ගරිල්ලා ප‍්‍රහාර එල්ල කරමින් අයිඑස්අයිඑස් අන්තවාදීන්ට මරණ බය ගෙනදෙන අවිගත් කුඩා කණ්ඩායම් සිරියාවේ නිර්මාණය වෙමින් තිබෙන්නේයැයි වාර්තා වේ.
‘‘වයිට් ශ්‍රවුඩ්‘‘ (සුදු මුවාව) නම් වන එවන් එක් ගරිල්ලා කණ්ඩායමක් සැඟවී එල්ල කර තිබෙන ප‍්‍රහාරයන්ගෙන් මේ වන විට අයිඑස් අන්තවාදීන් සියයකට වැඩි පිරිසක් ඝාතනය කෙරී ඇතැයි සඳහන්ය.
වයිට් ශ්‍රවුඩ් වැනි තවත් කණ්ඩායම් රාශියක් දැන් අයිඑස් අන්තවාදීන්ට එරෙහිව අවි අතට ගනිමින් සිටින බව සිරියාවේ කි‍්‍රයාත්මක මානව හිමිකම් නිරීක්ෂක මධ්‍යස්ථානයද කියයි.
සිරියාවේ ඩෙල් අල් සෝර් ප‍්‍රදේශයේ මෙවන් ගරිල්ලා ප‍්‍රහාරයන් වැඩි වශයෙන් එල්ල වන අතර දැනට එම ප‍්‍රදේශයේ වැඩි කොටසක බලය අල්ලාගෙන සිටින්නේ අයිඑස් අන්තවාදීන් වේ.ගුවන්තොටුපල ඇතුලූ තවත් කුඩා කොටසක බලය තවමත් සිරියා හමුදා අත තිබේ.
මෙම ප‍්‍රහාරයන් හමුවේ අන්තවාදීන් කෙතරම් බිය වී තිබෙන්නේද යත් දැන් ඔවුන් කිසිම විටෙකත් තනිව ගමන් කරන්නේ නැතැයි පැවසේ.ප‍්‍රහාර සැළසුම් කිරීම සදහා වෙනදා මෙන් සියගණනින් එක් රැස් වන්නේද නැති ඔවුන් ගරිල්ලා කණ්ඩායම් වලට බියේ කුඩා කණ්ඩායම් වලින් එක් රැස් වේ. සාකච්ඡුා නිමවූ වහාම දෙදෙනා හෝ තිදෙනා බැගින් එක්ව වෙන්ව යති.
උද්ගතවී ඇති තත්ත්වය අන්තවාදීන්ට කර්මය පඩිසන් දුන්නාක් වැනි යැයි විචාරකයින් කියයි.
මෙම ගරිල්ලා කණ්ඩායම් වලට අවි සපයා ගැනීමට මාර්ගයක් නොමැති අතර ඔවුන් තම අවශ්‍යතා සපුරා ගන්නේ සටන් බිමේ අත්හැර දමා යන අවි ආයුධ වලිනි.
තම අරමුණ වන්නේ අයිඑස් අන්තවාදීන්ට මර බිය ගෙන දීම බව කියනා මෙම කණ්ඩායම් වල නායකයෝ මේ වන විට එම අරමුණ කරා ළගාවී තිබෙන බවත් ඉදිරියේදී තවත් සංවිධානයවී ගරිල්ලා ප‍්‍රහාරයන් එල්ල කරන බවත් පවසති.
ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.
ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.
ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන
තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.
ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම
මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
විස නසන්න තව විසක්
රුවන් Wednesday, 15 October 2014 11:09 AM
ඔයහැම ත්‍රස්ත සංවිධානයකටම අවි,ආයුධ දුන්නෙත්,දෙන්නෙත් ඇමරිකාව ඇතුළු බටහිර රාජ්‍යන්ම තමයි.(හේ)
බටු ගෙදර Thursday, 16 October 2014 06:10 AM
නිමාවක් නොමැත. අවි පුහුණුව සහ සටන් කාමිත්වය මනාවට හුරු වී ඇත. (ස)
වරුණ Thursday, 16 October 2014 06:24 AM
අවිගත්තෝ අවියෙන්ම නසිති. (නි)
ගජන් Thursday, 16 October 2014 01:30 PM
සාර්ථක වෙයිද දන්නේ නෑ.
ජගත් Thursday, 16 October 2014 04:55 PM
පුද්ගල ස්වරුපය ඒක වෙනස් වෙනවා.(හේ)
රොකී Friday, 17 October 2014 02:46 AM
රුවන් අවි ආයුධ පිළිබඳ විශේෂඥයෙක් වගේනෙ. වැඩියෙන්ම අවි ආයුධ නිෂ්පාදනය කරන්නේ කොහෙද කියලත් කියනවද? දන්නෙම නැති හින්දයි අහන්නේ. (නි)