X Advertisement
IMG-LOGO

2025 ජුනි මස 29 වන ඉරිදා


වෙනිසියුලාව සමඟ සබඳතා ඇතිකර ගන්න ඔබාමා සැරසේ

ජනපති හියුගෝ චාවේස්ගේ අභාවයත් සමඟ වෙනිසියුලාව සමඟ රාජ්‍ය තාන්ති‍්‍රක සබඳතා ඇතිකර ගැනීමට තම රජය කටයුතු කරනු ඇතැයි ඇමෙරිකා ජනාධිපති බැරැක් ඔබාමා පවසයි.
චාවේස් සැබෑ සමාජවාදී නායකයකු බව තමා ද පිළිගන්නා බව ජනපති ඔබාමා එම අවස්ථාවේදී වැඩි දුරටත් කියා සිටියේය.
චාවේස්ගේ අඩුව පුරවන මීළඟ ජනපතිවරයා සහ ඔහුගේ නව රජය වෙනිසියුලාවේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය ස්ථාපිත කරනු ඇති බවත්, මානව හිමිකම් සුරකිනු ඇති බවත් තම විශ්වාසය යැයි ද ඇමෙරිකා ජනාධිපති ඔබාමා කියා සිටී.  
මේ අතර චාවේස්ගෙන් පසු වෙනිසියුලාවේ ‘වෙනසක්’ ඇතිවීම ඇමෙරිකාවේ අපේක්ෂාව යැයි එරට රාජ්‍ය දෙපාර්තමේන්තුව ද නිවේදනය කර ඇත.
බි‍්‍රතාන්‍ය රජය වෙනුවෙන් එරට විදේශ ලේකම් විලියම් හේග් පවසා ඇත්තේ වසර 14 ක් තිස්සේ බලයේ රැඳී සිටි චාවේස්ගේ අඩුව පිරවීමට කිසිවකුට නොහැකි වනු ඇති බවය.
චාවේස් සදාකල් වෙනිසියුලා ජනතාවගේ නායකයා යැයි ද බි‍්‍රතාන්‍ය විදේශ ලේකම්වරයා වැඩිදුරටත් කියා සිටී.
මීට අමතරව රුසියානු ජනාධිපති පුටින් පවසා ඇත්තේ චාවේස් අසහාය නායකයකු කියාය. සෙසු ලෝක නායකයන් ද චාවේස්ගේ අභාවය පිළිබඳ ශෝක පණිවුඩ නිකුත් කර ඇත.
කියුබාවේ හවානා නුවරදී පිළිකා සැත්කමකට භාජන වී යළි වෙනිසියුලාවට පැමිණි චාවේස් මියගිය බව වෙනිසියුලා රජය නිවේදනය කළේ පෙරේදා (5) සවස ය.
හවානා නුවරදී පිළිකා සැත්කමකට භාජන වී මාස දෙකකට ආසන්න කාලයක් අසාධ්‍ය තත්ත්වයේ පසු වූ චාවේස් යළි වෙනිසියුලාවට පැමිණියේ ඉකුත් 18 වැනිදාය.
මියයන විට 58 හැවිරිදි වියෙහි පසුවූ චාවේස් පසුගිය ඔක්තෝබර් 7 වැනිදා පැවැති ජනපතිවරණයෙන් අති විශිෂ්ට ජයක් හිමි කර ගෙන සිටියේය.
චාවේස් සිව්වැනි වරට පිළිකා සැත්කමකට භාජන වූයේ ඉකුත් දෙසැම්බරයේදීය. සැත්කමින් පසු ඔහු පෙනහලූ ආසාදනයකට ලක් විය. නව ධුර කාලය සඳහා චාවේස් දිවුරුම් දීමට නියමිතව සිටියේ ඉකුත් ජනවාරි 10 වැනිදාය. රෝහල් ගත ව සිටි නිසා ඒ අවස්ථාව මඟ හැරුණි.

2009 වසරේ ස්පාඤ්ඤයේ පැවැති පස්වැනි ඇමෙරිකා රටවල රාජ්‍යනායක සමුළුවේදී ඔබාමාට චාවේස් හමුවූ අවස්ථථවක්

 



අදහස් (0)

වෙනිසියුලාව සමඟ සබඳතා ඇතිකර ගන්න ඔබාමා සැරසේ

ඩයස් Thursday, 07 March 2013 05:40 AM

ඇයි ඉතින් ඒකට මෙච්චරකල් හිටියෙ? (නි)

:       0       0

අමිල Thursday, 07 March 2013 07:26 AM

ඇමරිකාව මානව හිමිකම් ගැන මතක් කරනවා? (නි)

:       0       0

නාරද Thursday, 07 March 2013 10:07 AM

ඔන්න බළලා මල්ලෙන් පැන්නා. (නි)

:       0       0

නිල්මිනි Thursday, 07 March 2013 03:17 PM

අපිට කියන්නකෝ අපේ නායකයාගේ සෝක පණිවිඩය.. මොනවාද එයා කියලා තියෙන්නේ කියලා..!(නු)

:       0       0

නාපාවල Thursday, 07 March 2013 07:55 PM

ප්‍රජාතන්ත්‍රවාදය ,මානව හිමිකම් කලින් නොතිබුනා වගේනේ ඔබාමාගේ කතාව. (නි)

:       0       0

මායා Friday, 08 March 2013 09:17 AM

ඔන්න ඔන්න වෙනිසියුලාවටත් ඇහැ දානවා. පරිස්සම් වෙලා ඉන්න වෙයි ...(ස)

:       0       0

සනත් Friday, 08 March 2013 03:27 PM

මහත්තයෝ..බලාගෙනයි (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

ජනපති ජෝ බයිඩන් විලියම්-කේට් හමුවෙයි
2022 දෙසැම්බර් මස 01 261 0

ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.


ඇෆ්ගන් පාසලක බෝම්බයක් පිපිරේ
2022 දෙසැම්බර් මස 01 140 0

ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.


කෙජ්රිවාල්ගෙන් මෝදිට අභියෝගයක්
2022 දෙසැම්බර් මස 01 1407 1

ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන


අයි.එස්. ත්‍රස්ත නායකයා මියයයි
2022 දෙසැම්බර් මස 01 3580 0

තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.


සම්බාධක මඟහරින්න රුසියාව ඉන්දියාවෙන් උදව් ඉල්ලයි
2022 නොවැම්බර් මස 30 2045 0

ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම


චීනය සමඟ පැවැති සවර්ණමය යුගය අවසන්
2022 නොවැම්බර් මස 30 2357 4

මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site