X Advertisement
IMG-LOGO

2025 මැයි මස 07 වන බදාදා


වසර 40 කට පසු පිපිරෙන ගිනි කන්ද

ලොව විශාලතම සක්‍රීය ගිනි කන්ද ලෙස සැලකෙන හවායි දූපතේ පිහිටි ‘මෝනා ලෝආ’ ගිනි කන්ද (යමහල) වසර 40 කට පමණ පසු පුපුරා යෑමට පටන්ගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

හවායි දූපත් යනු ඇමෙරිකාවට අයත් ජනපදයකි. හවායි දූපත් බොහොමයක ගිනි කඳු දකින්න ලැබේ. ‘මෝනා ලෝආ’ ගිනි කන්ද ඇත්තේ ‘බිග් අයිලන්ඩ්’ යනුවෙන් හැඳින්වෙන හවායි දූපතේ, යමහල් ජාතික උද්‍යානයේය.

මීටර් 4,169 උස ‘මෝනා ලෝආ’ ගිනි කන්ද, වර්ග කිලෝ මීටර් 5,179 ක් පුරා විසිරී පවතී. ගිනි කන්ද පුපුරා යෑමට පටන් ගත්තේ පසුගිය ඉරිදා (27) රාත්‍රී 11.30 ට පමණය.

ඊයේ (28) වනවිටත් ලාවා දකින්න ලැබුණේ ගිනි කන්ද මුදුණේ, ගිනි කඳු කුහරය අවට පමණි. ගිනි කන්ද අවට පහළ සහ ගිනි කන්ද අසල නගරවල ප්‍රදේශවල ලක්ෂ දෙකකට වැඩි පිරිසක් ජීවත් වෙති.

ගිනි කන්ද පුපුරා යෑමට පටන්ගෙන ඇති බව ඔවුන්ට දැනුම් දීමට හවායි බලධාරීන් කටයුතු කර ඇත. ඉදිරි දිනවලදී ගිනි කන්ද තවත් සක්‍රීය වීමට ඉඩ ඇති බව හෝ එය එසේ නොවීමට ඉඩ ඇති බව ගිනි කදු පිළිබඳ අධ්‍යයනය කරන යමහල් විද්‍යාඥයෝ පැහැදිලි කරති.

ඇමෙරිකානු භූ විද්‍යාඥයන් පෙන්වා දෙන ආකාරයට, 1843 වසරේ දී ‘මෝනා ලෝආ’ ගිනි කන්ද 33 වරක් පුපුරා ගියේය. අවසන් වරට ‘මෝනා ලෝආ’ පුපුරා ගියේ 1984 වසරේදීය. එම පිපිරුමෙන් නිකුත් වුණු ලාවා සැතපුම් පහක් ඈතින් හිලෝ නගරයට ද ගමන් කළේය. ‘හිලෝ’ යනු ‘බිග් අයිලන්ඩ්’ දූපතේ ජනගහනය වැඩිම නගරයයි.

‘මෝනා ලෝආ’ ට වඩා විශාල ගිනි කඳු ලෝකයේ දකින්න ලැබේ. එහෙමත්, යමහල් විද්‍යාඥයන් පෙන්වා දෙන ආකාරයට, ලොව සක්‍රීය ගිනි කඳුවලින් විශාලතම ගිනි කන්ද ‘මෝනා ලෝආ’ ය. ‘මෝනා ලෝආ’ ගිනි කන්දට වඩා විශාල ගිනි කඳු සියල්ල ඇත්තේ නිද්‍රාශීලීවය. එයින් අදහස් වෙන්නේ එම ගිනිකදු වසර ගණනාවකින් සක්‍රීය වී පුපුරා ගොස් නැති බවය. එසේත් නැතිනම් ඒවා ආයේ යළි කිසිදිනෙක පුපුරා නොවන බවය.

‘බිග් අයිලන්ඩ්’ දූපතේ තවත් විශාල ගිනි කන්දක් ද ඇත. ඒ, ‘මෝනා කීයා’ ගිනි කන්දය. කන්දක් සේ සැලකුවොත් ‘මෝනා කීයා’ යනු ලොන විශාතම කන්දය. මෙම කන්දේ පාදම ඇත්තේ අඩි 20,0000 ක් මූදු පතුලේය.

(රොයිටර්)



අදහස් (0)

වසර 40 කට පසු පිපිරෙන ගිනි කන්ද

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

ජනපති ජෝ බයිඩන් විලියම්-කේට් හමුවෙයි
2022 දෙසැම්බර් මස 01 261 0

ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.


ඇෆ්ගන් පාසලක බෝම්බයක් පිපිරේ
2022 දෙසැම්බර් මස 01 140 0

ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.


කෙජ්රිවාල්ගෙන් මෝදිට අභියෝගයක්
2022 දෙසැම්බර් මස 01 1407 1

ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන


අයි.එස්. ත්‍රස්ත නායකයා මියයයි
2022 දෙසැම්බර් මස 01 3580 0

තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.


සම්බාධක මඟහරින්න රුසියාව ඉන්දියාවෙන් උදව් ඉල්ලයි
2022 නොවැම්බර් මස 30 2045 0

ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම


චීනය සමඟ පැවැති සවර්ණමය යුගය අවසන්
2022 නොවැම්බර් මස 30 2357 4

මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site