ගර්භනී සමයේදි විටමින් ඩී සහිත ආහාර වැඩිපුර ලබාගන්නා මව්වරුන්ගේ දරුවන් ශක්තිමත් බව නවතම පර්යේෂණයකින් හෙළි අනාවරණය වී ඇත. බ්‍රිතාන්‍යයේ සදන්පටන් විශ්වවිද්‍යාලයේ පර්යේෂකයෝ පිරිසක් මෙම පර්යේෂණය කළහ.
මෙම පර්යේෂණයට බ්‍රිතාන්‍ය මව්වරු හා දරුවෝ 700ක් යොදාගනු ලැබූහ. හිරුගෙන් ලැබෙන විටමින් ඩී ඔවුන්ගේ ලේවල ඇතැයි හෙළි වී ඇත.
පර්යේෂණයට සහභාගී වූ විද්‍යාඥයන් පවසා සිටියේ ගර්භාෂයේදි දරුවන්ගේ මාංශ පේෂී වර්ධනයට විටමින් ඩී ඉවහල් වන බවයි. එමඟින් පසුකාලීනව එම දරුවන්ට ක්‍රියාශීලීව වැඩ කිරීමට හැකියාව ලැඛෙන බවත් එම විද්‍යාඥයෝ පවසා සිටිති.
එමෙන්ම තරුණ වියේදි ශක්තිමත් මාංශ පේෂී ඇති පුද්ගලයන් මහලූ වියේදි රෝගාබාධ වලට ගොදුරුවීමේ හැකියාව අවම බවත් කැඩුම් බිඳුම් වලට ගොදුරු වීම අවම බවත් මෙම පර්යේෂණයෙන් අනාවරණය වී ඇත.එසේම තරුණ වියේදි ශක්තිමත් මංශ පේෂී ඇති පුද්ගලයන්ට දියවැඩියා රෝගයට ගොදුරු වීමේ අවදානම අඩු බවද මෙම පර්යේෂණයේදී අනාවරණය වී ඇත.
මෙම පර්යේෂණයට සම්බන්ධ වූ පර්යේෂකයන් කියනුයේ තෙල් සහිත මාළු ආහාරයට ගැනීමෙන් විටමින් ඩී ලබා ගත හැකි බව බවයි.ඔවුන් තවදුරටත් පවසා සිටියේ හිරු කිරණට විවර වීමෙන් වැඩිපුර විටමින් ඩී ලබාගත හැකි බවයි.
එසේම තවත් පර්යේෂණයකින් හෙළි වී ඇත්තේ ගර්භ‚ සමයේදි විටමින් ඩී අඩුවෙන් ලැඛෙන මව්වරුන් දාව බිහිවන දරුවන් දුර්වල අස්ථීන් සහිතව බිහිවන බවයි.
මෙම පර්යේෂණයට සම්බන්ධ වූ විද්‍යාඥයන් අවධාරණය කර සිටියේ කිරි දෙන මව්වරුන් සහ ගර්භණී මව්වරුන් දිනපතා විටමින් ඩී මයික්රෝග්රෑම් දහයක ප්‍රමාණයක්වත් ලබාගත යුතු බවයි.
(ඩේලිමේල් ඇසුරෙනි)
ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.
ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.
ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන
තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.
ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම
මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
විටමින් ඩී ශක්තියේ රහසයි
සත්‍යයා Tuesday, 07 January 2014 03:38 AM
අයියෝ ඕක වේලපහින් දැනගෙන හිටියනම් අපේ කට්ටියට හොන්ඩර ගනනින් දෙනවනේ.(නදී)
නිමල් Tuesday, 07 January 2014 10:31 AM
අපේ වැඩිහිටියෝ දැනගෙන හිටියා ගර්භනී සමයේදි ගන්න ඕන අහාර ගැන. නමුත් අද කාලේ ළමයි පරණ දේවල් අමතක කරලා බටහිර පන්නයටනේ හැම දෙයක්ම කරන්නේ. අමුතුවෙන් විටමින් අවශ්‍ය වෙන්නේ නැහැ. අපේ සිංහල විදිහට ආහාර ගන්නවා නම්.(නදී)