X Advertisement
IMG-LOGO

2025 ජුලි මස 13 වන ඉරිදා


සයිබීරියාවේත් මකර කටක්

පසුගිය සමයේ සයිබීරියාවේ මතුවූ මහා ආගාධයන් හා නැව් හා ගුවන්යානා අතුරදන්වන්නේයැයි කියන බර්මියුඩා ති‍්‍රකෝණය අතර සබඳතාවක් පැවතිය හැකියැයි විද්‍යාඥයෝ කියති.

සයිබීරියාවේ යමාල් හා ටයිමයිර් අර්ධද්වීපයන්ගේ මහා ආගාධයන් 3 ක් ඇතිවුනු අතර ඒවා එකක් ගැඹුරින් අඩි 70 ක් පමණ විය. ආගාධයක මුවවිට අඩි 80 ක පමණ විශ්කම්භයකින් යුතුවිය.

මෙම ආගාධ ඇතිවන්නට ඇත්තේ කෙසේදැයි පැහැදිලි කිරීමට නොයෙකුත් මතයන්ද ඉදිරිපත් විය.

මේ වන විට බොහෝ දෙනෙකු පිළිගන්නා මතයක් බවට පත්ව ඇත්තේ පොළව යට ගෑස් පිපිරීමක් සිදුවී මෙම ආගාධයන් ඇතිවන්නට ඇතැයි යන්න වන අතර එම සංසිද්ධිය බර්මියුඩා ති‍්‍රකෝණය වෙත ඈදා ගැනීමට දැන් විද්‍යාඥයෝ සැරසෙති.

පොළව අභ්‍යන්තරයේ ඇති අයිස් කුට්ටි වල ගෑස් අණු සිරවී පවතින බවත් මෙම අයිස් කුට්ටි දියවීමේදී මෙම ගෑස් අණු නිදහස් වන බවත් ආවාට ඇතිවීම පැහැදිලි කිරීම සදහා ඉදිරිපත්ව ඇති ගෑස් පිපිරීමේ මතයෙන් කියැවේ.

මෙසේ නැවත නැවත ගෑස් අණු නිදහස්වී එක් අවස්ථාවකදී පුපුරායෑමේ ප‍්‍රතිඵලයක් ලෙස මෙම මහා ආගාධයන් උද්ගතවී තිබෙන බව එයින් පැවසේ.

පොළව අභ්‍යන්තරයේ ඇති අයිස් දියවන්නට ඇත්තේ කෙසේදැයි පැනයටත් පිළිතුරක් දී තිබෙන මෙම මතය ඉදිරිපත් කළ විද්‍යාඥයෝ පවසන්නේ පසුගිය සමයේ සයිබීරියාවේ තිබූ උණුසුම් කාලගුණය ඊට හේතුව බවයි.

මෙය නැව් හා ගුවන්යානා අතුරුදන්වන කලාපයක් ලෙස සැළකෙන උතුරු අත්ලන්තික සයුරේ බර්මියුඩා ති‍්‍රකෝණ කලාපයේ සිදුවීම් පැහැදිලි කිරීම සඳහාද යොදාගත හැකි යැයි ඇතැම් විද්‍යාඥයින්ගේ අදහසයි.

ඔවුන් පෙන්වා දෙන්නේ එම කලාපයේ මුහුදු පතුලේ මෙසේ ගෑස් පිපිරීම් සිදුවන්නේ යැයි සිතුවහොත් ගෑස් බුබුලූ ජලයට එක්වන නිසා ජලයේ ඝණත්වය පහළ ගොස් එය මතින් ගමන්ගන්නා නෞකාවක් ගිලී යෑමේ අවදානමක් ඇති වන බවයි.

අනෙක් අතට ගෑස් පිපිරීම් සිදුවී වායූන් ඉහළ වායුගෝලයට එකතුවීම නිසා වායුගෝලයේ ඝණත්වයද වෙනස්වී ගුවන්යානා පියාසර කරවීමේ ගැටලූද ඇතිවිය හැකි බවත් ඔවුන් පවසයි.

කෙසේනමුත් බර්මියුඩා ති‍්‍රකෝණයේ ඔය කියන ආකාරයේ නැව් අතුරුදන්වීමක්වත් ගුවන්යානා විනාශ වීමක්වත් සිදුනොවන බව අවධාරණය කර සිටින විද්‍යාඥයෝද වෙති.

ඔවුන් පවසන්නේ එම කලාපයේ අතුරුදන්වන හො විනාශ වන හෝ නැව් හා ගුවන්යානා ප‍්‍රමාණයත් ලොව වෙනත් ප‍්‍රදේශයක විනාශ වන ප‍්‍රමාණයත් අතර වෙනසක් නොමැති බවයි. ක්ෂණිකව සිදුවන කාලගුණ විපර්යාස, ගමන් මාර්ගය තීරණය කිරීමේදී ගන්නා අයහපත් තීන්දු තීරණ මේ කලාපයේ නැව් හා ගුවන්යානා විනාශ වීම කෙරෙහි බලපා ඇති කරුණු වන්නේයැයි ඔවුන් කියයි.

නමුත් ප‍්‍රතිවිරුද්ධ පාර්ශවය පවසන්නේ එම කරුණු වලට වඩා වැඩි යමක් මේ කලාපයේ ඇති බවයි. සයිබීරියාවේ මහා ආවාටයන් මේ අභිරහස පැහැදිලි කරදෙන බවක් පෙනෙන හෙයින් මේ පිළිඹද වැඩිදුර පරීක්ෂණ පැවැත්විය යුතුව ඇතැයි ඔවුන්ගේ මතයයි.

1412940156731_wps_9_YAMAL_CRATER_1_Siberian_s 1412940248821_wps_10_YAMAL_CRATER_edge_of_the_



අදහස් (0)

සයිබීරියාවේත් මකර කටක්

සමීර Monday, 13 October 2014 08:22 AM

මට නම් පෙනෙන විදිහට පිටසක්වල යානා නවත්වා තිබිලා තියෙන තැනක් වගේ. වළ යන්ත්‍රයකින් සුමටව කපලා තියෙන්නේ. පිපිරීමකින් මෙහෙම සුමට වළක් හෑරෙන්න විදිහක් නැහැ. ගොඩදාලා තියෙන පස් ප්‍රමාණය බොහොම ටිකයි නේද? මීට වඩා පස් තියෙන්න ඕනෑ නේද? (නි)

:       0       0

තරිදු Wednesday, 15 October 2014 06:05 PM

පිටසක්වල ජීවීන් මෙහෙ කරන රහස් ක්‍රියා ඇමෙරිකාව හොඳට දන්නවා. නමුත් ඒවා ලෝකයට හැමදාම රහසක් විදියට තිබේද? (නි)

:       0       0

දුලාන් Tuesday, 14 October 2014 05:30 PM

හෑරුව එකක් නම් එක උදලු පාරක් පෙන්වන්න (නි)

:       0       0

ඉන්දික Tuesday, 14 October 2014 11:16 AM

මට නම් සිතෙන්නේම ශ්‍රි ලංකාවේ දේශපාලඥයෙක් සයිබීරියාවට උඩින් ගුවන් ගමනක යෙදෙන අවස්ථාවක තම යාබද අසුනේ සිටි විදේශිකයෙකුට ලංකාවේ සැබෑ තත්වය පිළිබඳ නොකියා පැවසූ බේගලයක් නිසා මහා පොළොව කම්පාවී ඇති බවයි . (නි)

:       0       0

බණ්ඩාර Tuesday, 14 October 2014 09:43 AM

මාත් හිතන්නේ කවුරු හරි හාරපු වලක් කියලා.(හේ)

:       0       0

ගයාන් Tuesday, 14 October 2014 08:21 AM

මම හිතන්නේ කව්රු හරි හාරපු වලක් මේක .(හේ)

:       0       0

ගයාන් Tuesday, 14 October 2014 07:52 AM

පිට සක්වල ජිවින්නම් නෙමේ .ලංකාවේ යාපනය ප්‍රදේශයේත් පතුලක් නැති ළිඳක් ඇති බව අසා තිබෙනවා,ඒත් වැඩි විස්තරයක් දන්නේ නෑ.(හේ)

:       0       0

සරත් Tuesday, 14 October 2014 06:30 AM

සියළුම කරුණු සොයා බලා මේ සම්බන්ධයෙන් නිශ්චිත නිගමනයකට එන්න.(හේ)

:       0       0

චන්ද්‍රා වීරසිංහ Monday, 13 October 2014 09:04 PM

ලංකාවේ යාපනය ප්‍රදේශයේත් පතුලක් නැති ළිඳක් ඇති බව අසා තිබෙනවා.දන්නා කවුරු හෝ විස්තර කරන්න. (නි)

:       0       0

සාරංග Monday, 13 October 2014 12:03 PM

විකි සහ සනත්, මොනවද මේ දොඩවන්නේ? පිටසක්වල ජීවයක් තියනවා කියලා කිසිම සාධකයක් නැතිකොට මෙහෙම දොඩවන්නේ මොන එහෙකටද? (නි)

:       0       0

බෙනට් Monday, 13 October 2014 09:05 AM

අගාදයක් කියපුවම මම හිතුවා පහල නොපෙනෙන තරම් ගැඹුරක් ඇති කියා ඒත් එතරම් ගැඹුරු නෑනේ.(හේ)

:       0       0

ගාමිණී සිරිවර්දන Sunday, 12 October 2014 08:08 AM

අගාධය කෙසේ වෙතත් ඈත තණ නිල්ලටටත් ඉහලින් වටේ ඇති පස් ගොඩත් වක්‍රා කාරව යන්ත්‍රයකින් හාරා ගොඩ දැමු අඩි 70 ක ගැඹුරු වලක්. අාඝාධයක් කියන්නේ ලෝකාන්තය වගේ ඇසට නොපෙනෙන තරම් භූ ඝර්භයක්. මට නම් පෙනෙන්නේ මොනවා හරි ඛනිජ සම්පතක් සොයා කරන ලද කැණීමක් බවයි (නදී)

:       0       0

ට්‍රිශාන් Monday, 13 October 2014 05:32 AM

බර්මියුඩාව ගැන තාමත් අපට නිශ්චිත නිගමනයක් නැහැ. එහි නැතිවුණ කිසිම දෙයක කිසිම සලකුණක්වත් නැහැ. සමහරවිට මෙය නම් අපි අඟහරුගේ පොළොව හාරනවා වගේ පිටසක්වලින් ඇවිල්ලා මෙහෙත් හාරලා බලලා සාම්පල් අරන් ගියාද දන්නේ නැහැ (නි)

:       0       0

රුක්මාල් Monday, 13 October 2014 05:00 AM

මේ ආගාධයෙයි බන්දුල පෙරේරාගේ කටෙයි කිසිම වෙනසක් නැහැ. (නි).

:       0       0

සුගත් බණ්ඩාර Monday, 13 October 2014 04:39 AM

මෙන්න ලෝකයේ මිනිසුන්ටත් වැඩිය දියුණු ජීවී කොටසක් ඉන්නවා කියන එකට හොඳම සාක්ෂියක් (නි)

:       0       0

ගජේන් Monday, 13 October 2014 03:26 AM

නදීකා, මොකද ඔයාටත් සෞදියේදී මොකක්හරි ප්‍රශෟනයක් වුණාද? (නි)

:       0       0

දිනේෂ් Sunday, 12 October 2014 04:35 PM

සනත් හරි. මෙය පිටසක්වල ජිවීන්ගේ ක්‍රියාකාරකමක්. ඔවුන් මොනයම් හෝ දෙයක් සොයන්නට කළ කැණීමක් වියහැකියි. මෙය යම් යන්ත්‍රයකින් හාරා ඇතිබවක් පෙනීයනවා. ඔවුන් විශ්වය පුරා සම්පත් සොයමින් යනවා. මේ ලෝකයේ අපි නොදන්නා බොහෝ රහස් සැඟවී පවතිනවා. අපට ඒවා ගැන හිතන්නවත් බැහැ (නි)

:       0       0

සනත් Sunday, 12 October 2014 02:44 PM

මේක මෙහෙම වුණේ පිටසක්වල ජිවීන් නිසා කියලා මටනම් හිතෙන්නෙ මේවගේ ආගාධ හාරා තමයි පිටසක්වල ජිවීන්ගේ රහස් ආයුධ ගබධා කරන්නේ පිටසක්වල ජිවීන් පෘතුවියට විවිධ බලපෑම් ඵල්ලකරන්නේ අද ඊයේ නෙමෙයිනේ.(හේ)

:       0       0

රිකී Sunday, 12 October 2014 02:01 PM

දිවුල් ගෙඩි විදින `ඉල්ලෝ` වගේ ආදී කාලේ හිටපු යෝධ පනුවෝ ජාතියක් මහ පොලවේ මදේ කන්න හාරපු තැන් වගෙයි මට නම් පෙනෙන්නේ. (හේ)

:       0       0

නදීකා Sunday, 12 October 2014 12:16 PM

සෞදි අරාබියට එකක් එවන්ට බැරිද ? (නදී)

:       0       0

රජින්ද Sunday, 12 October 2014 10:58 AM

ඔය වගේම උනත් ඔයිට වඩා බිහිසුණු සිද්ධියක් වෙලා තියෙනවා 1908 ජුනි 30 වෙනිදා සයිබීරියාවේ "පොද්කමෙන්යා තුන්ගුස්කා ගංගාව" ගලා යන වනාන්තර ප්‍රදේශයේ. එම පිපිරීමේ ප්‍රමාණය හිරෝෂිමා පරමාණු බොම්බේ මෙන් 1000 ගුණයක් බවයි පැවසෙන්නේ. මේ වෙනකම් එම තුන්ගුස්කා පිපිරීම සිදු වූ ආකාරය ගැන නිශ්චිත පැහැදිලි කිරීමක් නැතත්, ස්වභාවික ගෑස් බහුල සයිබීරියාවේ භූගත ගෑස් පෘතුවි පෘෂ්ඨයට ඇවිත් සිදු වූ මහා පිපුරුමක් කියා බොහෝ මත පළවනවා. (නදී)

:       0       0

ගාමිණී Sunday, 12 October 2014 08:08 AM

අගාධය කෙසේ වෙතත් ඈත තණ නිල්ලටටත් ඉහලින් වටේ ඇති පස් ගොඩත් වක්‍රා කාරව යන්ත්‍රයකින් හාරා ගොඩ දැමු අඩි 70 ක ගැඹුරු වලක්.අඝාධයක් කියන්නේ ලෝකාන්තය වගේ ඇසට නොපෙනෙන තරම් භූ ඝර්භයක් !මටනම් පෙනෙන්නේ මොනවා හරි ඛනිජ සම්පතක් සොයා කරන ලද කැණීමක් බවයි (හේ)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

ජනපති ජෝ බයිඩන් විලියම්-කේට් හමුවෙයි
2022 දෙසැම්බර් මස 01 261 0

ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.


ඇෆ්ගන් පාසලක බෝම්බයක් පිපිරේ
2022 දෙසැම්බර් මස 01 140 0

ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.


කෙජ්රිවාල්ගෙන් මෝදිට අභියෝගයක්
2022 දෙසැම්බර් මස 01 1407 1

ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන


අයි.එස්. ත්‍රස්ත නායකයා මියයයි
2022 දෙසැම්බර් මස 01 3580 0

තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.


සම්බාධක මඟහරින්න රුසියාව ඉන්දියාවෙන් උදව් ඉල්ලයි
2022 නොවැම්බර් මස 30 2045 0

ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම


චීනය සමඟ පැවැති සවර්ණමය යුගය අවසන්
2022 නොවැම්බර් මස 30 2357 4

මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site