පාසල් නිවාඩු සමය තාවකාලික පැවිදි ජීවිතයට වෙන්කර මෙම ආත්ම භවයේදීම මාර්ගඵල ලබා සංසාර ගමන කෙටිකර ගැනීම සඳහා සූදානම් වන ඩුබායි රටේ ඉගෙන ගන්නා සහෝදරයන් දෙදෙනකු වැලිමඩ බෝගහකුඹුර විපස්සනා භාවනා මධ්‍යස්ථානයේදී බණ භාවනාවේ නියැලෙන අයුරු එහි යන කාටත් දැකිය හැකි දසුනකි. සිය පාසල් නිවාඩු සමය තුළ සෑම ළමයෙකුම උත්සාහ කරන්නේ විනෝදයෙන් සැහැල්ලූවෙන් ගත කිරීමටය. වත් පොහොසත්කම් ඇති සමහර මවුපියෝ තම දරුවන් සමග විදේශ රටවල පවා එවැනි දිනවල විනෝද සවාරි යති. ඩුබායි රටේ රැකියාවක නියැළී සිටින ශ්‍රී ලාංකික මවුපිය යුවළක් තම දරු දෙදෙනාට දහම් සුවය ලබාදී මේ ආත්මයේදීම සංසාර ගමන නවතා ලීමට මග සලසන අන්දම ඉතාමත් අපූරුය. දරුවන් දෙදෙනා තාවකාලික පැවිදි ජීවිතයට යොමුකර ඔවුහුද ආගමික වතාවත් වල යෙදෙමින් බණ භාවනාවේ නියැළේ. මෙසේ 5වන වතාවටත් තාවකාලික පැවිදි ජීවිතයට ඇතුළත්ව සිටින බත්තරමුල්ලේ මහින්ද හිමියෝ මෙසේ පැවැසූහ. මගේ ගිහි නම තුසිතද සිල්වයි (15), මා සමග මහණදම් පුරණ බත්තරමුල්ලේ අසිත හිමියන් (13) මල්ලියි. එයාගේ ගිහි නම මිහිඳු සිල්වායි. අපි උපන්නේ ඩුබායි රටේදී. ඒ වුණත් අපේ මවුපියන් ලංකාවේ ඉපදුන බෞද්ධයන්. තාත්තා ධර්මපි‍්‍රය සිල්වායි. ඔහු ඩුබායි රටේ පෞද්ගලික සමාගමක උසස් නිලධාරියකු ලෙස වැඩ කරනවා. අම්මා රත්නා ද සිල්වා. ඇය ඩුබායි ජී.පී.එස්. ජාත්‍යන්තර පාසලේ ගුරුවරියක ලෙස වැඩ කරනවා.මල්ලියි මමයි ඩුබායි ජුමාරා පාසලේ ඉගෙන ගන්නවා. මම 11 වන ශ්‍රේණියේත් මල්ලී 8 වන ශ්‍රේනියේත් ඉගෙන ගන්නේ. ඇත්තම කීවොත් අපිට එකම සිංහල වචනයක්වත් කතා කරන්න බෑ. අපේ ගෙදර ඇත්තේ බෞද්ධ පරිසරයක්. ඒ නිසා අපි දෙන්නා කුඩා කල සිටම බුදු දහමට නැඹුරු වුණා. ඉතින් අපි දෙන්න මහණ වීමට සිතුවත් ඉගෙන ගැනීමට එය බාධාවක් වුණා. ඒ නිසා මවුපියන් අපි දෙන්නා තාවකාලික පැවිදි ජීවිතයට යොමු කළා. පාසල් නිවාඩු සමයේදී මීට පෙර අපි දෙන්න තායිලන්තයේ ධම්මකායි විහාරයේදී හතර වතාවක් තාවකාලික පැවිදි බිමට ඇතුළත් වී තිබෙනවා.අපේ අධ්‍යාපන කටයුතු නිමවූ පසු ස්ථීරවම පැවිදි ජීවිතයකට ඇතුළත් වෙනවා. අපි ථෙරවාදී බුදු දහමට අනුව යමින් භාවනාවේ යෙදෙනවා. මේ නිසා අපගේ ජීවිත යම් අරමුණකට අනුව ගත කිරීමට හැකියාවක් උදා වුණා.. අපගේ එකම අරමුණ මෙම සංසාර ගමන දුකක්. එයින් මිදිය යුතුයි යන්නයි. ඒ නිසා අපි උත්සාහ දරනවා මෙම ආත්මයේදීම බුදු දහමේ ඇති මාර්ග ඵල ලබාගෙන සංසාර ගමනින් එගොඩ වන්න. එහි මුල් පියවර තමයි තාවකාලික පැවිදි ජීවිතය හරහා පුහුණුව ලබන්නේ. මෙම භාවනාවේ යෙදීම ඔස්සේ මනස නිරවුල් වීම නිසා අධ්‍යාපනයට විශාල පිටුබලයක් ලැබෙනවා. එසේම මානසික පීඩාවකදී භාවනා කිරීම තුළින් ලබන අස්වැසිල්ල කියා නිම කරන්න බෑ. කලබලකාරී සමාජයක වෙසෙන තරුණ මහලූ කාටත් භාවනාව ඔස්සේ මානසික සුවයක් ලබා මිනිසත්කම ඉස්මතුකර ගන්න හැකියි.ලෝකය අද වේගයෙන් විනාශය කරා ඇදී යනවා. එයින් මිදීම සඳහා හොඳම දෙය භාවනාවේ නියැළී නිවැරැුදි අවබෝධයක් ඇතිකර ගැනීමයි. ඒ නිසා තරුණ තරුණියන් පමණක් නොව වැඩිහිටි අයත් තාවකාලික පැවිදි බිමට ඇතුළත්ව සන්සුන් මනසක් ඇතිකිරීම හරහා සමාජය යහපත් වේවි. එවිට ලොවම සාමකාමී වීම ඉබේටම සිදුවේවි.අහුන්ගල්ලේ ධර්මපි‍්‍රය සිල්වා මහතා, මම ඉපදුනේ අහුන්ගල්ලේ. මගේ බිරිය රත්නා ද සිල්වා. අපි වසර 20ක් සිට ඩුබායි රටේ පදිංචි වෙලා ඉන්නේ. එහිදී අපිට තුසිත හා මිහිඳු කියා පුතුන් දෙදෙනකු ඉපදුණා. අපි ලංකාවේ ඉන්න විටත් බෞද්ධ දර්ශනයට අනුව ජීවත් වුණේ. රට වෙනස් වුණාට ආගමික පරිසරය වෙනස් කළේ නෑ. අපේ නිවසට විදේශ රටවල භික්ෂූන් ගෙන්වා ධර්ම දේශනා හා දානමය පිංකම් කළා. ඩුබායි රටේ වෙසෙන බෞද්ධ විශාල පිරිසක් මේ සඳහා විශාල සහයක් ලබා දෙනවා. අපි මුලින්ම ආනාපානා සති භාවනාව ප‍්‍රගුණ කිරීමට පටන් ගත්තා. ඉතින් ඩුබායි රටේ පරිසරය වෙනස්. එහි දරුවන්ගේ හැසිරීම් රටාවත් වෙනස්. අපේ දරුවන් එයින් මුදවා ගෙන බෞද්ධ දර්ශනයට ඔවුන් කැඳවා ගෙන ගියා. ඔවුන් දෙදෙනා කිසිවකුගේ බලපෑමකින් තොරව ස්ථීර මහණ දම් පිරීමට කැමැතියි. ඉතින් පාසල් දිවිය අවසන් වුණාම මොවුන් එය කි‍්‍රයාවට නංවන තුරු ඊට හුරුවීමට තාවකාලික පැවිදි දිවිය තෝරා ගත්තා. තායිලන්තයේ ධම්මකායි විහාරස්ථානයේ භික්ෂූන් වහන්සේලා අපගේ නිවසේදී දරුවන් දෙදෙනා දින 12ක තාවකාලික පැවිදි බිමට මුලින්ම ඇතුළත් කළා. ඉන්පසු පාසල් නිවාඩු අවසන් හතරකදී තායිලන්ත ධම්මකායි විහාරස්ථානයේදී තාවකාලික පැවිදි බිමට ඇතුළත් වුණා. පාසල් සමය අවසන් වුණාම මේ දෙදෙනා ස්ථීර පැවිදි ජිවිත ගත කරාවි. අපේ ඇත්තේ එක අරමුණයි. මේ භවයේදීම දරුවන් දෙදෙනා මග ඵලවලට පත්ව සංසාර ගමනට අවසාන තිත තබාවි යන විශ්වාසය මත අපි සිටිනවා. දරුවන් එසේ හැසිරෙද්දී මමත් බිරියත් භාවනාවේ නියැලෙමින් සිටිනවා. අපි උපන් මේ රටේදී දරුවන් දෙදෙනා තාවකාලික පැවිදි බිමට පත් කළ හැකි සුදුසු තැනක් සොයා බැලූවා. වැලිමඩ බෝගහකුඹුර විපස්සනා භාවනා මධ්‍යස්ථානය ඊට වඩාත් සුදුසු බව වැටහුණා. ඒ අනුව අපි නිස්සලංක ස්ථානයක් වන මෙහි සිට බුදුන් වහන්සේගේ ගමන අනුගමනය කරනවා. පිටරට සිටින බෞද්ධ මවුපියන් කියනවා දරුවන් ආගමට අනුව හැඩ ගසන්න බැරි බව. අපිට සැලසුමක් දුර දැකීමක් ඇත්නම් නිස්සාර සර්ව පිත්තල ලෝකය කුමක්ද කියා දරුවන්ට පහදා දී ඔවුන්ට බුදු මග ඔස්සේ සැනසුම උදාකර ගත හැකි බව පෙන්වා දීමට පුළුවන්. ඒ සඳහා දරුවන් වසරකට වරක්වත් තාවකාලික පැවිදි බිමට ඇතුළත් කර ලෝකය දහම් ඇසින් බලන්න ඉඩ සලසන්න. එවිට ගිණි ගත් ලෝකය නිවා ලන්න දහම් සිසිල හරහා හැකි වේවි.බෝගහකුඹුර උඩුකිරින්ද විපස්සනා භාවනා මධ්‍යස්ථානයේ තලගල විමලධම්ම හිමියෝ. තලගල භාවනා මධ්‍යස්ථානයෙන් භාවනා ක‍්‍රම හැදෑරූ බෝගහකුඹුර එම්.එම්. මුතුබණ්ඩා උපාසක මහතා, 1984 දී සුළුවෙන් ආරම්භ කළ භාවනා මධ්‍යස්ථානය 1985.05.29 වනදා තලගල භාවනා මධ්‍යස්ථානයේ ශාඛාවක් බවට පත්වුණා. තලගල, වීදියගොඩ පේ‍්‍රමරතන හිමියන් විසින් මෙම භාවනා මධ්‍යස්ථානය අංගසම්පූර්ණ කිරීමට පටන් ගත්තා.අද තිබෙන මේ දියුණුවට බිබිලගමුවේ දායක දායිකාවන් පමණක් නොව මෙහි සේවය ලබා ගන්නා සතර දිසාවේ ජීවත් වන උපාසික උපාසිකාවන් දායකත්වය ලබා දුන්නා. උපාසික අසපු 15ක් හා උපාසක අසපු 10ක්ද මෙහි තිබෙනවා. 88-89 භීෂණය සම්බන්ධ නොමග ගිය තරුණ තරුණියන් 1800 ක්ද මෙහිදී පුනරුත්ථාපනය වුණා. විදේශ රටවල පිරිස්ද මෙහි පැමිණ භාවනාවේ නියැලෙමින් ඉගෙන ගන්නවා. බුරුමයේ (මියන්මාරයේ) ඇති ඉතාමත් ප‍්‍රචලිත තාවකාලික පැවිදිභාවය නූතන සමාජයට ඉතාමත් හොඳයි. ලංකාවේ බෞද්ධයන් එතරම්ම බණ දහමට යොමුවීම අඩුයි. ධර්ම දේශනා, පිරිත් පිංකම් කළත් ඒ අනුව හැඩ ගැසෙන්නේ නෑ. අද පවතින සමාජ ගිනි ගැනීම නිවාලීමට භාවනාව වැදගත්. ඒ නිසා ආගම් බේදය, නිකාය බේදය නැතුව ඕනෑම අයකුට මෙහි පැමිණ සිත සන්සුන්කර ගත හැකියි.
ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.
ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.
ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන
තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.
ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම
මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
ශී‍්‍ර ලාංකික යුවළකට ඩුබායි රටේදී ඉපදුණ දරු දෙදෙනා පස්වතාවක් තාවකාලික පැවිදි දිවියට
damith salinda Thursday, 01 September 2011 07:48 PM
සංසාරයෙන් එතෙර වෙන්නට ශක්තිය පින් බලය උදාවේවා!
හෂිණි Friday, 02 September 2011 12:28 PM
තාවකාලික පැවිදි බව හැම ළමයකුටම දෙන්න පුළුවන්නම් හරි ප්‍රයෝජනයි.
සුරේෂ් Friday, 02 September 2011 05:30 PM
දරවන් පාපයෙන් ඉවත් කිරීමට වැදගත්ම ක්‍රමයක්
සෝමසිරි ගමගේ Saturday, 03 September 2011 09:20 AM
මේ දරු දෙදෙනා රටට පමණක් නොව ලොවටම සම්පතක් වගේම ම් දෙමව්පියන් දෙදෙනා ලොවටම ආදර්ශයක්
අනුරාධා Monday, 05 September 2011 08:39 AM
ගල් ගසා ප්‍රසිද්ධියේ මැරිය යුතුයි
ගයාන් Friday, 22 June 2012 08:24 PM
හැම දෙමාපියෙක්ම මෙහෙම නම් කොච්චර හොදද
ගයාන් Friday, 22 June 2012 09:05 PM
හැම දෙමාපියෙක්ම මෙහෙම නම් කොච්චර හොදද
උදය Wednesday, 05 June 2013 09:58 PM
අර අනුරාධා කියන තැනැත්තියගේ මානසික මට්ටම පොඩ්ඩක් හොයා බලන්න විදිහක් නැද්ද?(නදී)
ටෙනිසන් Thursday, 06 June 2013 04:55 PM
මොන තරම් හොද වැඩක්ද
තිළිණක සුසිත Sunday, 28 August 2016 01:54 PM
මහා පුණ්‍යකර්මයකි (නි)