X Advertisement
IMG-LOGO

2025 ජුලි මස 11 වන සිකුරාදා


සලාදයේ ගුණ වැඩිකරන ඔලිව් තෙල්

සලාද ආහාරයට ගැනීමේ දී ඔලිව් තෙල් සහ අලිගැට පේර කැබලි කිහිපයක් එක්කැර ගැනීමෙන් වඩාත් හිතකර තත්ත්වයක් ලැබෙන බව පර්යේෂණයකින් තහවුරු වී ඇත.

මේ බව පෙන්වා දෙන්නේ ලන්ඩන් නගරයේ කිංග්ස් කොලීජියේ පර්යේෂකයන් කණ්ඩායමක් විසිනි. ඔවුන් පවසන්නේ ඔලිව් තෙල්වල අඩංගු අසංතෘප්ත මේද අම්ල හේතුවෙන් සලාදවල ගුණය වැඩිවන බවයි.

දෙයාකාරයක ආහාර අනුභව කරණ විට රසායනික ප්‍රතික්‍රියාවක් ආමාශය තුල සිදුවන බව ද ඔවුහු කියති.



අදහස් (0)

සලාදයේ ගුණ වැඩිකරන ඔලිව් තෙල්

චන්ද්‍රා Tuesday, 27 May 2014 04:15 AM

පහන්දි මමත් දවසක් ඔලිවේ ගෙඩි මිලදී ගත්තා. කන්න බැහැ හරිම තිත්තයි. කොහොමද ඔයාල මේවා කෑමට ගන්නේ. විශේෂ ක්‍රමයක් තියෙනවද? (නදී)

:       0       0

ධනුෂ්ක Sunday, 25 May 2014 11:27 AM

ඔලිව් ඔයිල් වලට අපේ ලංකාවේ මිනිස්සු තාම පුරුදුවෙලා නැහැ. ඔලිව් ඔයිල් ඉතාම ගුණ දායක දෙයක්. (ස)

:       0       0

පුෂ්පසිරි පැරිස් Sunday, 25 May 2014 06:50 PM

ඔලිව් තෙල් කර කරපු පාන් වල තවරා කෙමත් යුරෝපයේ කරනවා . එපමණ ගුණයක් ඔලිව් තෙල් වල තියේ කියා . කොලොස්ටෝරෝල් සෑදෙන්නේ නැති බවත් කියනවා . සෑම කෑමක් සාදන විටම එයට ඔලිව් තෙල් අඩංගු කිරීම මෙහි සිරිතක්. (ස)

:       0       0

චන්ද්‍රා Monday, 26 May 2014 03:56 AM

ජීවා සඳුන් සහ ශාන් සඳහන් කරලා තියෙනවා සහල් තෙල්වල නාමය. (අ)

:       0       0

චන්ද්‍රා Monday, 26 May 2014 04:12 AM

ඔලිව් ඔයිල් නිපදවන රටවල ගැඹුරු තෙලේ බඳින්නේ නැහැ. අදාල වෛද්‍යවරු අනුමත කරන්නේ නැහැ. අපි සිටින රටේ නීතිය අනුව යමක් නිෂ්පාදනය කිරීමේදී එය පාවිච්චියට ගන්නේ කෙසේද සදහන් කරන්න ඕනා. ඒ අනුව නිෂ්පාදනයේ සඳහන් වෙන්නේ මෙන්න මෙහෙම සලාද මිශ්‍රණයට, පාන්වල පෙගවීමට, සුප්වලට උඩින් ඉසීමට, මද රස්නයේ තෙම්පරදුවට පමණයි.(නදී)

:       0       0

චන්ද්‍රා Monday, 26 May 2014 04:29 AM

සහල් තෙල්වල උපරිම ස්මොකේ පොයින්ට් එක 250. උයන්න, ග්‍රිල් කරන්න , බදින්න පුළුවන් බව සඳහන් වෙනවා. මෙය මුලින්ම නිෂ්පාදනය කරලා තියෙන්නේ තෛලන්තයේ. මෙම තෙල්වලින් කෑම සැදීමේදී කෑමවල රස මිස තෙල්වල රසයක් එකතු නොවේ. එම නිසා කෑම ඉතා රසවත්. ශර්රියට අගුනත් නැත. මම ඉන්න රටේ මෙම තෙල් නිෂ්පාදනයට සැරසෙනවා. හෝටල්වල මහා පරිමාණ බැදුම් සඳහා යොදා ගන්න. මේ මගින් අහිතකර මේදය ශරිරවලට එකතුවීම වලක්වන්න පුලුවන්.(නදී)

:       0       0

ප්‍රසන්න Monday, 26 May 2014 03:25 PM

අපේ රටේ මම දන්නා තරමට 50% කට වැඩිය ඉන්නේ පොල්තෙල් ගාන්නවත් ආර්ථිකය නැති අය. (නදී)

:       0       0

සඳුන් Monday, 26 May 2014 06:09 PM

ප්‍රසන්න, ඔබ හරි. අපි මොනවා ලියුවත් අපේ රටේ බහුතරයකට අහිතකර මේදය තියෙන තෙල් ටිකක්වත් නෑ. ඒ ගැන හරිම කණගාටුයි. නමුත් මම හිතන්නේ අපි දන්නා දේ ලිවීම වැදගත්. නැත්නම් අසත්යෙන් සත්‍ය වැහිලා යනවා. (නදී)

:       0       0

පහන්දී Monday, 26 May 2014 06:15 PM

චන්ද්‍රා, ඔයා හරි මම ඉන්න රටේ ඔලිව් තෙල් නිෂ්පාදනය කරනවා, එයාල ගැබුරු තෙලේ බැදීමට ඔලිව් තෙල් ගන්නේ නැහැ, නමුත් සමහර කෑම පිසින විට ඔලිව් තෙල් ගන්නවා ,ඔලිව් තෙල් වගේම ඔලිව් ගෙඩිත් හරිම ගුණයි, එය වෙරළු (ගැට සන්දියේ )ගෙඩි වගේ, ඔලිව් ගෙඩියේ ඇටෙත් වෙරළු ඇටේ වගේමයි ., එතරම් උස නැති ගස මේ දිනවල මල් හටගෙන ඇත ඔලිව් ගෙඩි පාට දෙකකින් තිබේ (කොළ පාට සහ කළු පාට) වසරකට එක් වතාවයි හැදෙන්නේ , රස වගේම ගුණයි ඔලිව් තෙල් සහ ගෙඩි....!!!(නදී)

:       0       0

ඉශාර Sunday, 25 May 2014 10:54 AM

ඔලිව් තෙල් රජ බොජුනක්. (ස)

:       0       0

මහසෙන් Tuesday, 27 May 2014 04:51 PM

චන්ද්‍ර, ඔලිව් මල් වල සුවඳත් වෙරලු මල් වල සුවඳ වගේමද? (ස)

:       0       0

පහන්දී Tuesday, 27 May 2014 06:19 PM

නැහැ චන්ද්‍රා, විශේෂ ක්‍රමයක් නම් නැහැ. ටිකක් තිත්ත තමයි. ඒත් නෙල්ලි වල වගේ තිත්ත ගතිය තිබුනට හරිම ගුණයි. ඔලිව් ගෙඩි එකක් දෙකක් කන්න ටික ටික පුරුදු වෙයි. දැන්නම් මම හරිම කැමති කෑමක් තමයි. (නි)

:       0       0

පහන්දී Tuesday, 27 May 2014 06:27 PM

මහසෙන්, ඔයා චන්ද්‍රගෙන් ඇසූ ප්‍රශ්නය නිසාම, මම මේ දැන් ඔලිව් ගසේ පිපී ඇති මල් සුවඳ බැලුවා.එහි කිසිම සුවඳක් හෝ ගඳක් නැහැ. දැන් චුටි ගෙඩිත් තියෙනවා. එම ගෙඩි එන ශීත සමය වනවිට කඩනවා. ඒවායින් තමයි තෙල් හදන්නෙත්. සබනුත් හදනවා (නි)

:       0       0

ලසන්ත Wednesday, 28 May 2014 06:39 AM

ඔලිව් තෙල් සමේ ගාන්නත් හොඳයි. හැබැයි රෑට විතරයි ගාන්න ඕනෑ. හිරු එළියට නිරාවරණය වුණොත් කලු වෙනවා (නි)

:       0       0

පහන්දී Wednesday, 28 May 2014 11:22 AM

ඔව් ලසන්ත ඔයා හරියටම හරි, මට ලියන්න අමතක වුන දේ ඔයා ලියලා.(නදී)

:       0       0

අජිත් Wednesday, 28 May 2014 06:10 PM

මහසෙන් අහල තියෙන ප්‍රශ්නය මට නම් හිතෙන්නේ හිතේ තව දෙයක් තියාගෙන කියලයි (අ)

:       0       0

වීරා Friday, 30 May 2014 08:11 PM

අජිත් දන්නවා නේද සුවද මොන වගේද කියල(අ)

:       0       0

කැනඩා දිසා Saturday, 24 May 2014 08:22 AM

ඔලිව් තෙල් බැදීම් සඳහා සුදුසු නැත යනු මගේ විශ්වාසයයි. (නදී)

:       0       0

බමුණුසිංහ Friday, 23 May 2014 07:25 AM

ඔලිව් තෙල් බැදීම් වලට යොදාගැනීම සුදුසුද? (නි)

:       0       0

චන්ද්‍රා Friday, 23 May 2014 10:58 AM

ඔලිව් තෙල් වැඩියෙන්ම හොඳ සලාදවලට. තෙම්පරාදු කරන්නත් ගන්නවා, දුම් දාල තෙල් රත්වෙන්න පෙර. බදිනවා නම් සහල් කුරුට්ටෙන් හදපු සහල් තෙල් ,කැනොලා තෙල් ගන්නවා. ඔලිව් තෙල් අමුවෙන් හදවතට ඉතා ගුණදායක උනත් බදින්න ගත්තොත් ඉතාම නරකයි. සහල් තෙල් උයන්න බදින්න දෙකටම හොඳයි. (ස)

:       0       0

රාජුන් Friday, 23 May 2014 02:44 PM

මේක පරම්පරා ගානකට ඉස්සෙල්ල හොයා ගත්ත දෙයක් නේද? (දිල්)

:       0       0

සිරියලතා කෙන්ය Friday, 23 May 2014 03:20 PM

අම්මෝ චන්ද්‍ර දන්නා දේවල්,බොහොම ස්තුති (අ)

:       0       0

ජීවා Friday, 23 May 2014 06:30 PM

චන්ද්‍ර දන්නේ නැති නිසා අහන්නේ , සහල් කුරුටෙන් හදන තෙල් වල නම මොකද්ද? (අ)

:       0       0

රෙහාන් Friday, 23 May 2014 09:29 PM

මේ වගේ හොඳ දේවල් පල කිරීම ගැන ලංකාදීපයට අපගේ ප්‍රණාමය (දී)

:       0       0

ශාන් Saturday, 24 May 2014 01:14 AM

ජීවා මම හිතන්නේ ඒ තෙල Rice Barn සුපර් මාකෙට් වල වල තියනවා.(නදී)

:       0       0

සුජිත් Saturday, 24 May 2014 01:54 AM

ආහාරයට ගන්නා තෙල් වර්ග ඉහල උෂ්ණත්වයට ඔරොත්තු දෙන වර්ග හා ඔරොත්තු නොදෙන වශයෙන් වර්ග දෙකක් තියෙනවා. සහල් කුරුට්ටෙන් ගන්න තෙල් (බේරේන් ඔයිල් ) පොල් කුරුට්ටෙන් ගන්න තෙල් කපු ඇට තෙල් ඔලිව් තෙල් ආදිය ඉහල උෂ්ණත්වයට ඔරොත්තු දෙන වර්ග වෙනවා. බැදීමේදී තෙල් අනු වියෝජනය වී අහිතකර සංයෝග ඇති විය හැකියි. ඉහල උෂ්ණත්ව වලට රත් කිරීමෙන් තමයි කොලොස්ටරෝල් ලෙස තැන්පත් විය හැකි සංයෝග ඇති වෙන්නේ. ලොව ඉතා හොඳ තෙල් වර්ගයක් ලෙස පොල් තෙල් හදුන් වන්න පුළුවන්. ඇමරිකාවේ තරබාරු සීතල සිරුරු කෙට්ටු උණුසුම් සක්‍රීය බවට පත් කර ගැනීමට වර්ජින් කොකනට් ඔයිල් කියල පොල් කිරි වලින් අපේ ගෙවල් වල හිඳින ක්‍රමයට හින්දපු තෙල් හැන්දක් දෙකක්. ඔය ඔලිව් ඔයිල් දාන විදියටම කෑමට දාගෙන කනවා. අපි පොල් තෙල් නරකයි කියල පිට රටින් ගේන වෙජිටබල් ඔයිල් කියල නොදන්නා තෙල් කනවා. (නදී)

:       0       0

කැනඩා දිසා Friday, 23 May 2014 07:20 AM

ඔලිව් තෙල් සහ සලාද යන දෙකම නීරෝගිමත් බව හා දීර්ඝායුෂ ලැබෙන දිව්‍ය භෝජනයන් (නි)

:       0       0

සඳුන් Saturday, 24 May 2014 10:02 AM

ඔලිව් තෙල් සලාද වලට දාන්නේ මීට දශක ගණනකට කලින්. තෙල්වල විශේෂයෙන් බැලිය යුතු ගුණාංගයක් තමයි Smoke point. Rice Bran Oil වල ඒක ඉහලයි. (නදී)

:       0       0

ලසන්ත Saturday, 24 May 2014 10:39 AM

ඔලිවේ ඔයිල් වල ස්මොකින්ග් පොයින්ට් එක 380-410 තරම් ඉහළ අගයක් ගන්නවා. ගැඹුරු තෙලේ බැදීමට ඉතා සුදුසුයි. (අ)

:       0       0

ඔලීනා Sunday, 25 May 2014 02:15 AM

අනේ මන්දා! කාලා මැරෙනවද, නොකාම මැරෙනවද? අපිට කොහෙන්ද ඔලිව් තෙල්...? (නි)

:       0       0

පුෂ්පා Sunday, 25 May 2014 03:27 AM

කවුරු මොනවා කිවුවත් තෙල් කෑම සුළුවෙන් ආහාරයට ගන්න එක ඇඟට ගුණයි කියලයි මම නම් හිතන්නේ (නි)

:       0       0

හේළි Sunday, 25 May 2014 08:53 AM

කැනඩා දිසා සුපුරුදු පරිදි තමුන්ගේ විග්‍රහය දීල තියෙන්නේ, මොනවා මත පදනම් වෙලාද දන්නේ නැහැ දුන්නේ. (නදී)

:       0       0

ජෝන් Sunday, 25 May 2014 09:06 AM

තෙල් කෑම කද්දී තෙල් නහරවල බැඳෙන හින්ද හාර්ට් ඇටැක් හැදෙන්න පුළුවන්.(නදී)

:       0       0

ලසන්ත Sunday, 25 May 2014 10:12 AM

තමන් දන්න විෂයක් ගැන ලිපියක් ආවම ඒකට විතරක් ප්‍රතිචාර කරන්න. යමක් දානවිට තමාට ඇති අදාලත්වය හා දැනුම ගැනත් කියලම දැම්මා නම් තමයි හොඳ නේද? (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

ජනපති ජෝ බයිඩන් විලියම්-කේට් හමුවෙයි
2022 දෙසැම්බර් මස 01 261 0

ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.


ඇෆ්ගන් පාසලක බෝම්බයක් පිපිරේ
2022 දෙසැම්බර් මස 01 140 0

ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.


කෙජ්රිවාල්ගෙන් මෝදිට අභියෝගයක්
2022 දෙසැම්බර් මස 01 1407 1

ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන


අයි.එස්. ත්‍රස්ත නායකයා මියයයි
2022 දෙසැම්බර් මස 01 3580 0

තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.


සම්බාධක මඟහරින්න රුසියාව ඉන්දියාවෙන් උදව් ඉල්ලයි
2022 නොවැම්බර් මස 30 2045 0

ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම


චීනය සමඟ පැවැති සවර්ණමය යුගය අවසන්
2022 නොවැම්බර් මස 30 2357 4

මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site