උදා වූ 2016 නව වසරේ ලෝකවාසී සැමට සෙත්පතා ඇමෙරිකා එක්සත් ජනපදයේ අගනුවර වන වොෂින්ටන්හි මහමෙව්නාව භාවනා අසපුව සංවිධානය කරන්නට යෙදුණු "ආශිර්වාදාත්මක බෝධි වන්දනාව" ජනවාරි 01 වැනි දා සවස අසපු භූමියේ දී පැවැත්විණි.
ඇමරිකා එක්සත් ජනපදයේ ගංගා සතකින් ලබාගත් පිරිසිදු පැන් වලින් බෝධීන් වහන්සේ අභිෂේක කිරීම, වැව් පොකුණු විසි දෙදකින් ලබා ගන්නා ලද පිරිසිදු පැන් බෝධීන් වහන්සේට පුජා කිරීම, බෝධීන් වහන්සේලා 50 නමක් සිහිපත් කොට සිදු කළ පහන් ආලෝක පුජාව, බෝධීන් වහන්සේ උදෙසා සිදු කළ විශේෂ ඖෂධ පුජාව, පවිත්‍ර වූ පලතුරු වර්ග 21 කින් සිදු කළ විශේෂ ගිලම්පස පුජාව, ඇතුළුව සවස 5.30 සිට රාත්‍රී 9.00 දක්වා සිදු කළ මෙම උතුම් වන්දනාවේ දී අටවිසි බෝධීන් වහන්සේලා, ජය ශ්‍රී මහ බෝධීන් වහන්සේ, ආනන්ද බෝධීන් වහන්සේ, අෂ්ඨ ඵලරුක හා දෙතිස් ඵලරුක බෝධීන් වහන්සේලාත් අසපු භූමියේ වැඩ සිටින සිරි ගෞතම බෝධීන් වහන්සේත් මහත් සැදැහැයෙන් පුද දුන්හ.
එදින මහානුභාව සම්පන්න රතන සුත්‍රය තුන්වතාවක්ද ජලනන්දන පිරිත 21 වතාවක්ද සජ්ජායනා කැරිණි.
ඇමරිකා එක්සත් ජනපදයේ වෙසෙන විශාල සැදැහැවතුන් පිරිසකගේ සහභාගීත්වයෙන් පැවැත් වූ මෙම දුර්ලභ වන්දනාව මෙහෙයවනු ලැබුයේ මහමෙව්නාවාසි ස්වාමීන් වහන්සේලා විසිනි.
ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.
ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.
ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන
තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.
ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම
මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
වොෂින්ටන් මහමෙව්නාවේ බෝධි වන්දනාවක්
ගුණරත්න Monday, 04 January 2016 01:45 PM
සාදු, සාදු, බෝධීන් වහන්සේ නමක් සැදීම ඉතා දුෂ්කර කාර්යකි, ඇමෙරිකාව, වැනි රටක. ආශ්චර්යමත් මෙම පූජාව මුළු ලෝකයටම ශාන්තියකි, (බ)
ලක්ෂ්මන් Monday, 04 January 2016 01:50 PM
මෙම බෝධීන්වහන්සේ වවා පූජා කරන්නට ලැබීම ගැන මම අතිශයෙන්ම සතුටුවෙමි, මුළු ලෝකයටම මෙම පූජාවෙන් ශාන්තියක්ම වේවා, සාදු, සාදු!! (බ)
රොෂාන් Monday, 04 January 2016 11:31 PM
සාධු සාධු සාධු!!! (නි)
කුමාර Tuesday, 05 January 2016 02:09 AM
සාදු !!! සාදු !!! සාදු !!!! සියල්ලොම් මෙය දැක බලා සිත් සතුටින් පින් අනුමෝදන් වෙත්වා ! (ස)
දිලිප් Tuesday, 05 January 2016 03:51 AM
මගේ මේ අදහසට සමහර අය විරුද්ධ වේවි. එත් සැහෙන කාලයක් පිටරට ජීවත් වෙන කෙනෙක් හැටියට මම දන්න දෙයක් තමයි , කිසිම ශ්‍රී ලාංකික පන්සලකට පුළුවන් වෙලා නැහැ , අබෞද්ධ ශ්‍රී ලංකික නොවන අයව, බෞද්ධ ධර්මය වෙත නැඹුරු කරන්න . ඒ මේ වගේ කිසිදු තාර්කික නොවන ආමිස පූජා වලට මුල් තැන දීම නිසා. එහෙත් ටිබෙට් හා තායි පන්සල් පිරී පවතින්නේ අර වගේ ධර්මයේ හරය සොයා යන අබෞද්ධ අයගෙන්. (ස)
ප්‍රියන්ති Wednesday, 06 January 2016 02:38 AM
දිලිප්,ඒකක් ඇත්ත. ඒත් ඔබ නිව්යෝර්ක් පන්සලට ආවොත්, ලෝන්ග් අයිලන්ඩ් පන්සලට ආවොත් බලන්න පුළුවන් කොච්චර ඇමරිකානු කට්ටිය බුද්ධාගම අදහනවද කියලා. සමහර තරුණ ළමයි මහණ වී ඉන්නවා. (නි)
විමලරත්න Wednesday, 06 January 2016 03:00 AM
සාදු සාදු සාදු!!! (නි)
දහම් මෙත්සර Wednesday, 06 January 2016 03:42 AM
ගෞතම බුදු රජුන් සම්බුදු වන මොහොතේ උන්වහන්සේට සෙවන සැළසූ උත්තම බෝධීන් වහන්සේ උදෙසා සිදු කල මෙම උදාර වන්දනාව දැක සියල්ලෝ ම සිත් පහදවා ගෙන පින් අනුමෝදන් වෙත්වා. බුදුරජුන් උදෙසා පිදූ දේ විවේචනය කර පව් රැස් කර නොගනිත්වා. ආමිස පූජාවට ගැරහීම ප්‍රතිපත්ති පූජාව නොවන බව සිහි කරත්වා. අපගේ භාග්‍යවතුන් වහන්සේ සියලු දෙවි මිනිසුන්ගේ ප්‍රතිපත්ති පූජාවන්ට ම පමණක් නොව ආමිස පූජාවට ද ඒකාන්තයෙන් ම සුදුසු බව සිහි කරත්වා...! සියල්ල දෙස මැදහත් සිතින් බලන්නට පුරුදු වෙත්වා...! කිසිදු සත්වයෙකුට හානි නොපමුණුවමින් සිදු කළ මේ අහිංසක සැදැහැවතුන්ගේ බුද්ධ වන්දනාව විවේචනය නොකර අනුමෝදන් වීමට මෙත් සිත් පහළ වේවා...! මෛත්‍රී සිත ප්‍රතිපත්තියෙහි ආරම්භය බව සිහි වෙත්වා...! සියල්ලෝම සුවපත් වෙත්වා...! (බ)
දේශාන් Wednesday, 06 January 2016 05:15 PM
සාදූ සාදූ සාදූ...!! මහමෙව්නාව යනු වැසී තිබූ දහම කාටත් තේරෙන බසට හරවා එය විවෘත කළ පුණ්‍ය භූමියයි. ඊටත් වඩා ප්‍රතිපත්ති පූජාවක් තිබේද? ධර්මය විවර වූ මේ මොහොතෙත් කෙනෙක් ආමිසයෙන් නවතී නම්, ප්‍රතිපත්තියට නොඑන්නේ නම් එය ඔහුගේ වරදක් මිස අන් කවරක්ද? (නි)