ඊ මේල්, එස්.එම්.එස්, එම්.එම්.එස් පැමිණීමේ ප්‍රතිඵලය වූයේ එදා තිබූ පෙම් පත ටිකෙන් ටික අභාවයට යාමයි. එසේ වුව ද පෙම්පතේ ඉතිහාසය වසර 450ට වඩා ඈතට දිවයන බව දකුණු කොරියාවෙන් ලැබුණු සාධක අනුව තහවුරු වී ඇත.
කොරියාවේ අන්ඩොන්ග් නගරයේ කළ කැණීමක දී හමුවූ මමියක් සමග තිබී මේ පෙම්පත හමුවී ඇත. 1568 දී එය ලියා ඇත්තේ පැරණි ලතින් බසිනි. මමිය නිවැරදිව හදුනා ගැනීමට ද මේ ලිපිය ඉවහල්වී ඇත. කොරියාවේ ගොසෙයොන්ග් යී ගෝත්‍රයේ ඉයුන් ටෝ නමැති පුද්ගලයා මමියක් බවට පත්ව නූතන පුරාවිද්‍යාඥයන්ට හමුවී ඇති බවට පෙම්පත මනා සාක්ෂියකි.
මේ ලිපිය ලියා ඇත්තේ ඔහුගේ බිරිඳ විසිනි. ඇය ඔහු අමතන්නේ 'වෝන්ගේ පියා' යනුවෙනි. මමිය අසළ තිබී තවත් ලිපි 12 ක් සොයාගෙන ඇත.
ඒ ලිපි අතරින් වඩාත් සංවේදී වන්නේ පෙම් හසුනයි. ඇයට ඔහු නොමැතිව ජීවත්විය නොහැකි බවත් ඔහු යන තැනකට තමා ද රැගෙන යන ලෙසත් එම ලිපියේ ලියා ඇත. මේ ලිපි අතර තිබී කාන්තාවකගේ හිසකෙස් කිහිපයක්, තවත් කඩදාසි විශේෂයකින් ඔතන ලද මල්ලක් ද හමුවී ඇත. මල්ල විවිර කළ විට දක්නට ලැබුණේ කාන්තා හිසකෙස් වලින් ගොතා නිම කරන ලද පාවහන් යුගලකි. පර්යේෂකයන් පවසන්නේ ලිපිය ලියූ බිරිද තම හිසකෙස් වලින් පාවහන් ගොතා තම සැමියාට එවා ඇති බවයි.
ඒ කෙසේ වුව ද විසදුම් නැති ගැටළුවක් ඉතිරිව තිබේ. මේ මිනිසා තම බිරිද එවූ ලිපි හා පාවහන් යුවළ සහිත මල්ල පපුවට තුරුළුකැරගෙන මියගියේ කෙසේ ද ? මියගිය ඔහු මමියක් බවට පත්කළා ද නැතිනම් ස්වභාවික සාධක හේතුවෙන් මමියක් බවට පත්වූවා ද ? ඒ ගැටළු වලට පර්යේෂකයන්ට විසදුම් නැත.
ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.
ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.
ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන
තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.
ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම
මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
ලොව පැරණිම පෙම්පත සොයාගැනේ
සංජු Thursday, 05 December 2013 06:08 PM
සමහර විට අපිට පමණක් නෙමේ ඔහුගේ පෙම්වතියටත් ගැටළුවක් වෙලා තියන්නේ ඇති ඔහුට කුමක් ඌවාද කියා ? .(නදී)
සදුනි Thursday, 05 December 2013 06:44 PM
පළමු ලිපිය නම් කොරියන් අකුරෙන් ලියූ බවයි මට නම් පෙනෙන්නේ. (නි)
රුවන් Thursday, 05 December 2013 07:28 PM
මෙම ලිපිය ලියා ඇත්තේ කොරියන් භාෂාවෙන්. කරුණාකර එය නිවැරදි කරන්න. .(නදී)
සමදරා Thursday, 05 December 2013 07:38 PM
මා ලග තියෙනවා පෙම්පත් 4500ක් විතර පෙම්වතුන් 450 කගේ. කොහොමද ටිකිරි මොලේ.(නදී)
ප්‍රේමවතී Thursday, 05 December 2013 08:29 PM
පෙම් රජ දහනේ....(නදී)
පාලි Thursday, 05 December 2013 09:46 PM
මම එවපු ලියුමත් ඔයා ළඟ තාමත් තියෙනවාද සමදරා? (නි)
මධු Friday, 06 December 2013 12:56 AM
මට මගේ පළවෙනි පෙම්වතා මතක් වුණා! (නි)
මංගල Friday, 06 December 2013 01:39 AM
සමදරා, බැරිද මාව 451 වැනියා කරගන්න. (නි)
රන්ජි Friday, 06 December 2013 07:44 AM
මම කියන්නෙත් උඩ ඇති ලිපියේ කොරියන් අකුරු තියෙන්නේ (නි)
හසී Friday, 06 December 2013 11:05 AM
මේක ලියලා තියෙන්නේ කොරියන් වලින් තමයි. ඒත් නිවුස් එකේ තියෙන්නේ ලතින් භාෂාවෙන් කියලා. ලතින් අකුරු වලින් කියලා නෑ. ලතින් භාෂාවත් පාලි භාෂාව වගේ. නිශ්චිත අකුරු නෑ. ඕනෑම අකුරු වර්ගයකින් ලියන්න පුළුවන්. ඉංග්‍රීසියෙන් උනත්. (ස)
සිරිබිරිස් Friday, 06 December 2013 06:51 PM
දෙයියෝ සාක්කි! මේක පෙම් හසුනක්. අපේ අයියලා -අක්කලා ඒකටත් භාෂාව දානවා. වාර්තාවට දොස් කියනවා. ප්‍රේමය මාගේ ආහාරයයි. ලියමුද සෙනෙහ කොළයක්...? (නි)
ඉෂාර Saturday, 07 December 2013 10:49 AM
සමදරා මහත්මිය, ඔබතුමිය ගුරුතුමියක්ද? මට නිකං එහෙම හිතුනා. (නදී)
අරුණ Saturday, 07 December 2013 11:02 AM
ම දන්නා සිය කෙනෙක් ae දවසවල් අච්චිගේ ගෙදරින් තුබුන අරෝවට ලියුම් දීල තියෙන්නේ තැඹිලි ගෙඩියේ ඇල්පෙනෙත්තෙන් ලියලා. කොහොමද සිය්යගේ ටිකිරි මොලේ නමසිය බර ගණන් වල (අ)