ඇමෙරිකානු යුද සහ රාජ්‍ය රහස් ලොවට හෙළි කළ විකිලීක්ස් වෙබ් අඩවි සංස්කාරක ඕස්ටේ්රලියානු ජාතික ජුලියන් ඇසෙන්ජ්ට දේශපාලන රැකවරණ දීමට එක්වදෝරය කැමැත්ත පළ කිරීම නිසා එරටට සම්බාධක පැනවිය යුතු යැයි ඇමෙරිකාවේ රිපබ්ලිකන් පක්ෂය පවසයි. ඇසෙන්ජ් සම්බන්ධයෙන් එක්වදෝරයට සම්බාධක පනවා දඬුවම් කළ යුතු යැයි පවසන්නේ ඇමෙරිකාවේ ප්‍රතිවාදී රිපබ්ලිකන් පක්ෂයේ මන්තී‍්‍රවරුන් පිරිසකි. ඔවුන් ජනාධිපති බැරැක් ඔබාමාගේ රජයට දොස් පවරමින් කියා ඇත්තේ ඇසෙන්ජ් සම්බන්ධයෙන් ලිහිල් ප්‍රතිපත්තියක් අනුගමනය කරන බවය. ඇමෙරිකාවේ උදහසට ලක්ව සිටින ඇසෙන්ජ්, ස්වීඩනයට බාරදීමට බි්රතාන්ය රජය සූදානමින් වෙයි. ඇසෙන්ජ් ලන්ඩන් නුවර එක්වදෝර තානාපති කාර්යාලයට ගොස් එක්වදෝරයේ දේශපාලන රැකවරණ ඉල්ලා සිටියේ එහෙයිනි. ඔහු එක්වදෝර තානාපති කාර්යාලයෙන් පිටතට පැමිණියහොත් අත්අඩංගුවට ගැනීමට ලන්ඩන් පොලිසිය සීරුවෙන් සිටී. ඇසෙන්ජ් ස්වීඩනයට බාරදීමට බි්රතාන්ය රජය සූදානම් වන්නේ ස්වීඩන අධිකරණයක් ඇසෙන්ජ් ඉල්ලා සිටීම නිසාය. ඇසෙන්ජ් ස්වීඩනයේ සිටිද්දී කාන්තාවන් දෙදෙනක අපහරණයට ලක් කළේ යැයි චෝදනා එල්ල වී ඇති අතර ඒ සම්බන්ධයෙන් ස්වීඩනයේ නඩු විභාගයක් පැවැත්වෙයි.
ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.
ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.
ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන
තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.
ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම
මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
විකිලීක්ස් සංස්කාරකට රැකවරණ දුන්නොත් එක්වදෝරයට සම්බාධක පැනවිය යුතුයි
තරුෂ Sunday, 26 August 2012 07:52 PM
මේක මාර වැඩක් නේ. ඇමරිකන් අධිරාජ්‍යයට අන්තර්ජාලය හරහා සැබෑවටම අභියෝග කල මාධ්‍ය සිංහයෙකුට අන්තර්ජාල පුවත් පතේ ප්‍රතිචාරවත් නැහැ. මේක වෙන්න පුලුවන් දෙයක්ද? (නි)
රාජා අබේගුණවර්ධන Sunday, 26 August 2012 11:03 PM
එංගලන්තේ රැකවරණය ලබන කොටි මිනීමරුවන් ලංකාවට බාර දෙන්න කිව්වොත් දෙනවද ? (ත)
ඩඩ් Monday, 27 August 2012 09:28 AM
ඇමරිකාව කොච්චර නම් පහත්ද? (නි)