වයස්ගත වීමේ දී ජනන ශක්තිය අහිමි වූ කාන්තාවන්ගේ ආඝාතය වැළදීමට ඇති අවදානම ඉදුනු කෙසෙල් අනුභවයෙන් පහළ දැමිය හැකි යැයි අධ්‍යනයක් මගින් පෙන්වා දී තිබේ.
එම පර්යේෂණයෙන් පෙන්වාදෙන්නේ පොටෑසියම් අධික ආහාර මගින් මෙම රෝගි තත්වය හතරෙන් එකක් දක්වා අඩු කර ගතහැකි බවයි.
වයස අවුරුදු 50 සිට 79 දක්වා වු කාන්තාවන් 90,137 ක් මේ පර්යේෂණය සඳහා වසර 11 ක කාලයක් තිස්සේ සහභාගී කරගෙන ඇත.
මෙම අධ්‍යනය සහභාගිවුවන් ආරම්භයේදි ආඝාත තත්වයෙන් මිදි සිට ඇති අතර ඔවුන්ගේ සාමාන්‍ය පොටෑසියම් අනුභවය දිනකට මිලි ග්රූම් 2611 ක් විය.
කාන්තාවකට දිනකට පොටෑසියම් මිලිග්රූම් 3510 ක් හෝ ඊට වැඩි ප්‍රමාණයක් ආහාරට එක්කර ගතයුතු බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශයයි. මෙම අධ්‍යනයට සහභාගිවුවන් ගෙන් සියයට 16.6 ක් පමණක් මෙම ප්‍රමාණය ලබාගෙන හෝ ඊට වැඩි ප්‍රමාණයක් පොටෑසියම් සහිත ආහාර තම දෛනික ආහාරවේලට එක්කැරගෙන තිබිණි.
මෙම අධ්‍යනයේ ප්‍රතිළුල ඇමරිකානු හෘද සංවිධානයේ ජර්නලයේ සඳහන් කර ඇත්තේ ආහාර මගින් පොටෑසියම් ශරීරයට එක් කර ගන්නා ආකාරයයි. එම පර්යේෂකයන් පවසන්නේ මධ්‍යම ප්‍රමාණයේ කෙසෙල් ගෙඩියක පොටෑසියම් මිලි ග්රෑම් 430 ක් අඩංගුව පවතී.
මේ පර්යේෂණයෙන් පෙන්වාදෙන්නේ පොටෑසියම් බහුල ලෙස ආහාරට එක් කර ගත් කාන්තාවන් ගේ අකල් මරණ ප්‍රමාණය පොටෑසියම් ආහාරයට එක් කර නොගත් අයට වඩා සියයට දහයකින් අඩුවු බවයි.
අධ්‍යනයේ ප්‍රධානි නිව්යෝර්ක්හි ඇල්බර්ට් අයින්ස්ටන් වෛද්‍ය විද්‍යාලයේ සිල්වියා වොසර්තෙල් ස්මෝලර් පවසන්නේ අපේ සොයා ගැනීම් මගින් කාන්තාවන් වැඩි වශයෙන් පොටෑසියම් අධික ආහාර අනුභවය අවශ්‍ය බවයි. ක්ෂණික ආහාර වල පොටෑසියම් අඩංගු නැත. අර්තාපල්, බතල, කෙසෙල් සහ කොළ පැහැති බෝංචි යන ආහාරවල පොටෑසියම් බහුලව ඇත.
මේ නිසා කෙසෙල් ආහාරයට එක්කැර ගැනීමෙන් වයස්ගත වීමත් සමග ජනන ශක්තිය අහිමි වූ කාන්තාවන්ට ආඝාතය වළක්වා ගත හැකි බව පර්යේෂකයෝ පෙන්වාදෙති.
ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.
ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.
ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන
තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.
ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම
මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
වයස්ගත කතුන්ට කෙසෙල් පිහිටට එයි
ගාමිණී- සිරිවර්දන Monday, 08 September 2014 12:56 PM
කෙසෙල් ගෙඩියේ ගුණාත්මක භාවය ප්‍රචලිත උනොත් කෙසෙල් ගොවියාට හොඳ සහනයක් ! ඇඹුල්,ආනමාලු,සීනි කෙසෙල් තුට්ටුවට වෙළෙන්දා ගන්නේ ළඟටම ගෙනිහින් දීලා. ඇම්බුන් කිලෝව 45/=රත් කෙසෙල්,කෝලිකුට්ටු 80/=යි. ඒ උනාට විකුණන මිල නම් අඩුවක් නැහැ (නදී)
රොකි Monday, 08 September 2014 02:56 PM
අපේ වෙළඳපොලේ තියන ජරා බෙහෙත් ගහපු කෙහෙල් ගෙඩි දිනපතා ගිල්ලොත් වැඩි දවස් යන්න ඉස්සෙල්ල වලකජ්ජ ගහන්න වෙයි! (අ)
සුගුනවති Monday, 08 September 2014 07:27 PM
අපිට නම් හමුවෙන්නේ බෙහෙත් ගැසූ දකුණු ඇමරිකාවෙන් ගෙනෙන කෙසෙල් තමයි.ඇඹුල්, කෝලිකුට්ටු, ආනමාලු කන්න තියා දකින්නත් ආසයි (නි)
ජානක Tuesday, 09 September 2014 02:34 AM
වයසට ගියාම කියලා නැහැ කෙසෙල් ගෙඩි හොඳ පළතුරක් (නදී)
නාලක Tuesday, 09 September 2014 12:18 PM
මේක නම් හොඳ ආරංචියක් (නි)
ගාල්ලගේ Tuesday, 09 September 2014 12:22 PM
බොහොම හොඳ ප්‍රවෘත්තියක් (නි)
ප්‍රියා Tuesday, 09 September 2014 02:39 PM
ගොඩක් හොඳ කතාවක් (නි)
මොහාන් වර්ණකුලසූරිය ප්‍රනාන්දු Tuesday, 09 September 2014 03:17 PM
මේ බව දැනගෙන වෙන්න ඇති අර කොම්පැනියක් ලංකාවේ පටන් ගත්තේ. (ස)
මහින්ද Tuesday, 09 September 2014 04:03 PM
කෙසෙල් තව ගණන් යන එක දැන්නම් ෂුවර්..... (නි)
මදුර ගුනරත්න. Tuesday, 09 September 2014 08:11 PM
මාත් අද තමා ඔච්චර දෙයක් දන්නෙ. ස්තූතියි ! (ස)
ස්වර්ණමාලි Friday, 10 October 2014 12:27 PM
කෙසෙල් හොඳ පළතුරක් බව අසා තිබුනත් අද තමයි මෙච්චර හොඳ දෙයක් බව දැනගත්තේ (නදී)