X Advertisement
IMG-LOGO

2025 ජුලි මස 19 වන සෙනසුරාදා


විශ්ව රූ රැජිණ හබයට කොළොම්බියා ජනපතිගේ අප්‍රසාදය

මෙවර විශ්ව රූ රැජිණ මිස් කොළොම්බියා කිරුළ හිමිකරගත් යුවතිය ලෙස තමන් තවමත් විශ්වාස කරන බව කොළොම්බියාවේ ජනපති ජුවාන් මැනුවෙල් සැන්තෝස් පවසයි.

අවසන් මහා තරගයේදී විශ්ව රූ රැජිණ කිරුළ කොළොම්බියාවට හිමිවූ බව නිවේදකයා වැරදීමකින් පැවසීමෙන් පසු ඇයට ඔටුන්න පළඳවනු ලැබූ අතර පසුව නිවේදකයා ඒ බව වැරදීමකින් සිදුවූවක් බවත් නියම ජයග්‍රාහිකාව පිලිපීන තරුණිය බවත් සඳහන් කිරීමෙන් පසු ඇයට කිරුළ ලබාදීමට සංවිධායක මණ්ඩලය තීරණය කළේය.

කොළොම්බියාව නියෝජනය කළ අරියාද්නා ගුෂාරිස්ට විශ්ව රූ රැජිණ කිරුළ හිමිවී එසැණින් එය අහිමිවීමෙන් තමා දැඩි කම්පනයට පත්වූ බවත් ජනපති කියයි. නමුත් තමන් තවමත් විශ්වාස කරන්නේ කිරුළේ හිමිකාරිය ඇය බවයි යනුවෙන්ද ජනපතිවරයා එරට ගුවන්විදුලියකට ප්‍රකාශයක් කරමින් සඳහන් කර ඇත.

තමාට අනුව ඇය තවමත් විශ්ව රූ රැජිණ බවත් ඔවුන් ඇයට හිමි ඔටුන්න පැළඳූ අතර ඒ සමග ඡායාරූප ගත් බවත් ඒවා ඊට සාක්කි සපයන බවත් ජනපති සැන්තෝස් පවසයි.

නිවේදකයා තම වරද නිවැරදි කරමින් විශ්ව රූ රැජිණ කිරුළ පිලිපීනයේ පියා අලොන්සෝ වුර්ස්බැච්ට ලබාදුන් නමුත් කොළොම්බියාවේ රූ රැජිණ විශිෂ්ට පෙනුමක් ඇත්තියක බවත්, නිවේදකයා එය වැරදීමකින් සඳහන් කළ බව පැවසීමෙන් තමන් දැඩි දොම්නසට පත්වූ බවත් කොළොම්බියා ජනපති පවසයි. ගිය වසරේ විශ්ව රූ රැජිණ කිරුළ හිමිකරගත්තේද කොළොම්බියාවයි.  2014 වසරේ එම කිරුළ දිනූ පවුලිනා වේගාගේ ජයග්‍රහණය පොදුවේ රටවැසියන් සමග සැමරීමට ද ජනපති සැන්ටෝස් එක්විය.



අදහස් (0)

විශ්ව රූ රැජිණ හබයට කොළොම්බියා ජනපතිගේ අප්‍රසාදය

දිසා Wednesday, 23 December 2015 09:36 PM

ඔය නිවේදකයා ලංකාවෙද. මොකද මෙහෙ අයටත් ජනාධිපති තුමාගේ නම කියන කොට පැටලෙනවා. (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

ජනපති ජෝ බයිඩන් විලියම්-කේට් හමුවෙයි
2022 දෙසැම්බර් මස 01 261 0

ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.


ඇෆ්ගන් පාසලක බෝම්බයක් පිපිරේ
2022 දෙසැම්බර් මස 01 140 0

ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.


කෙජ්රිවාල්ගෙන් මෝදිට අභියෝගයක්
2022 දෙසැම්බර් මස 01 1407 1

ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන


අයි.එස්. ත්‍රස්ත නායකයා මියයයි
2022 දෙසැම්බර් මස 01 3580 0

තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.


සම්බාධක මඟහරින්න රුසියාව ඉන්දියාවෙන් උදව් ඉල්ලයි
2022 නොවැම්බර් මස 30 2045 0

ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම


චීනය සමඟ පැවැති සවර්ණමය යුගය අවසන්
2022 නොවැම්බර් මස 30 2357 4

මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site