X Advertisement
IMG-LOGO

2025 ජුලි මස 17 වන බ්‍රහස්පතින්දා


සජීවී වැඩසටහනකදී මාධ්‍යවේදීන්ට වෙඩි

ඇමරිකාවේ, වර්ජිනියාවේදී මාධ්‍යවේදිනියක් සහ කැමරා ශිල්පියකු සජීවී රූපවාහිනී වැඩසටහනක් අතරතුරදී වෙඩි ප්‍රහාරයකට ලක්ව මිය ගොස් ඇතැයි බීබීසී පුවත් සේවය වාර්තා කරයි.

ඩබ්ලිව්.ඩී.බී.ජේසෙවන් රූපවාහිනියේ ඇලිසන් පාකර් සහ කැමරා ශිල්පී ඇඩම් වෝඩ් සජීවී වැඩසටහන සිදුකරමින් සිටියදී නාදුනන පුද්ගලයකු ඔවුන් දෙසට වෙඩි ප්‍රහාරයක් එල්ල කර ඇත. එම වෙඩි ප්‍රහාරයෙන් ඔවුන් දෙදෙනා මිය ගොස් ඇතැයි විදෙස් පුවත් සේවා පවසයි.

වර්ජිනියා ආණ්ඩුකාර ටෙරී මැක්අලීෆ් ප්‍රකාශ කළේ කිසියම් අමනාපයකින් පසුවන අයකු විසින් මෙම වෙඩි තැබීම කර ඇති බවත් එය ත්‍රස්ත ප්‍රහාරයක් නොවන බවත්ය.

බ්‍රිජ්වෝටර් ප්ලාසා සුපිරි වෙළඳ සංකීර්ණයේ සිදුකළ වාර්තා වැඩසටහනක් අතරතුරදී මෙම වෙඩි ප්‍රහාරය එල්ලවී ඇත.

web_2015826virginia web_2015826virginia2



අදහස් (0)

සජීවී වැඩසටහනකදී මාධ්‍යවේදීන්ට වෙඩි

විජයබාහු Friday, 28 August 2015 09:21 AM

ඇමෙරිකාවේ ප්‍රාන්ත කියක ගිනි අවි භාවිතය නීතියෙන් අනුමත කරලා තියනවද (ම)

:       0       0

රවී Sunday, 30 August 2015 01:07 PM

කළු සුද්දන්ට ඇමෙරිකාව ලොකු වුනාට නියම සිංහලයන්ට පර සුද්දෝ ලොකුන අපේ සමහර එවුන් බටහිර රටවලට ගිහින් සුද්දන්ට අපේ රට පාවලා දෙනවා අපේ මුතුන්මිත්තෝ වැව් අමුණු බැඳ ඉතා දියුනු තත්ත්වයෙන් හිටපු ජාතියක් ඒකාලේ සුද්දෝ හිටියේ ගස්වල වනචාරීන් අපේ කළු සුද්දන්ට පුදුම වහල් මානසික බාවයක් තියෙන්නේ (බ)

:       0       0

ඉන්දික Sunday, 30 August 2015 06:13 AM

රුවන් ඔබ වක්‍රව කියන්නේ ලංකාව නොදියුණු රටක් කියලනේ. දක්ෂයෝ ඔක්කොම ඇමෙරිකාවේ සහ දියුණු රටවල. ඕක නම් ලාංකිකයන්ට බොහොම රිදෙන ප්‍රකාශයක්. (නදී)

:       0       0

රුවන් Sunday, 30 August 2015 04:06 AM

ඉන්දික ලංකාවේ ඉපදිච්ච මිනිහෙක් කොහොම හරි ඇමරිකාවට (හෝ වෙනත් දියුනු රටකට ) ගිහින් රැකියාවක් හොයාගෙන හොද ජීවිතයක් ගත කරනවා කියන්නේ ඔහුගේ දක්ෂකම තමා. සුර ලෝකයක්ද නැත්ද කියල තීරණය වෙන්නේ සාපේක්ෂවනේ. ලංකාවට සාපේක්ෂව ඇමරිකාව සුරලෝකයක් වගේ. ඔන්න ස්විට්සර්ලන්තය වගේ රටකට සාපේක්ෂව නම් එහෙම නැතිව ඇති. (නදී)

:       0       0

නාමල් Sunday, 30 August 2015 04:04 AM

සාලිය ඔය අන්තිමට ලියල තියෙන කතාවෙන්ම ඔබගේ ලෝක දැනුම ගැන මට අදහසක් ගන්න පුලුවන්. අර පහුගිය කාලෙ ටීවී වල සුද්දට සිංහලෙන් බැන්නෙත් ඔය වගේ ආකල්ප තියෙන අය තමා. (නදී)

:       0       0

බුද්ධික Saturday, 29 August 2015 02:33 PM

හිටපු සෙට් එකද ? (නදී)

:       0       0

නාමල් Saturday, 29 August 2015 01:48 PM

අයියෝ සාලිය, ඔයාගෙ කොමන්ට් එකෙන්ම පේනවා බයියෙක් කියලා. . දෙකෙන් දෙක බෙදුවහම බින්දුවයි කියන පයිත්තියන්ගරස්ගෙන්ද ඇමරිකාව ගැන ඉගෙන ගත්තේ (නදී)

:       0       0

සාලිය Saturday, 29 August 2015 12:33 PM

මට නම් හිතෙන්නේ ඇමෙරිකන් කාරයන්ට වඩා ලංකාවේ කළු සුද්දන්ට ඇමෙරිකාවේ ඇත්ත තත්වය කියනකොට රිදෙනවා. අනේ මන්ද මෙහෙමත් වහල් මානසික රෝගීන්. මහින්ද මහත්තය වගේ සුද්දන්ට බය නැති නායකයන් අප රටේ බිහිවිය යුතුයි (නදී)

:       0       0

ඉන්දික Saturday, 29 August 2015 09:54 AM

සුදරා, ඔයා කියන එකේ දෙපැත්තක් තියනවා. සමහරු තමන් හරියට නොදකපු දෙය සුර ලෝකයක් ලෙස මවා පෙන්නන්න හදනවා. ලංකාවෙන් ඇමෙරිකාවට ගියපු සමහර මිනිස්සුත් එහෙමයි(හැමෝම නොඋනත්). එයාල හිතන් ඉන්නේ එයාලගේ විශේෂ දක්ෂකමක් තියනවා, ලෝකේ අනිත් අය මෝඩයෝ කියලා. ඒ වගේ අය ඇමෙරිකාවේ ඉපිද හැදී වැදුණු අයටත් වැඩිය ඇමෙරිකන් වෙන්න යනවා. (නදී)

:       0       0

සුදාරා Saturday, 29 August 2015 07:58 AM

ලංකාවෙ මිනිස්සුන්ගෙ හැටි ඔහොම තමයි. සුදු වෑන් වලින් බල්ලො බලල්ලු වගේ මිනී මරණ රටක ඉදගෙන තමන් කිසිදා නොදුටු, නොගිය රටක වැරදි ගැන සහතික දෙන්න යනවා (නදී)

:       0       0

තුවාන් Saturday, 29 August 2015 06:53 AM

ෆුල් ෆේස් එකක් දාලා ආවා නම් වැඩේ ෂේප් නේද ? (නදී)

:       0       0

සෙලන්සියුස් Saturday, 29 August 2015 06:51 AM

ඇමරිකාවට දොස් කියන මේ අයට එහෙ පුරවැසි බව ලැබුනොත් නොයා ඉන්නවද ? දරුවෙකුට එහෙ විශ්ව විද්‍යාලයක ශිෂ්‍යත්වයක් ලැබුනොත් නොයවා ඉන්නවද ? එවැනි කරුණකට චීනය හෝ ඇමරිකාව අතරින් එකක් තෝරාගන්න ලැබුනොත් තෝරාගන්නේ මොන රටද ?(නදී)

:       0       0

රුවන් Friday, 28 August 2015 04:15 PM

අචිර කවදා හරි ඇමරිකාවෙ ගිහින් තියෙනවද? නැතිනම් ඔබ මානසික සෞඛ්‍ය පිලිබද විශේෂඥයෙක්ද? ඇමරිකාව ගැන සමීක්ෂනයක් කරල තියෙනවද?ලෝක දර්ශකවල නම් තියෙන්නේ අසහනය වැඩි මැද පෙරදිග රටවල කියලා. යන්ත්‍ර සූත්‍ර වගේ මිනිස්සු වැඩ කරන්නේ කොරියාව, ජපානය වගේ රටවල. වෙඩි තබාගැනීම් හා අපරාද බහුල මෙක්සිකෝ, කොලොම්බියා වගේ දකුනු ඇමරිකානු රටවල. වෙඩිතියාගැනීම්/ මරාගැනීම් තියෙන වීඩියෝ ගේම් නම් මමත් ඔනෑ තරම් ගහල ඇති. (නදී)

:       0       0

අචිර Friday, 28 August 2015 03:09 PM

ඇමෙරිකාවේ බහුතරයක් මිනිසුන් හරිම පීඩනයකින් හා අසහනයකින් ජීවත් වෙන්නේ මිනිසුන් හරියට යන්ත්‍ර සුත්‍ර වගේ සල්ලිම පස්සේ දුවනවා ආදරය කරුණාව වගේ මානුෂීය හන්ගීම් නැතිවෙලා එහි ළමුන් පවා වෛරයෙන් හා ක්‍රෝධයෙන් පිරි කාටුන් හා කොම්පුටෝර් ක්‍රීඩා නරබමින් මනස විකෘතිත වෙලා පොඩ්ඩ වැරදුන ගමන් වෙඩි තියල මරා දානවා (අ)

:       0       0

මොහාන් Thursday, 27 August 2015 02:46 AM

ඇමරිකාවේ ප්‍රජාතන්ත්‍රවාදය.(ම)

:       0       0

ඉන්දිකා Friday, 28 August 2015 06:30 AM

එක එක්කෙනා ඉන්න තැන නෙමෙයි වැදගත්, ගොඩක් අය තමන්ගේ ලොකුකම කියනවා මිසක් ප්‍රශ්නය සහ හේතුව තේරුම් ගන්න උත්සහ කරන්නේ නැහැ. ඇමෙරිකාව බලවත් රටක් සහ අනිත් බොහොරටවල් එය අනුගමනය කරන බව පැහැදිලියි. (ම)

:       0       0

තිලිනි ලෝස ඇන්ජලීස් Friday, 28 August 2015 04:48 AM

කුමාරට ලංකාවේ බොහොමයකට තියෙන ලෙඩේ හෙවත් දියුනු රටකට යාමට බැරිවීමේ අමාරුව තියෙනව වගේ. ඒ නිසා තමන් කවදාවත් නොගිය රටක නොදන්නා දේවල් කිය කියා එහේ ඉන්න ශ්‍රී ලාංකිකයින්ට අපහාස කරනවා. මමත් ඉන්නේ ලොස් ඇන්ජලීස් වල. මේ රටේ මට බස් එකක යද්දී වත් කිසිම ප්‍රශ්නයක් වෙලා නෑ. ඒ අතින් ලංකාවේ මිනිස්සුන්ගේ හැසිරීම අන්තිමයි (නදී)

:       0       0

සුරාජ් Friday, 28 August 2015 04:40 AM

රටක ඉන්න අපරාධකරුවන් කිහිප දෙනෙක් ගෙන් රටක් මනින්න තරම් ඔබ මෝඩයෙක් කියලා පේනවා කුමාර. ලංකාවේ සුදු වෑන් ඝාතන, ස්ත්‍රී දූෂන මතක නැත්ද? මිනීමැරුම් ස්ත්‍රී දූෂන නැති රටක් කියන්න. හැබැයි පෙරදිග රටවලට වඩා බටහිර නීති තද නිසා ඒවා අඩුයි (නදී)

:       0       0

තුෂාර වික්‍රමසිංහ Friday, 28 August 2015 02:37 AM

අපේ රටේ මැරෙන්නේ රහසිගතව (නදී)

:       0       0

කාව්‍යා Friday, 28 August 2015 12:20 AM

වෙඩි තිබ්බේ මෙම රූපවාහිනී සේවයේ සිටි අතීත සේවකයෙක්. ඔහුව සේවයෙන් නෙරපලා තිබුනා ටික කලකට පෙරදී. (නදී)

:       0       0

කුමාර Thursday, 27 August 2015 07:52 PM

සමහර ගොබ්බයන්ට පොහ් ... ඇමරිකාව පට්ට. පාසැල් ලමයි පාසල තුළම එකවර වෙඩි තියල මරලා දානවා. කාමාතුරයෝ ගෑනු දූෂණය කර මරලා ෆ්රීස් කරලා තියාගෙනත් ඉන්නවාලු. මාර ප්‍රජාතන්ත්‍රවාදයක්ලු ඕයි එහේ තියෙන්නෙ.අපි නොදන්න ඇමරිකාවෙ ප්‍රජාතන්ත්‍රවාදය.අවුරුදු 20ක් හිරේද උන්නෙ නාමල්? (බ)

:       0       0

ඉන්දික Thursday, 27 August 2015 06:26 PM

නාමල් ඔයා ඉන්න ප්‍රාන්තයේ නෙමෙයිද ඔය සිද්ධිය වුණේ (ම)

:       0       0

අචිර Thursday, 27 August 2015 05:18 PM

ඇමෙරිකාව අනිත් රටවල මානවහිමිකම් ගැන හොයනවා. තමන්ගේ රටේ මානව හිමිකම් කඩවීම ගැන වගේවගක් නෑ හිතක් පපුවක් නැති මහතිරිසන් ජාතියක් (බ)

:       0       0

නාමල් Thursday, 27 August 2015 04:21 PM

ඉන්දික ජීවිතේට ඇමරිකාවෙ ගිහින් තියෙනවද? මම අවුරුදු 20 ඉන්නේ මෙහේ... ඔබ කියන විදිහට පීඩනයක් නම් නෑ.. මෙහේ ආර්ථිකය හදලා තියෙන්නේ අඩු ආදායම් ලාභියාට පවා කාලා ඇදලා ඉන්න පුලුවන් විදිහට.. ඕනෑම මිනිහෙකුට නීතිය සමානයි.. 90% ම ඉහල මධ්‍යම පාන්තික ජීවිත ගෙවනවා... ලංකාව, ඉන්දියාව වගේ රටවල අපරාධ ඇමරිකාවට වඩා වැඩියි.. ඔනෑම දෙයක් සොයා බලා කතාකරන්න (බ)

:       0       0

බාහාතිය Thursday, 27 August 2015 02:05 PM

ඉන්දිකගේ කෙටි ප්‍රකාශය හොඳටම ප්‍රමාණවත් එක පැත්තකින් සුරපුරක් සේ දැනෙන ඇමෙරිකාව මොකක්ද කියල තේරුම් ගන්න. (අ)

:       0       0

ඉන්දික Thursday, 27 August 2015 11:17 AM

අපරාධකරයන් වැඩි වෙන්නේ මේ රටවල තියන මිනිසුන්ට හිතකර නොවෙන ආර්ථික දේශපාලන යාන්ත්‍රනය නිසයි. මෙනිසා ගොඩක් මිනිස්සුන් මානසික පීඩන වල ඉන්නේ. හිත්වල සතුටක් නැහැ. සම්ප්‍රදායික ඇමෙරිකන් ජීවිතය මතුපිටින් සිනි තවරපු තිත්ත කෑමක් වගේ. එනිසා තමා බොහෝ උගත් ඇමෙරිකානුවන් පෙරදිග දැනුම, භාවනා ක්‍රම, යෝගා ක්‍රම ගවේෂණය කරන්න පටන් අරන් තියෙන්නේ. (බ)

:       0       0

විජයබාහු Thursday, 27 August 2015 10:32 AM

අපරාද කාරයන් ඇති වෙන්නේ ඇයි නාමල් (ම)

:       0       0

නාමල් Thursday, 27 August 2015 05:18 AM

මොහාන් ප්‍රජාතන්ත්‍රවාදය කියන්නෙ මොකක්ද කියල ඉගෙනගෙන එන්න... අපරාධකාරයන් ඔනෑ රටක .. ඔන්න මේ මාධ්‍යවේදියා ඔබාමව විවේචනය කලා කියල මැරුවා නම් ඔය කතාව හරි(අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

ජනපති ජෝ බයිඩන් විලියම්-කේට් හමුවෙයි
2022 දෙසැම්බර් මස 01 261 0

ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.


ඇෆ්ගන් පාසලක බෝම්බයක් පිපිරේ
2022 දෙසැම්බර් මස 01 140 0

ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.


කෙජ්රිවාල්ගෙන් මෝදිට අභියෝගයක්
2022 දෙසැම්බර් මස 01 1407 1

ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන


අයි.එස්. ත්‍රස්ත නායකයා මියයයි
2022 දෙසැම්බර් මස 01 3580 0

තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.


සම්බාධක මඟහරින්න රුසියාව ඉන්දියාවෙන් උදව් ඉල්ලයි
2022 නොවැම්බර් මස 30 2045 0

ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම


චීනය සමඟ පැවැති සවර්ණමය යුගය අවසන්
2022 නොවැම්බර් මස 30 2357 4

මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site