X Advertisement
IMG-LOGO

2025 ජුනි මස 29 වන ඉරිදා


වැසිකිලි නැතත් ජංගම දුරකථන ඇත

කෝටි 700 ක් ( රුපියල් ) වන ලෝක ජනගහනයෙන් කෝටි 600 යකටම ජංගම දුරකථන පැවැතියද වැසිකිළි ඇතුළු සනීපාරක්ෂක පහසුකම් සපයා ගැනීමට හැකියාව තිබෙන්නේ කෝටී 450 ක්  බව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ දියත් නවතම සමීක්ෂණයකින් හෙළිව තිබේ.

මේ සමීක්ෂණය දියත් කැර ඇත්තේ 2015 වසර වන විට ලෝකවාසී සියලූ දෙනාට සතුටුදායක මට්ටමේසනීපාරක්ෂක පහසුකම් ඇති කරනු පිණිස ලෝකයේ රටවල් දැනුම්වත් කිරීමේ අරමුණින් එක්සත් ජාතීන්ගේ සංවිධානය ගෙනයන වැඩපිළිවෙලක පියවරක් හැටියටය.දැනට තත්ත්වය මෙසේ නම් අරමුණ සපුරා ගැනීමට 2075 වසර පමණ වන තෙක් බලා සිටීමට සිදුවනු ඇතැයි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නියෝජ්‍ය ලේකම් ජෙනරල් ජෑන් එලියසන් පවසයි.මේ සමික්ෂණයෙන් ලෝකයේ ඇතැම් රටවල් වල රටවැසියන් අතර ධනය බෙදා යෑමේ විෂමතාවය හොදින් පෙන්වා දෙන බවද හෙතෙම කියයි.

ලෝක වාසීන්ගේ ජීවන තත්ත්වය හා සනීපාරක්ෂාව ඉහළ නැංවීමට මේ වැඩපිළිවෙලින් එක්සත් ජාතීන්ගේ සංවිධානය බලාපොරොත්තු වේ.නිසි වැසිකිළි නොමැති කමින් එළිමහනේ මල පහ හා මුත්‍රා කිරීමට පුරුදුව සිටිනා පුද්ගලයින් නිසා වසංගත රෝගී තත්ත්වයන් ඇතිවීමේ අවදානමද මෙහිදී සැළැකිල්ලට ගැනේ.ඇතැම් රටවල පාචනය වැනි රෝග වසංගත තත්ත්වයෙන් පැතිර යෑමට හේතුව මෙසේ එළිමහනේ මළපහ කිරීම බවද හෙළිව තිබේ.එක්සත් ජාතීන්ගේ වාර්තා වලට අනුව පාචනයට ගොදුරුව මියයන කුඩා දරුවන්ගේ සංඛ්‍යාව පමණක් වාර්ෂිකව 750,000 ඉක්මවයි.එළිමහනේ මළපහ කරන්නන් සිටින රටවල් අතුරින් ඉදිරියෙන්ම සිටින්නේ ඉන්දියාව වන අතර ඊට පසුපසින් චීනය,නේපාලය,පාකිස්ථානය,සුඩානය වැනි රටවල් සිටින බව එක්සත් ජාතීන් ඉදිරිපත් කරනා වාර්තාවල සදහන් වේ.

ඉතා අඩු මුදලකට මිලදී ගත හැකි වීමත්,සේවා ගාස්තු සාපේක්ෂව පහළ යාමත් ලෝකයේ මෙසේ ජංගම දුරකථන භාවිතය ඉහළ යෑමට හේතු වී ඇතැයි පවසන ජෑන් එලියසන් මිනිසුන් ජංගම දුරකථනයක් මිලදී ගැනීම හා සමාන වුවමනාවක් තමන්ගේ සනීපාරක්ෂාව වෙනුවෙන් නොදැක්වීම කණගාටුවට කරුණක් බව කියයි.



අදහස් (0)

වැසිකිලි නැතත් ජංගම දුරකථන ඇත

ලසන්ත Sunday, 24 March 2013 05:07 PM

වැසිකිලි තියෙන ඉන්දියානුවත් කැමති එලියට වැසිකිලි යන්න. ඒක ඒ මිනිසුන්ගේ හැටියක්.(නදී)

:       0       0

දීපාල් Sunday, 24 March 2013 06:56 PM

අපිට බන කියන ඉන්දියාවේ තත්වය ඕක තමයි. හැමෝටම උපාධි. වැඩක් නැහැ.(නදී)

:       0       0

ගාමිණී Sunday, 24 March 2013 08:34 PM

ඉන්දියවේ වුණත් දඹදිව වන්දනා කරන්න ගියහම දුර්ගන්ධය හැමතැනම. (නි)

:       0       0

හේරත් Sunday, 24 March 2013 10:46 PM

වැරැද්දක් නැහැ අනේ. ගද සුවද දෙක තමයි ගැටළුව. (නි)

:       0       0

වරුණ Monday, 25 March 2013 07:53 AM

පානදුරෙන් ‍කෝච්චියට නැග්ගහම දෙහිවල හරියට එනකල්ම සමහරු ජංගම දුරකතන කණේ ගහගෙන වැසිකිළි ලෙස පාවිච්චි කරන අයුරු අපි දකිනවා. බලන්න මල්ලියේ, මේ රටේ ඇතිවෙලා තියෙන පෙරළිය. (නි)

:       0       0

අජිත් කරුණාරත්න Monday, 25 March 2013 08:54 AM

දැන් ජංගම දුරකතන පාවිච්චි නොකරන්නේ වැසිකිළි ක්‍රියාවට විතරයිනේ. (නි)

:       0       0

ඉර්ෆාන් ධර්මා Monday, 25 March 2013 10:10 AM

ලෝක ජනගහනයේ තරමටම වැසිකිලි ඕනේ නැහැනේ, එක පවුලක පස්දෙනෙක් හිටියත් එක වසිකිලියයි ඕන වෙන්නේ, නමුත් ජංගම දුරකථන එහෙම පොදුවේ පාවිච්චි කරන්නේ නැහැනේ, ඉතින් එහෙම බැලුවම මෙම සංඛ්‍යා ලේඛණ ගැන පුදුම වෙන්න දෙයක් නෙමෙයි, (ස)

:       0       0

වන්නි Monday, 25 March 2013 01:32 PM

මට හිනා යනවා අයියෝ (දී)

:       0       0

දමිත් Monday, 25 March 2013 02:31 PM

ජංගම දුරකථන කියන්නෙත් එක්තරා වැසිකිලියක් තමයි (ස)

:       0       0

ජීවක Monday, 25 March 2013 11:15 PM

මෙතන කියන්නේ වැසිකිළි ඇතුළු සනීපාරක්ෂක පහසුකම් සපයා ගැනීමට හැකියාව තිබෙන්නේ කෝටී 450 කට කියලා මිසක් වැසිකිළි කෝටි 450 ක් කියලා නෙවෙයිනේ. (නි)

:       0       0

දිනේෂ් Wednesday, 27 March 2013 01:32 PM

ඉන්දියාව එළිමහනේ මළපහ කරන්නන් සිටින රටවල් අතුරින් ඉදිරියෙන්ම සිටින රට බව ජිනීව වලදිත් පෙන්නුවනේ.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

ජනපති ජෝ බයිඩන් විලියම්-කේට් හමුවෙයි
2022 දෙසැම්බර් මස 01 261 0

ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.


ඇෆ්ගන් පාසලක බෝම්බයක් පිපිරේ
2022 දෙසැම්බර් මස 01 140 0

ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.


කෙජ්රිවාල්ගෙන් මෝදිට අභියෝගයක්
2022 දෙසැම්බර් මස 01 1407 1

ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන


අයි.එස්. ත්‍රස්ත නායකයා මියයයි
2022 දෙසැම්බර් මස 01 3580 0

තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.


සම්බාධක මඟහරින්න රුසියාව ඉන්දියාවෙන් උදව් ඉල්ලයි
2022 නොවැම්බර් මස 30 2045 0

ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම


චීනය සමඟ පැවැති සවර්ණමය යුගය අවසන්
2022 නොවැම්බර් මස 30 2357 4

මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site