ලොව වයස්ගතම පුද්ගලයා වීමේ කිරුළ හිමිකරගැනීමට වයස අවුරුදු 127 ක් වන මෙක්සිකෝ ජාතික කාන්තාවක් සමත්ව ඇත්තීය.
ලියේන්ඩ්‍රා බෙසේරා ලූම්බ්‍රෙරාස් නම් වන ඇය ජීවත්වන්නේ මෙක්සිකෝවේ සැපෝපැන් නගරයේය.
වසර 40 කට පෙර වෙනත් නිවෙසක පදිංචියට යාමේදී ඇයගේ උප්පැන්න සහතිකය අස්ථාන ගතවී ඇතැයි සඳහන්ය. එසේ වුවත් ඇය ඉපිද ඇත්තේ 1887 අගෝස්තු මස 31 වැනිදා, එනම් අදින් වසර 127 කට පෙරාතුව බව හෙළි කර ගැනීමට මෙක්සිකෝ බළධාරීන් සමත්ව ඇත.
සියවසකට වැඩි තම ජීවිත කාලය කාලය පුරාවට ලෝකයේ සිදුවූ ඛේදනීය මෙන්ම ස්වර්ණමය සිදුවීම් රාශියකට ඇය සාක්ෂි දරන්නීය.
දෙවන ලෝක යුද්ධය ඇරඹෙද්දී ඇයගේ වයස අවුරුදු 27 කි. බ්‍රිතාන්‍යයේ කිරුළ දරන දෙවැනි එළිසබෙත් රුජිණ ඔටුනු පළදිද්දී ඇයගේ වයස අවුරුදු 66 කි. මිනිසා සඳ මත පළමු පා සටහන තබද්දී ඇයගේ වයස අවුරුදු 82 කි.
වයස අවුරුදු 127 ක් වුවද පවසන දෙය තේරුම් ගැනීමට, සාමාන්‍ය පුද්ගලයෙකු මෙන් කතාබහ කිරීමට ඇයට හොඳට හැකිය. ඇයගේ මතකයටද කිසිදු හානියක් සිදුවී නොමැත.
මෙතරම් කාලයක් ජීවත්වීමේ රහස් හෙළි කරනා ඇය පවසන්නේ හොඳට කෑම, හොඳට නිදා ගැනීම, දරුවන් හැදුවද විවාහ නොවීම දිගු දිවියක් තමන්ට ලබාදීමට මුල්වී ඇති බවයි.
ඇය දරුවන් පස් දෙනෙකු හදාවඩා තිබෙන අතර ඔවුන් පස් දෙනාම දැන් සිටින්නේ මියගොස්ය. අවසානයට මියගොස් ඇති දරුවා 2013 වසරේ මිහිදන් කර තිබෙන අතර මියයන විට ඔහුගේ වයස අවුරුදු 90 ක් බව සඳහන්ය.
ලියෙන්ඩ්‍රා අද දිනයේ ජීවත්වන්නේ තම මුණුබුරු මිණිබිරියන් සමගය. ඒ මුණුබුරු මිණිබිරියන්ගේ දරුවන්ද, එම දරුවන්ගේ දරුවන්ද දැකීමට තරම් ඇය වාසනාවන්ත වී ඇත.
ඇයගේ උප්පැන්න සහතිකය නැවත සකස් කර දීමට මෙක්සිකෝ බළධාරීන් කටයුතු කරමින් සිටින අතර එය සම්පූර්ණවූ සැනෙන් ලියෙන්ඩ්‍රා එදා මෙදා තුර ලොව වාර්තාවූ වයස්ගතම පුද්ගලයා ලෙස වාර්තා පොත් වලට එක්වනු ඇත.
දැනට ලොව වයස්ගතම පුද්ගලයා වීමේ වාර්තාවට හිමිකම් කියන්නේද කාන්තාවකි. ජපාන ජාතිකයෙක් වන ඇය නමින් මියාඕ ඔකිනාවාය. ඇයගේ වයස අවුරුදු 115 කි.
ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.
ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.
ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන
තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.
ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම
මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
වයස්ගතම කත මෙක්සිකෝවෙන්
ගංගා Tuesday, 02 September 2014 10:41 AM
ඔබට දීර්ඝායුෂ වේවා! (නි)