X Advertisement
IMG-LOGO

2025 ජුලි මස 27 වන ඉරිදා


වැලි කතරේ ගිය කතට ඇඳිවත පමණයි

සෞදි අරාබියේ නිවසක  වසර දෙකහමාරක පමණ කාලයක් ගෘහ සේවිකාවක ලෙස රැකියාව කරමින් බොහෝ පිඩාවට පත් ශ්‍රී ලාංකික කතක් අවම තරමින් ටොපියක් හෝ නොමැතිව මේ වනවිටත් ගුවන් මගින් ශ්‍රී ලංකාවට යමින් සිටින බව වාර්තාවේ .

මෙසේ දැඩි පීඩනයකට පත්වී මව්බිම බලා  පැමිණෙමින් සිටින්නේ ගම්පොළ සෞදි අරාබියේ නිවසක රැකියාවකට පැමිණි සිව් දරු මවකි. ඇය පවසන්නේ පැමිණි දින සිට අනේක දුක් ගැහට විඳිමින් එම නිවසෙහි දිනකට පැය දොළහක්  පමණ කාලයක් බැල මෙහෙවර කම් කළද  නිවසෙහි සාමාජිකයින් සුපිරි ආහාර පාන අනුභව කළත් තමාට ඉතිරිවෙන රොටි කැබැල්ලක් පමණක් දෙන බවත් ඇය කියන්නීය. දවසින් වැඩි කාලයක් නිරාහාරව සිටීමට සිදුවන බවත් කාන්තාවකට අවශ්‍ය සබන් ෂැම්පු හෝ කිසිදු දෙයක් නොලැබෙන බවත් අසනීපයක් වූ විටද අනුකම්පාවකින් තොරව වැඩ කිරීමට බල කරන බවත් ඇය සඳහන් කළාය.

මේ පිලිබදව විදෙස් කාර්යාංශයට කිහිපවරක් පැමිණිලි කළද පලක් නොවූ බව පවසන මෙම කාන්තාව පවසන්නේ වසර දෙකහමාරකට පසු  එනම් සඳුදා රාත්‍රී (1) හදිසියේ ගුවන් තොටුපොළට  රැගෙනවිත් අබුඩාබි හරහා ලංකාවට යන ලෙස පවසා මුදාහළ බවයි. අඩුම වශයෙන් තම දරුවන් හට ටොපියක් පවා ගැනීමට වෙළඳ සලකට රැගෙන නොගිය බවද තමා මවුබිමට යන්නේ වසර දෙක හමාරකට පෙර ලංකාවෙන් රැඟෙන ආ තම ඇදුම ඇඳගෙන බවද  පවසන්නේ ඇය කඳුළු වගුරවමිනි.

සඳුදා අලුයම 4. 20 ට දමාම් සිට මවුබිම බලා පැමිණෙමින් සිටීන ඇය මෙම ලිපිය ලියන මොහොතේත්  අබුඩාබි ගුවන් තොටුපොළේ රාත්‍රී 7.55 ලංකාවට ගොඩ බසින ගුවන්යානය පැමිණෙන තෙක් ගතකරිමට සිදුවෙන බවද කීවාය.

 



අදහස් (0)

වැලි කතරේ ගිය කතට ඇඳිවත පමණයි

සෙනරත් Tuesday, 02 August 2016 10:45 AM

කෝ මේ විදේශ සේවා එක ? අපේ සල්ලි මංකොල්ල කන්න විතරද මෙයාල ගුවන්තොටුපළට වෙලා ඉන්නේ ? මෙහෙම අහිංසකයෙකුටවත් උදව්වක් නැතිනම්කේ ඕක වහල දමන්න තියෙන්නේ (බ)

:       0       0

කුමාර් (ගල්ෆ්) Tuesday, 02 August 2016 11:37 AM

දහදිය හිදෙන්න ඉස්සෙලා වේතනය ගෙවන්න කියලා තමා පොතේනම් තියෙන්නේ. (ම)

:       0       0

රුවන් Tuesday, 02 August 2016 12:36 PM

විදේශ සේවා එක කියන්නේ පිස්සො ඉන්න තෑනක් (බ)

:       0       0

නිමල් ලාලිත Tuesday, 02 August 2016 12:42 PM

මෙවැනි අවස්ථා වලදී සේවකයා විදේශ ගත කළ ඒජන්සිකරු සියලු අලාබහයන් ගෙවිය යුතු බවට නීති සකස් කළහොත් පමණක් මෙවැනි අකටයුතු නවතීවි. නමුත් නීති හදන එතුමන් ඒජන්සි කරුවනට ආදරය නිසා එවැනි නීති සකසන්නේ නැත. (බ)

:       0       0

අතුල - සෞදි අරාබිය. Tuesday, 02 August 2016 12:55 PM

මේ පිළිබද විදේශ අමාත්යාංශයෙන් ප්‍රශ්න කර අගතියට පත් පාර්ශවයට සුදුසු වන්දියක් ලබා දීමට කටයුතු කළ යුතුය. තවද අහිංසක ජීවිත සමග සෙල්ලම් කරන නිලධාරින්ට/නිලධාරිනීන්ට එරෙහිව කටයුතු කළ යුතුය (බ)

:       0       0

පිටබැද්දර ජයා Tuesday, 02 August 2016 01:04 PM

අපි මොනතරම් ආඩම්බර ජාතියක් වෙලා හිටියද ? කොන්ද පණ නැති පිරිමි නිසාත් ලැබෙන දේ අරපිරිමැස්මෙන් ජිවත් වෙන්න නොදන්නා කම නිසාත් අහස උසට සිහින මාලිගා තනන නිසාත් අපේ අපේ මවුවරු සහෝදරියන් කී දාහක් මෙවන් විපත් වලට පත් වුනාද ? කී දෙනක් ජීවිතෙන් වන්දි ගෙවුවද ? එහෙත් අපි තාමත් පාඩමක් ඉගෙන ගත්තද ? (බ)

:       0       0

ශ්‍රියානි Tuesday, 02 August 2016 03:19 PM

ඇය විදේශ සේවා රක්ෂණ හිමිකාරියක් නම් ඇයට වන්දියක් හිමිවිය යුතුයි.එයාල ඉන්නේ විදේශ ගතවෙන අයගෙන් හිතු හිතු විදියට මුදල් අයකරගන්න විතරද ?(අ)

:       0       0

සිසිල් Tuesday, 02 August 2016 11:44 PM

අපොයි දෙවියනේ මේ මොන අපරාධයක්ද? (නි)

:       0       0

ප්‍රියාන් Wednesday, 03 August 2016 07:32 AM

කෝ මේ රන්ජන් ,එයා විරුද්ධ පක්ෂේ ඉන්නකොට මේවට කැගැහුව වගේ ඇහුන ඒදවස්වල . දැන් රජු වුනහම ඔක්කොම අමතක වෙලාද? (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

ජනපති ජෝ බයිඩන් විලියම්-කේට් හමුවෙයි
2022 දෙසැම්බර් මස 01 261 0

ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.


ඇෆ්ගන් පාසලක බෝම්බයක් පිපිරේ
2022 දෙසැම්බර් මස 01 140 0

ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.


කෙජ්රිවාල්ගෙන් මෝදිට අභියෝගයක්
2022 දෙසැම්බර් මස 01 1407 1

ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන


අයි.එස්. ත්‍රස්ත නායකයා මියයයි
2022 දෙසැම්බර් මස 01 3580 0

තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.


සම්බාධක මඟහරින්න රුසියාව ඉන්දියාවෙන් උදව් ඉල්ලයි
2022 නොවැම්බර් මස 30 2045 0

ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම


චීනය සමඟ පැවැති සවර්ණමය යුගය අවසන්
2022 නොවැම්බර් මස 30 2357 4

මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site