X Advertisement
IMG-LOGO

2025 ජුනි මස 24 වන අඟහරුවාදා


ලොවටම බලපාන න්‍යෂ්ටික තර්ජන

මේ සතියේ දකුණු කොරියාවේ සියොල් නගරයේ පැවති න්‍යෂ්ටික ආරක්‍ෂාව පිළිබඳ නායක හමුවේ දී මූලික වශයෙන් අවධානය යොමු වූයේ පොදුවේ ලෝකය මුහුණ දී ඇති න්‍යෂ්ටික අභියෝගය හෝ ජනාධිපති ඔබාමා සිය ප‍්‍රථම නිල කාලය ආරම්භ කරමින් ප‍්‍රතිඥා දුන් ආකාරයට න්‍යෂ්ටික අවි මිහිතලයෙන් තුරන් කිරීම සම්බන්ධව හෝ නොවේ. ජනාධිපති ඔබාමා නායක හමුවේදීත් ඊට සමගාමීව රාජ්‍ය නායකයන් සමඟ  පැවති ද්විපාර්ශ්වික සාකච්ඡාවලදීත් ඉරානයේ න්‍යෂ්ටික වැඩ පිළිවෙළ හා උතුරු කොරියාව සැලසුම් කර ඇති දුර දිග මිසයිල අත්හදා බැලීම ගැන දැඩි විවේචනයක් එල්ල කළේය. උතුරු කොරියාවට සාමය සොයා යෑමට ශක්තිය ඇතැයි පැවසූ ඔබාමා එසේ නොවන්නේ නම් ලෝකයේ කෝපයට මුහුණු දීමට සිදු වන බවත් එම නිසා උතුරු කොරියානු ජනතාවට අභිමානය, ගෞරවය හෝ බලාපොරොත්තුවක් නැති වනු ඇතැයි ආවධාරණය කළේය. මෙම ස්ථාවරය තහවුරු කිරීමට මෙන් ඔහු දකුණු කොරියාවට ළඟා වූ විගස උතුරු කොරියාව හා දකුණු කොරියාව වෙන් කරන යුද මුක්ත කලාපයට ගොස් දුර බලන කණ්ණාඩියකින් උතුරු කොරියානු දේශ සීමාව නිරීක්‍ෂණය කළේය. ජනාධිපති ඔබාමාගේ අදහසක් අනුව න්‍යෂ්ටික තාක්‍ෂණය හිමි රටවල් 2009 ප‍්‍රාග් නගරයට රැුස්වූ විට කතාබහ වූයේ න්‍යෂ්ටික කාල සීමාවක් ඇතුළත න්‍යෂ්ටික අවි මිහිතලයෙන් තුරන් කිරීම සඳහා සම්මුතියක් ඇති කරගැනීමය. ඉන් පසුව 2010 දී න්‍යෂ්ටික ආරක්ෂාව පිළිබඳ නායක හමුව වොෂින්ටනයේ රැස්වූ විට න්‍යෂ්ටික අවි ගැනීම සඳහා ඇති ප්ලූටෝනියම් තොග විනාශ කිරීම සඳහා එකඟතාවක් ඇති කරගැනීමට උත්සාහයක් තිබිණි. ඒ අනුව ප‍්‍රධාන න්‍යෂ්ටික බලවතුන් වන රුසියාව හා එක්සත් ජනපදය න්‍යෂ්ටික අවි 17,000ක් ගැනීමට ප‍්‍රමාණවත් වන ප්ලූටෝනියම් තොග විනාශ කිරීමට එකඟ වූහ. මෙවර සමුළුවේ ප‍්‍රකාශිත අරමුණ වූයේ 2014 වන විට ඒ ඒ රටවල් සතු න්‍යෂ්ටික අවි ප‍්‍රමාණය පවතින මට්ටමේම පවත්වා ගැනීමට එකඟතාවක් ඇති කර ගැනීමය. එහෙත් සමුළුවේ දී හා ඒ සමඟම පැවැත්වූ ද්විපාක්ෂික සාකච්ඡාවල දී මූලික මාතෘකාව වූයේ උතුරු කොරියාව සැලසුම් කර ඇති දිගු දුර මිසයිල අත්හදා බැලීම ගැනය. මෙම අත්හදා බැලීම එක්සත් ජාතීන් පනවා ඇති සම්බාධක එළිපිටම උල්ලංඝණය කිරීමක් වන නිසා ඊට සුදුසු ක‍්‍රියා මාර්ගයක් ගත යුතු බව එක්සත් ජනපද ජනාධිපති ඔබාමා යෝජනා කළ අතර දකුණු කොරියාව හා ජපානය එම මිසයිල තම ගුවන් සීමා උල්ලංඝණය කළ හොත් මිසයිල මගින් එය විනාශ කරන බවට තර්ජනය කළහ. ඇත්තෙන්ම එක්සත් ජනපදයේ තර්ජනය එල්ල වූයේ උතුරු කොරියාවට පමණක් නොවේ. එක්සත් ජනපදය ප‍්‍රමුඛ  බටහිර රටවල් උතුරු කොරියාව මත පනවා ඇති සම්බාධක නොතකා ක‍්‍රියා කරන චීනයටත් ජනාධිපති ඔබාමා අනියම් දෝෂාරෝපණයක් කළේය. ”නරක හැසිරීමට ප‍්‍රතිලාභ ලබා දීම”, ප‍්‍රකෝපකාරී කි‍්‍රයාවක් නොසලකා සිටීම” යනුවෙන් ඔහු අදහස් කළේ උතුරු කොරියාවේ හැසිරීම පාලනය කිරීමට චීනය ද එක්විය යුතුය යන්නයි. දැනට උතුරු කොරියාව කෙරේ පනවා ඇති සම්බාධකවලින් ඇති බලපෑම් අවම කිරීමට උතුරු කොරියාවට හැකිව ඇත්තේ චීනයේ සහයෝගය හා ආධාර ලැබීම නිසාය. චීනය න්‍යෂ්ටික අවි පැතිර යෑම වැළැක්වීම සඳහා එක්සත් ජනපදය සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමේ අවශ්‍යතාව පිළිගන්නා නමුත් සම්බාධක පැනවීමට හෝ වෙනත් ඍජු කි‍්‍රයා මාර්ගයකට සහාය ලබා දෙන බවක් පළ කොට නැත. අනිත් අතට උතුරු කොරියාව එක්සත් ජනපදයේ හා අසල්වැසි රටවල් වන දකුණු කොරියාවේ සහ ජපානයේ විරෝධතා නිසා දුර දිග මිසයිල අත්හදා බැලීම නතර නොකරන බව නැවතත් අවධාරණය කරයි. උතුරු කොරියාව පවසන ආකාරයට මෙම මිසයිලය යොදා ගන්නේ කාලගුණික පර්යේෂණයක් සඳහා චන්ද්‍රිකාවක් කක්‍ෂගත කිරීමටය. එහෙත් එක්සත් ජනපදයේ චෝදනාව වන්නේ එවැනි මිසයිලයක් තම රටට වුව ද ප‍්‍රහාරයක් එල්ල කිරීමට යොදාගත හැකි නිසා තම ආරක්‍ෂාවට ඇති තර්ජනයක් සේය. මෙවැනි දුර දිග මිසයිලයකට එවැනි හැකියාවක් පවතින බව සත්‍යයක් වුවත් අනෙක් රටවල් ද ආරක්‍ෂාව හෝ වෙනත් කටයුතු සඳහා චන්ද්‍රිකා කක්‍ෂගත කිරීමට යොදා ගන්නේ මෙවැනි මිසයිලය. එම නිසා මෙම චෝදනාවෙන් කියවෙන අනෙක් කාරණය වන්නේ දැනට එම කක්‍ෂයට හිමි රටවලට පමණක් එය සීමා විය යුතුය යන්නත් අනෙක් රටවල් තාක්‍ෂණය ලබා ගැනීම සඳහා එම රටවල් කෙරේ යැපිය යුතුය යන්නයි. අනෙක් අතට ලොව සුපිරි බලවතා වන එක්සත් ජනපදය සිය සුපිරි තත්ත්වය කිසි ලෙසකින් හෝ අවප‍්‍රමාණය වීමට ඉඩ දෙන්නේ නැත. සියොල් නගරයේ හැන්කුක් විශ්වවිද්‍යාලයේ සිසුන් ඇමතූ ඔබාමා සිය ආරක්‍ෂාව සඳහා අවශ්‍ය ප‍්‍රමාණයටත් වඩා න්‍යෂ්ටික අවි ඇතැයි කීවේය. තමන්ගේ ආරක්‍ෂාව සඳහා අවශ්‍ය ප‍්‍රමාණයටත් වඩා න්‍යෂ්ටික අවි ගබඩා කරගෙන සිටින එක්සත් ජනපදය එම අවි පළමුවෙන්ම යොදා නොගන්නා බවට සහතිකයක් ලබා දීමට ඉදිරිපත් වන්නේ නැත. දැනට ඉරානය සතුව න්‍යෂ්ටික අවි නැති බව එක්සත් ජනපද ඔත්තු සේවා මගින් පවා තහවුරු කර ඇති නමුත් එරටට විරුද්ධව න්‍යෂ්ටික අවි යොදා නොගන්නා බවට ප‍්‍රකාශයක් කරන්නේ ද නැත. ඒ ආකාරයටම උතුරු කොරියාව න්‍යෂ්ටික අවිවලින් තොර කලාපයක් විය යුතු යැයි ජනාධිපති ඔබාමා තර්ජනය කරන නමුත් දකුණු කොරියාව ඇතුළුව කොරියානු අර්ධද්වීපයම න්‍යෂ්ටික අවි මුක්ත කලාපයක් විය යුතුය යන උතුරු කොරියානු යෝජනාවට ප‍්‍රතිචාර දක්වන්නේ ද නැත. උතුරු කොරියාව හා ඉරානය දඩමීමා කර ගන්නා එක්සත් ජනපදය ඒවා ඉලක්ක කර ගනිමින් සිය මිලිටරි ආධිපත්‍යය පවත්වා ගැනීමට ලොව පුරාම මිසයිල ආරක්‍ෂක පද්ධතීන් ගොඩ නගමින් සිටින බව ද රහසක් නොවේ. දැනට එවැනි පද්ධතියක් පෝලන්තයේ හා රුමේනියාවේ ස්ථාපිත කර ඇති අතර තුර්කියේ එම පද්ධතියට සහාය වශයෙන් රේඩාර් මධ්‍යස්ථානයක් පිහිටුවා ඇත. එවැනිම පද්ධති දෙකක් ආසියාවේ ද පිහිටුවීමට සැලසුම් කර ඇති බව සියොල් සමුළුව පැවැත්වෙන අතරතුර එක්සත් ජනපද ආරක්‍ෂක අංශවලින් ප‍්‍රකාශ කෙරුණි. ඒ සඳහා දකුණු කොරියාව, ජපානය හා  ඕස්ටේ‍්‍රලියාව සමඟ සාකච්ඡා පැවැත්වීමට නියමිතය.  ඕස්ටේ‍්‍රලියාව පසුගිය ඔක්තෝබර් මාසයේ දී ක්වින්ස්ලන්තයේ වරායක් එක්සත් ජනපද හමුදා සඳහා ලබා දුන් අතර ඉදිරියේ දී එවැනි පහසුකම් වඩාත් පුළුල් කිරීමට සූදානම්ය. මැද පෙරදිග ගල්ෆ් සහයෝගිතා රටවල ද මෙවැනි මිසයිල ආරක්‍ෂක පද්ධති පිහිටුවීමේ සැලසුම් පවතින බව වාර්තා වේ. ලොව වටා පිහිටුවන මිසයිල ආරක්‍ෂක පද්ධති හා හමුදා කඳවුරුවල අරමුණ වන්නේ ඉරානය හා උතුරු කොරියාව වැනි වගකීමක් නැති රටවලින් එල්ල විය හැකි ප‍්‍රහාර වැළැක්වීමට යැයි එක්සත් ජනපදය අවධාරණය කළත් රුසියාව හා චීනය දකින්නේ එය තමන් කොටු කිරීමේ උත්සාහයක් ලෙසිනි. යුරෝපයේ පිහිටුවා ඇති මිසයිල ආරක්‍ෂක පද්ධතිය මෙන් එල්ල කරගත් බව පවසන රුසියාව ඊට ප‍්‍රතිචාර වශයෙන් තමන් ද ආරක්‍ෂක වැඩ පිළිවෙළක් ක‍්‍රියාත්මක කරන බව ප‍්‍රකාශ කරයි. සෝවියට් සංගමය බිඳ වැටීමෙන් පසු පහත වැටෙමින් තිබූ රුසියාවේ ආරක්‍ෂක වියදම් දැන් නැවතත් ඉහළ යමින් පවතී. සිය ආනයන හා අපනයන ගමන් මාර්ග වැටී ඇති දකුණු චීන මුහුදේ ඇමරිකානු නාවික බලය තර කිරීම චීනය දකින්නේ සිය ආර්ථිකය ගල ග‍්‍රහණයෙන් අත් කර ගැනීමේ උත්සාහයක් ලෙසිනි. දකුණු චීන මුහුදේ ස්ප‍්‍රැට්ල් දූපත්වල අයිතිය සම්බන්ධයෙන් පැන නැගී ඇති අර්බුදය ද මෙම ආරවුලේම ප‍්‍රකාශනයක් ලෙස සැලකේ. මෙවැනි පසුබිමක් තුළ සියොල් නගරයේ දී රටවල් 50ක් හා සංවිධාන හතරක සහභාගිත්වයෙන් පැවති න්‍යෂ්ටික ආරක්‍ෂාව පිළිබඳ නායක හමුව සැබැවින්ම න්‍යෂ්ටික අවිවලින් ආරක්‍ෂා වීමේ හෝ එම අවි තුරන් කිරීමේ උත්සාහයකට වඩා න්‍යෂ්ටික තාක්‍ෂණය හා ලෝක බල තුලනයේ පවතින අධිකාරිය නෙවෙනස්ව පවත්වා ගැනීමේ උත්සාහයක් ලෙස හැඳින්විය හැක. විදුලි බලය උත්පාදනය වැනි සාමකාමී කටයුතු සඳහා වුව ද න්‍යෂ්ටික බලය යොදා ගැනීමේ දී විය හැකි හානි පිළිබඳව ෂුකුෂිමා වැනි සිද්ධීන් තවමත් මතකයේ රැඳී තිබිය දී න්‍යෂ්ටික අවි තුරන් කිරීමට වඩා තම බල ආධිපත්‍යය පවත්වා ගැනීමට ප‍්‍රබල රටවල් ගන්නා උත්සාහය සැබැවින්ම ඛේදජනකය.

සටහන - මහින්ද හත්තක
දකුණු කොරියා න්‍යෂ්ටික සමුළුවේදී දකුණු කොරියානු ජනපති කතා කරමින්... ඔබාමා දකුණු කොරියාවේ හංකුක් විශ්ව විද්‍යාලයේදී ඔබාමාට උණුසුම් ප‍්‍රතිචාරයක් ෆුකුෂිමා න්‍යෂ්ටික බලාගාරය



අදහස් (0)

ලොවටම බලපාන න්‍යෂ්ටික තර්ජන

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

ජනපති ජෝ බයිඩන් විලියම්-කේට් හමුවෙයි
2022 දෙසැම්බර් මස 01 261 0

ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.


ඇෆ්ගන් පාසලක බෝම්බයක් පිපිරේ
2022 දෙසැම්බර් මස 01 140 0

ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.


කෙජ්රිවාල්ගෙන් මෝදිට අභියෝගයක්
2022 දෙසැම්බර් මස 01 1407 1

ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන


අයි.එස්. ත්‍රස්ත නායකයා මියයයි
2022 දෙසැම්බර් මස 01 3580 0

තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.


සම්බාධක මඟහරින්න රුසියාව ඉන්දියාවෙන් උදව් ඉල්ලයි
2022 නොවැම්බර් මස 30 2045 0

ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම


චීනය සමඟ පැවැති සවර්ණමය යුගය අවසන්
2022 නොවැම්බර් මස 30 2357 4

මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site