X Advertisement
IMG-LOGO

2025 ජුලි මස 18 වන සිකුරාදා


වටපනුවාට වැට බැඳ නොබෙල් ත්‍යාගය දිනති

වෛද්‍ය විද්‍යාව සඳහාවන නොබෙල් ත්‍යාගය මෙවර වටපනු පරපෝෂිත ආබාධයක් හා මැලේරියා රෝගය මර්දනය කිරීමේ කර්තව්‍යයට උරදුන් පර්යේෂකයන් පිරිසකට හිමිවී ඇත.

වටපනු පරපෝෂිතයා විසින් ඇතිකරන ආබාධ තත්ත්වයක් වැළැක්වීමේ නව ඖෂධය සොයාගත් විලියම් සී. කෑම්ප්බෙල් සහ සතොෂි ඔමුරා යන දෙදෙනා නොබෙල් ත්‍යාගයට සුදුසුකම් ලැබූහ.

මැලේරියා රෝගය මර්ධනය කිරීමට ප්‍රතිකාරයක් හඳුන්වාදුන් යුයූ ටූ මහත්මිය නොබෙල් ත්‍යාගයට හිමිකම් කියන අනෙක් තැනැත්තියයි.

නොබෙල් කමිටුව ප්‍රකාශ කර ඇත්තේ මෙකී රෝග වලින් පීඩාවිදි දසලක්ෂ සංඛ්‍යාත මිනිසුන්ගේ ජීවිතවල වෙනසක් ඇති කිරීමට මෙම සොයා ගැනීම් මහෝපකාරි වි ඇති බවයි.

මදුරුවන්ගෙන් බෝවෙන රෝගයක් වන මැලේරියාව හේතුවෙන් ලෝකය පුරා වසරකට මිනිසුන් 450,000 ක් පමණ මියයන අතර තවත් බිලියන ගණනාවකට මෙම රෝගය ආසාදනයට ලක්වෙති.

මෑතකදී බීජින් වෛද්‍ය විශ්ව විද්‍යාලයෙන් ආචාර්ය උපාධිය ලබාගත් චීන ජාතික මහාචාර්ය යුයු ටූ මහත්මිය සොයාගත් ආර්ටෙමිසිනින් නැමැති ඖෂධය මැලේරියා පරිපෝෂිතයා මර්දනය විශාල පිටිවහලක් වී ඇත

එමගින් වසරකට අප්‍රිකාවේ පමණක් ජීවිත 100,000 ක් පමණ ආරක්ෂාවන බව සෞඛ්‍ය අංශ පෙන්වාදෙයි. ඇය වෛද්‍ය විද්‍යාව සම්බන්ධ නොබෙල් ත්‍යාගය දිනු 13 වැනි කාන්තාවයි.

නොබෙල් ත්‍යාගය හිමිවූ අනෙක් විද්‍යාඥයින් දෙදෙනා වන්නේ ජපාන ක්ෂුද්‍ර ජීව විද්‍යාඥයකුවූ සටොෂි ඔමුරා සහ අයර්ලන්තයේ උපත ලබා දැනට ඇමරිකාවේ සේවය කරණ විලියම් සි. කැම්බේල් ය. මෙම දෙදෙනා දැනට ලෝකයෙන් තුරන් කිරීමේ අවසන් අදියරේ පවතින වටපනු රෝගයන් ඇතිවන අන්ධභාවය සහ වසා වාහිනි බරවා යන රෝග  මර්ධනයට අයිවර්මෙක්ටින් නැමැති ඖෂධය සොයා ගැනීමට සමත්වූහ. ලොව දිළිඳු රටවල ජනතාව මේ රෝගවලින් වැඩිම පීඩාවට පත්වෙති.

Nobel prize 1 Nobel prize 2 Nobel prize 3



අදහස් (0)

වටපනුවාට වැට බැඳ නොබෙල් ත්‍යාගය දිනති

බුද්ධික Thursday, 08 October 2015 05:05 AM

ඔබලා මිහිපිට දෙවිවරු (බ)

:       0       0

අමල් පෙරේරා Thursday, 08 October 2015 07:47 AM

ඔබලා මිහිපිට දෙවිවරු. (ර)

:       0       0

සපුමල් Thursday, 08 October 2015 11:36 AM

ඇත්තටම දෙවිවරු .......(ම)

:       0       0

බණ්ඩාර Thursday, 08 October 2015 01:13 PM

වියපත් වු බුධිමතුන් ,ලොව හිත සුව පිණිස කොතරම් සේවය කර ඇද්ද චිරන් ජයතු !!!(හේ)

:       0       0

කින් බෙනට් Thursday, 08 October 2015 05:55 PM

ඔවු ඔබලා දෙවිවරු ... (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

ජනපති ජෝ බයිඩන් විලියම්-කේට් හමුවෙයි
2022 දෙසැම්බර් මස 01 261 0

ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.


ඇෆ්ගන් පාසලක බෝම්බයක් පිපිරේ
2022 දෙසැම්බර් මස 01 140 0

ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.


කෙජ්රිවාල්ගෙන් මෝදිට අභියෝගයක්
2022 දෙසැම්බර් මස 01 1407 1

ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන


අයි.එස්. ත්‍රස්ත නායකයා මියයයි
2022 දෙසැම්බර් මස 01 3580 0

තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.


සම්බාධක මඟහරින්න රුසියාව ඉන්දියාවෙන් උදව් ඉල්ලයි
2022 නොවැම්බර් මස 30 2045 0

ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම


චීනය සමඟ පැවැති සවර්ණමය යුගය අවසන්
2022 නොවැම්බර් මස 30 2357 4

මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site