සම්බාධක පනවා තර්ජනය නොකර, පවතින අර්බුදය සාකච්ඡා මාර්ගයෙන් විසඳා ගන්න කටයුතු කරන්නැයි ඉරානයේ නව ජනපති හසන් රොහානී විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් ඇමෙරිකාව ප්රමුඛ බටහිර රටවලට පැවැසීය.
‘‘ඉරානය සමඟ පවතින අර්බුදය විසඳා ගන්න ඕනෑ නම් ඒකට සම්බාධක යොදා හරි යන්නේ නැහැ. තර්ජන කිරීමෙන් පලක් නැහැ සාකච්ඡා මාර්ගයෙන් අර්බුදය විසඳා ගන්න ඕනෑ. අන්‍යෝන්‍ය විශ්වාසයක් සහ ගෞරවයක් තියෙන්න ඕනෑ” යැයි රොහානී අවධාරණය කර සිටී.
රොහානී මේ බව කියා සිටියේ ඉකුත් 3 වැනිදා නව ජනපති ලෙස දිවුරුම් දීමෙන් පසු පැවැති මාධ්‍ය හමුවේදීය. නව ජනපති ලෙස රොහානී ධුරයේ දිවුරුම් දෙද්දී පවා ඉරාන න්‍යෂ්ටික වැඩසටහන ලොවට තර්ජනයක් බව කියමින් ඇමෙරිකාව ඉරානයට එරෙහිව නව සම්බාධක පැනවීය.
න්‍යෂ්ටික වැඩසටහනට මුවා වී ඉරානය පරමානු බෝම්බ නිපදවන බවට ඇමෙරිකාව චෝදනා කරයි. ඇමෙරිකා රජය ඉරානයට එරෙහිව වෙළෙඳ සහ ආර්ථික සම්බාධක පනවා ඇත්තේ එහෙයිනි.
ඇමෙරිකාවෙත් සෙසු බටහිර රටවලත් අරමුණ වී ඇත්තේ ඉරානය ලොවෙන් හුදෙකලා කිරීමය. වෙළෙඳ සහ ආර්ථික සම්බාධක හේතුවෙන් ඉරානය සමඟ තෙල් ගනුදෙනු කිරීම පවා සෙසු රටවලට තහනම් කිරීමට ද ඇමෙරිකාව කටයුතු කර තිබේ.
ඉකුත් ජූනි 14 වැනිදා පැවැති ජනපතිවරණයෙන් විශිෂ්ඨ ජයක් හිමිකර ගත් මධ්‍යස්ථමතධාරියකු ද වන රොහානීගේ දිවුරුම් දීම සිදුවූයේ ඉරානයේ උත්තරීතර නායක අයතුල්ලා කොමේනී ඉදිරියේය. එම අවස්ථාවට ධුරයෙන් ඉවත් වී යන ජනපති මොහොමඞ් අහමදිනෙජාද් ද පැමිණ සිටි අතර ඔහු නව ජනපතිවරයාට සුබ පැතුම් එක් කළේය.
ඉරානයේ ජනපති ධුරය හිමිවන්නේ උත්තරීතර නායක කොමේනීගේ සහ ඔහුගේ නායකත්වයෙන් යුත් උත්තරීතර පාලක මණ්ඩලයේ අනුමැතිය හිමි වන අපේක්ෂකයක්ටය. රොහානී, උත්තරීතර නායක කොමේනිගේ හිතවතෙක් මෙන්ම ආගමික නායකයෙක් ද වෙයි.
රොහානී බටහිර රටවල් සමඟ හොඳ හිත ඇති කර ගනීවි යැයි කාගේත් අදහස වී ඇත. ඔහු ඉරාන න්‍යෂ්ටික වැඩසටහන සම්බන්ධයෙන් නියෝජිතවරයකු ලෙස බටහිර රටවල් සමඟ කටයුතු කර ඇති අයෙකි.
ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.
ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.
ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන
තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.
ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම
මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
සම්බාධකත් තර්ජනත් එපා
මහින්ද Tuesday, 06 August 2013 01:08 PM
න්‍යෂ්ටික වැඩ නවත්තලා ඉන්න
මහින්ද Tuesday, 06 August 2013 01:08 PM
න්‍යෂ්ටික වැඩ නවත්තලා ඉන්න
කපිල Tuesday, 06 August 2013 01:20 PM
කුමෙනි ඉන්නකම් ඉරානයට කරුමෙන් ගැලවෙන්න බැහැ
තරුත් සීකෙර් Tuesday, 06 August 2013 02:24 PM
ඇමරිකාව තමා ලෝකෙටම කරුමේ අනුවණයෝ වගේ කතා නොකර ඉතිහාසය බැලුවොත් හොදා. පරමාණු බෝම්බ වලින් පහරදීපු මිනිස්සු කියල. තමරට යුද්ධය මය අතින් ශක්තිමත් කිරීම හැමරටකටම අවශ්‍ය දෙයක්. ඇමරිකාව ප්‍රමුක බටහිර ගැත්තන් නොවීමට අපි කරමු
බෙල්ලි බෙන් Tuesday, 06 August 2013 02:28 PM
ඇමරිකාව තමා ලෝකෙටම කරුමේ අනුවණයෝ වගේ කතා නොකර ඉතිහාසය බැලුවොත් හොදා. පරමාණු බෝම්බ වලින් පහරදීපු මිනිස්සු කියල. තමරට යුද්ධය මය අතින් ශක්තිමත් කිරීම හැමරටකටම අවශ්‍ය දෙයක්. ඇමරිකාව ප්‍රමුක බටහිර ගැත්තන් නොවීමට අපි කරමු
සුහිත් Tuesday, 06 August 2013 03:18 PM
. මේ යන විදියට එයාට ස්වාභාවික මරණයක් අත්වීමේ ඉඩ අඩුයි. (අ)
ලුම්බිණි Tuesday, 06 August 2013 03:44 PM
මොනම රටක වත් පුජ්‍ය පක්ෂය දේශපාලන කටයුතු වලට සම්බන්ධ නොවිය යුතුයි. (නි)
උපාලි. Tuesday, 06 August 2013 03:58 PM
ප්‍රජාතන්තවාදය ගැන ලෝක පොලිස් කාර ජොබ් එක කරන ඇමෙරිකාව ලංකාවේ පොලිස් ක්රමනේ මෙතනදි අනුගමනය කරන්නේ. හරිනම් ඇමෙරිකාවයි කියන්න ඕන සාකච්චා මාර්ගය ගැන. .........නොවැ දැන් ප්රජාතන්ත්රවාදී ක්‍රමය පෙන්වල දෙන්නේ. මොක වුනත් ලෝක බලවතා ඉදිරියේ නගුට සඟවා ගන්නේ නැති රටවල් තියෙන එක ලොකු සැනසීමක්. (දී)
දිලිප් Tuesday, 06 August 2013 06:08 PM
ඇමෙරිකාව නිසා අපිත් ගැලවිලා ඉන්නවා . (නි)
වීර Wednesday, 07 August 2013 09:30 AM
කොච්චර මොන වැඩ කළත් ඇමෙරිකාව නොහිටින්න අපේ ලංකාවත් මෙලහකට අරගොල්ලෝ අල්ලලා. (නි)