩත්තු නොකිරීම යැයි ඔප්පු වුවහොත් රෝහල් බලධාරීන්ට නීති මගින් කටයුතු කරන බව ද මහ ඇමැතිනිය මාධ්‍ය හමුවේදී වැඩිදුරටත් කියා සිටියාය. ගින්න පැතිර යද්දී රෝගීන් බේරා ගැනීමට රෝහලේ කාර්ය මණ්ඩලය ඉදිරිපත් නොවූ බවට මියගිය රෝගීන්ගේ ඥාතීන් කරන ප‍්‍රකාශයක් ගැන ද තම අවධානය යොමු වී ඇතැයි මහ ඇමැතිනිය ප‍්‍රකාශ කළාය. ගින්න හටගත් අවස්ථාවේදී රෝගීන් අසල පිහිටි වෙනත් රෝහලකට රැගෙන යෑමට තමන් යුහුසුළුව කටයුතු කළ බව අම්රී රෝහල් බලධාරීහු පවසති.
ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.
ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.
ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන
තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.
ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම
මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
රෝහලේ ගින්නෙන් 89 ක් මියයෑම:වගකිවයුත්තන්ට දැඩි දඬුවම්