බැංකු ගනුදෙනු සඳහා රහස් කේත සහ මුර පද වෙනුවට ඇඟිලි සළකුණු ඔස්සේ අනන්‍යතාව තහවුරු කර ගැනීමේ ක්‍රමවේදයක් නව තාක්ෂණය ද මුසු කර ගනිමින් හඳුන්වා දීමට ජපන් රජය සැරසේ.
සෑම වසරකම කෝටි හතර කට වැඩි සංචාරකයන් පිරිසක් ජපානයට පැමිණෙති. මොවුන් බියෙන් සැකයෙන් මුදල් ගනුදෙනු සිදු කරන බව හෙළි වී ඇති හෙයින් එය මඟ හරවා ගැනීමට සංචාරකයන් ඉලක්ක කර ගනිමින් මෙම නව ක්‍රමවේදය හඳුන්වා දුන් බවත් ජපානය පවසයි.
රට පුරා ව්‍යාප්තවන අයුරින් ආරම්භ කරන මෙම නව ක්‍රමවේදයට විදෙස් සංචාරකයන්ට බියක් සැකක් නොමැතිව, ඉතා ආරක්ෂිතව ඔවුන්ගේ ගිනුම්වලට ප්‍රවේශ විය හැකි බවත් ක්‍රෙඩිට් කාඩ් පරිහරණය කළ හැකි බවත් ජපන් රජය පැහැදිලි කරයි.
අද වනවිට බොහෝ දෙනකු ස්මාර්ට් ෆොන් දුරකතන භාවිතා කරමින් බැංකු ගනුදෙනු සිදු කරන බවත්, එහිදී ගිනුම්වලින් මුදල් ලබා ගැනීමට ඇඟිලි සලකු-ණු පරීක්ෂා කරන පරිගණක මෘදුකාංග සම්බන්ධ කර ඇති බවත් ජපන් රජය වැඩි දුරටත් කියා සිටී.
මේ සඳහා තමන් ජපන් ජංගම දුරකතන සමඟ ද සම්බන්ධ වී කටයුතු කරන බව ජපන් බලධාරීහු වැඩි දුරටත් කියා සිටිති. මෙම නව ක්‍රමවේදය වසර 2020 දී ටෝකියෝ අගනුවර පැවැත්වෙන ඔලිප්මික් උලෙළ නිමිත්තෙන් ජපානයට පැමිණෙන විදෙස් සංචාරකයන්ට පහසුවක් වනු ඇතැයි ද පැවැසෙයි.
ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.
ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.
ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන
තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.
ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම
මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
සල්ලි බල්ලට යයි
චාමර Tuesday, 12 April 2016 10:46 AM
මෙහෙම දියුණු ක්‍රම අනුගමනය කරන නිසයි ඔවුන් දිනෙන් දින ඉහළට යන්නේ (නි)
ප්‍රියන්ත Tuesday, 12 April 2016 04:15 PM
අපේ අය කරන්නේ ළංකර ගන්න ඕනෑ රටවල් අතේ දුරින් තියාගෙන ඉන්දියාව ළංකර ගන්නවා. අපිට සොරිම තමයි (නි)
සුපුන් Tuesday, 12 April 2016 07:25 PM
අරෙහේ අපේ විශ්ව විද්‍යාල ළමයි උද්ඝෝෂණලු. මෙහේ ඇත්තෝ පැනමාවේ සල්ලි හංගලලු. දොස්තරලා හෙදියෝ වර්ජන කරන්නෙම නැහැලු. ලංකාව ජපානේටත් වැඩිය දියුණුයිලු. (නි)
කෝනාර Wednesday, 13 April 2016 12:52 AM
අපේ අය දෙහිගෙඩි එල්ලනවා වාහනේ ආරක්ෂාවට. ජපනා “එයා බෑග්“ හදනවා. අපේ අය පොල් ගහනවා, දේවාල ගානේ යනවා හොරු අල්ලන්න. ජපනා ඇඟිලි සළකුණු ක්‍රම හදලා හොර නැති කරනවා. (නි)
ගයාන් Wednesday, 13 April 2016 12:55 AM
මේ වගේ නීතිය අකුරට ක්‍රියාත්මකවන පිරිසිදු ලස්සන රටක ඉන්න මිනිසුන් සැබෑ වාසනාවන්තයෝ. අපිට ආතතිය හැදෙන්නෙ අපේ ප්‍රශ්න නිසාම නොවෙයි. රටේ තියෙන වැරදි වලටයි. රටේ නීතියක් හරියට නැහැ. (නි)
සිරි Wednesday, 13 April 2016 02:59 AM
ජපානෙට ආවඩන අය එහෙ යන්නකෝ මෙහෙ ඉන්න බැරි නම් (නි)
බණ්ඩාර කුවේට් Wednesday, 13 April 2016 04:24 AM
අපේ පොල් ගහන මිරිස් අඹරන බොහෝදෙනෙක් උපාධිකාරයෝ සහ නීතිය ඉගෙනගත් අය. මේ අය ගැන පුදුමත් හිතෙනවා (නි)
ප්‍රනාන්දු Wednesday, 13 April 2016 07:28 PM
60% අලස මිනිසුන් සිටින ශ්‍රී ලංකාව කවදා දියුණුවෙයිද? (නි)
සුනිල් ගිකියන්ගේ Thursday, 14 April 2016 08:19 AM
රහස් අංකයක් තිබුනොත් වැරදි අංකයක් ගහලා හරි මංකොල්ලකාරයන්ගෙන් කප්පම්කාරයන්ගෙන් බේරෙන්න පුලුවන්. එ්ත් ඇඟිල්ල අතේම තියන නිසා තුවක්කුව මානලා ඇඟිල්ල තියාපිය කියලා හරි, නැත්නම් උන්ම ඇඟිල්ල තියලා හරි සල්ලි ටික හොරකම් කරාවි (නි)
ටිකිරි Thursday, 14 April 2016 05:27 PM
ලංකාවේ දේශපාලකයෝ පඩි නොගෙන, නොමිලේ වැඩකරන දවසක ලංකාව දියුණුවෙයි (නි)