සාගර පත්ලට යටින් ඇති සුවිසල් මිරිදිය තැන්පතුවක් සොයාගත් බව ඕස්ට්‍රේලියාවේ විද්‍යාඥයන් පිරිසක් කියති. ඔවුන් පවසන්නේ එය අනාගත ජල ගැටළුවට ඇති හොඳම විසඳුම වන බවයි. ඔස්ට්‍රේලියාව, චීනය, උතුරු ඇමෙරිකාව හා දකුණු අප්‍රිකාව යන කලාපවලට අයත් සාගර පත්ලේ මහද්වීප තටකවලට යටින් ඝන කිලෝමීටර 500,000ක් මිරිදිය තිබෙන බව ද ඔවුන් පවසයි.
ඕස්ට්‍රේලියාවේ ෆ්ලින්ඩර්ස් විශ්වවිද්‍යාලයේ වින්සන්ට් පෝස්ට් මේ පර්යේෂණයේ මූළිකයාය. හෙතෙම පවසන්නේ වර්ෂ 1900 සිට මේ දක්වා පොළොව මතුපිට හා ඒ ආසන්න අභ්‍යන්තරයේ තිබී මිනිසා විසින් පරිභෝජනය කළ සමස්ථ ජල ප්‍රමාණය මෙන් සිය ගුණයකටත් වඩා වැඩි බව පර්යේෂකයෝ කියති.
පොස්ට් පවසන්නේ පෘථිවිය සතුව ඇති මිරිදිය ප්‍රමාණය අඩුවෙමින් තිබෙන බැවින් මෙලෙස මිරිදිය සංචිතයක් සොයා ගැනීමට හැකිවීම මිනිස් වර්ගයා ලැබූ දැවැන්ත ජයග්‍රහණයක් බවයි. එය අනාගතයේ පෘථිවියේ ඇතිවන නියඟයන්ට හා ජල හිඟයන්ට පිළියම් යෙදීමට හේතුවක් වන බව ද ඔහු පෙන්වාදෙයි.
එක්සත් ජාතීන්ගේ ජල සම්පත් ඇස්තමේන්තුවට අනුව ලෝක ජනගහනයෙන් සියයට 40කට වැඩි පිරිසක් ජලය හිඟ ප්‍රදේශවල ජීවත් වෙති. 2030 වනවිට ලෝක ජනගහනයෙන් සියයට 47කට වැඩි පිරිසක් උග්‍ර ජල හිඟයකට මුහුණ පා සිටිති.
තෙල් හා ගෑස් ගවේෂණය සඳහා සාගර පත්ල විද කරන ලද අධ්‍යයනයකදී මේ සොයා ගැනීම සිදුකැර ඇත. සාගර පත්ලට යටින් ඇති පිරිසිදු ජලය ඉතා කලාතුරකින් හමුවන බව සිතා සිටිය ද එය විශේෂ තැන්වලට සීමා වූවක් නොව බොහෝ දුරට පැතිරී ඇති දැවැන්ත ජල කඳක් බව ද අධ්‍යනයේදී පෙනීගොස් තිබේ.
වසර සිය දහස් ගණනක් ඈත කාලයක සිට මේ මිරිදිය මුහුදු පත්ලේ තැන්පත්ව තිබේ. එකළ මුහුදු මට්ටම අදට වඩා පහත්ව තිබී ඇති බවත් ගොඩබිම දැනට වඩා විවෘතව තිබුණු බවත් පර්යේෂකයෝ කියති. දැන් මුහුදුවලට යටවී ඇති බොහෝ ප්‍රදේශ එකළ ගොඩබිම් ලෙස තිබී ඇත. එකළ පොළොවට වැටුණු වර්ෂා ජලය අභ්‍යන්තරයේ ඇති ජලාශ බවට පත්වීම හේතුවෙන් මේ මිරිදිය නිධිය සෑදී ඇතැයි විද්‍යාඥයෝ විශ්වාස කරති.
පොස්ට් පවසන්නේ අනාගත පරිභෝජනය සඳහා මුහුදේ ලුණු ඉවත්කර ජලය පවිත්‍රකරනවාට වඩා අඩු වියදමික් මේ ජල නිධිය ප්‍රයෝජනයට ගත හැකි බවයි. නමුත් එක් අභියෝගයක් ඉතිරිව තිබේ. නල ළිං සාදා ජලය ඇද ගැනිමට ගන්නා උත්සාහයේ දී ජල නිධිය දූෂණය නොවීමට වගබලා ගත යුතුය.
ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.
ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.
ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන
තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.
ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම
මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
ලෝක ජල ප්‍රශ්නයට විසඳුම් ලැබෙයි
ෂේන් Sunday, 29 December 2013 02:20 AM
දැන් කළේ ලෝකේ ලොකු ලොක්කෝ ජල ප්‍රශ්න වලට විසදුම් හොයල ලොවට දෙනවා. ඉස්සර අපේ රටේ අය තමන්ගේ වතුවල කානු කපල නඩත්තු කලා. මේ මගින් වැහි වතුර පොලවට උරාගන්නා අතරම පස හෝදගෙන යන එක නතර උනා. ගමේ ඇල දොළ කවදාවත් වේලුනේ නැහැ. මේ නිසා ගොවිතැන් වගේම ගංගා වලත් වතුර ප්‍රමාණවත් ලෙස තිබුනා. අදත් මෙය ක්‍රියාවට නැගුවොත් හොද ප්‍රතිපල ගන්න පුළුවන්. ලංකාදීප කතුවරුනි ඔබලාට පුළුවන් නම් මේ වගේ දේවල් රටේ නොනවත්වා ප්‍රචලිත කරන්න එය රටට ලොකු සේවයක් (අ)
රෝයි Sunday, 29 December 2013 09:13 AM
එතකොට අපේ මුහුදු පතුලෙන් යට ඔය කියන වතුර නැහැ. එයාලගෙන් මිලදී ගන්න කියල නේද කියන්නේ.(අ)
ලක්ෂමන් ජයවර්ධන Sunday, 29 December 2013 03:58 PM
මට හිතෙන්නේ තෙල් නිධි හොයනවා වගේ ජල නිධිත් හොයන්න වේවි. ලෝක සංග්‍රාමයකට මුල පිරීමක්.(නදී)