X Advertisement
IMG-LOGO

2025 ජුලි මස 13 වන ඉරිදා


විස ඊතලෙන් ඇත්රජා බේරාගනී

දඩයම්කරුවෙකුගේ විස ඊතල පහරකට ගොදුරුව ඉතා අසාධ්‍ය තත්ත්වයේ සිටි ඇතෙකු බේරා ගැනීමට කෙන්යාවේ ට්ස්වෝ ජාතික වනෝද්‍යානයේ පශු වෛද්‍ය කණ්ඩායමක් සමත්වූහ.

පාදයට වැදුණු ඊතල පහර ඇතිව ඇතා ඉතා අසාධ්‍ය තත්ත්වයේ සිටි අතර තමන් නිසි වේලාවට එහි ළගා නොවුයේ නම් ඇතා නියත වශයෙන්ම මිය යෑමට ඉඩ තිබුණු බව වෛද්‍ය පිරිස පවසන්නෝය.

විස පෙවූ ඊතල කෙන්යා ඇතුන් දඩයම්කරුවන්ගේ නවතම උපාය වී තිබෙන අතර ඔවුන්ගේ ඉලක්ක වලට බොහෝ විට හසුවන්නේ විසල් දළ යුගලක් ඇති ඇතුන් හා ඇතින්නියන්ය.

නමුත් දැන් ඔවුන් වයසින් බාල ඇතුන් පවා දඩයම් කිරීමට පෙළඹී සිටී.විස යොදා මැරීම වඩා පහසු හෙයින් ඔවුන් ඇතුන් දිය බීමට පැමිණෙන දිය වළවල් වලට සයනයිඩ් වැනි විස ද්‍රව්‍යයන් මිශ්‍ර කරන බවද අනාවරණයව තිබේ.

ඇත් දළ වලට ලොව ඉහළ ඉල්ලූමක් පැවතීම කේන්යාවේ ඇත් දඩයම දිනෙන් දින ඉහළ යෑමට හේතුවයි.මේ ඉහළ ඉල්ලූම නිසා  එරට සිටින ඇතුන් ලක්ෂ 5 ක ප්‍රමාණයෙන් වසරකට 35000 ක පමණ සතුන් පිරිසක් දඩයම්කරුවන්ගේ ගොදුරු බවට පත්වේ.

ඇත් දළ වලින් නොයෙකුත් විසිතුරු භාණ්ඩ ආදිය තැනීම ලොව ඇතැම් රටවල සිදුකෙරෙන අතර ඒවා අලෙවි වන්නේ ඉතා ඉහළ මිල ගණන් වලටය.මේ නිසාම ඇත් දළ රාත්තලකට පවුම් 1500 ක් පමණ දඩයම්කරුවන්ට ලැඛෙන අතර මේ අනුව වැඩුණු ඇතෙකු සාමාන්‍යයෙන් සතු වන රාත්තල් 250 ක් පමණ බරැති දළ යුවළකින් දඩයම්කරුවෝ පවුම් ලක්ෂ 4 ක් වැනි මුදලක් උපයා ගනිති.

කෙන්යා වනජීවී විශේෂඥයින් පවසන ආකාරයට ඇතුන් දඩයම් කිරීම මර්දනය කිරීම ඉතා අපහසුව ඇත්තේ මේ හේතුව නිසාමය.

ඔවුන්ට අනුව ඇත් දඩයම මැඩ පැවැත්වීමටනම් දඩයම්කරුවන්ට දඩුවම් පැමිණවීමට අමතරව පුහු ආටෝපයන් පස්සේ දුවන මිනිසුන්ගේ ආකල්පයන්ද වෙනස් විය යුතුව ඇත.



අදහස් (0)

විස ඊතලෙන් ඇත්රජා බේරාගනී

ගාමිණී සිරිවර්දන Tuesday, 07 October 2014 12:33 PM

කෙන්යාවේ දඩයක්කාරයෝ ඇතුන් දඩයම කරන්නේ මහා සවුත්තු අන්දමට. අපේ ඇත්තෝ හොර තුවක්කුවකින් වෙඩි තිබ්බත් විෂ හෝ විෂ කැවූ ඊතල නම් පාවිච්චි කරන්නෙම නැහැ (නදී)

:       0       0

සිල්වා Tuesday, 07 October 2014 02:05 PM

මේ ගැන හඩක් නැඟිය හැක්කේ සියලුම රටවල් එකට එකතු වීමෙන් පමණයි. මිලදීගන්නන් පිළිබඳව නීතිමය ක්‍රියාමාර්ග ගන්න. මේ සඳහා ලෝක සත්ව සංවිධාන සම්පුර්ණ දැනුවත් කිරීමක් අවශ්‍යයි. විශේෂයෙන් අප්‍රිකානු රටවල් සහ ආසියානු රටවල් මේ ගැන විමසිලිමත් වෙන්න. (නි)

:       0       0

තිලක් Tuesday, 07 October 2014 02:46 PM

ගාමිණි සිරිවර්ධන, අපේ අය විෂ ඊතල පාවිච්චි කරන්නේ නැතුව හක්කපටස් තියලා, කෘමිනාශක දීලා බොහොම අහිංසක විදියට තමයි අලි මරන්නේ. (නි)

:       0       0

රූපවතී Tuesday, 07 October 2014 04:57 PM

මේ වටිනා සතුන් ටික ලොවෙන් සමුගත්දාට දැනේවී... තම දරු මුණුපුරෙකුටව ආසාවටවත් දැකගන්න අලියෙක් නොමැති වූදාට, තමන් කළ වරදේ විපාක තේරේවි. හොඳක් නම් වෙන්න එපා. ලොව කොහේ රටක කළත් ඒක නම් පරම්පරා ගානකට පටිසන් දෙනවා (නි)

:       0       0

චමිල Wednesday, 08 October 2014 01:55 PM

ලෝකයේ සියලුම රටවල් එක්වී මෙම සත්ව කොට්ඨාශය රැකගැනීමට වහාම ක්‍රියාත්මක විය යුතුය. විශේෂයෙන් අප්‍රිකානු අලින්ට අපල කාලයක් දැන් උදාවී ඇත. මම කෙන්යාවේ වනෝද්‍යාන වල සංචාරය කර තිබෙන අතර එහිදී සංචාර අතරතුර මඟපෙන්වන්නන් මාර්ගයෙන් මම ඇත් දළ මිලදී ගැනීමේ මුවාවෙන් ඔවුන් සමග මිත්‍ර වී දළ වලින් සාදන ලද භාණ්ඩ දැකගතිමි. ඔවුන්ට ප්‍රබල පුද්ගලින්ගේ ආධාර අනුබල උපරිම ලැබෙන බවද දැනගතිමි. එමනිසා මෙය මැඩපැවැත්වීමට අපහසුයි. (නි)

:       0       0

යොහාන්‍ Thursday, 09 October 2014 07:22 AM

මේ නැතිවෙන්නේ රටේ සම්පත නේද? (නි)

:       0       0

රොකී Friday, 10 October 2014 10:28 AM

අනේ මෙහෙම ආශාවක්. අනේ මෙහෙම තණ්හාවක් මිනිසුනි ලැබේද ඉන් සැනසීමක්. (නදී)

:       0       0

පිටිගල Saturday, 11 October 2014 11:40 AM

ඇත් රජාට ඉක්මන් සුවය ලැබේවා.(හේ)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

ජනපති ජෝ බයිඩන් විලියම්-කේට් හමුවෙයි
2022 දෙසැම්බර් මස 01 261 0

ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.


ඇෆ්ගන් පාසලක බෝම්බයක් පිපිරේ
2022 දෙසැම්බර් මස 01 140 0

ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.


කෙජ්රිවාල්ගෙන් මෝදිට අභියෝගයක්
2022 දෙසැම්බර් මස 01 1407 1

ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන


අයි.එස්. ත්‍රස්ත නායකයා මියයයි
2022 දෙසැම්බර් මස 01 3580 0

තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.


සම්බාධක මඟහරින්න රුසියාව ඉන්දියාවෙන් උදව් ඉල්ලයි
2022 නොවැම්බර් මස 30 2045 0

ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම


චීනය සමඟ පැවැති සවර්ණමය යුගය අවසන්
2022 නොවැම්බර් මස 30 2357 4

මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site