23 හැවිරිදි වෛද්‍ය සිසුවිය කෙළෙසා, පහර දුන් සැකකරුවන් හය දෙනාගෙන් පස් දෙනකු පෙරේදා (7) නවදිල්ලි අධිකරණයට ඉදිරිපත් කර ඔවුන්ට එරෙහි නඩු විභාගය නිල වශයෙන් ආරම්භ කළ අවස්ථාවේදී, ඔවුන් වෙනුවෙන් පෙනී සිටීමට කැමැත්ත පළ කළ නීතීඥවරයාට සෙසු නීතීඥවරුන්ගෙන් ගුටිබැට ප‍්‍රහාරයක් එල්ල විය.
වෛද්‍ය සිසුවියට කළ එම කුරිරු අපරාධය හේතුවෙන්, සැකකරුවන් වෙනුවෙන් පෙනී නොසිටීමට නවදිල්ලි නීතීඥ සංගමය තීරණය කර ඇති අතර ඔවුන් වෙනුවෙන් පෙනී සිටීමට කැමැත්ත පළ කර ඇත්තේ ලාල් ෂර්මා නමැති නීතීඥවරයාය.
රාම් සිං, ඔහුගේ සොහොයුරු මුකේෂ්, පවන් ගුප්තා, විනේ ෂර්මා සහ අක්ෂේ තකූර් යන සැකකරුවන් අධිකරණයට පෙරේදා ඉදිරිපත් කළ අවස්ථාවේදී නීතීඥවරුන් අතර ගැටුමක් හටගත් බවත් කාන්තා නීතීඥවරියන් පිරිසක් ලාල් ෂර්මා වටකර ඔහුට පහර දුන් බවත් ඉන්දීය පුවත් සේවා වාර්තා කරයි.
සැකකරුවන් 6 දෙනාගෙන් එක් අයකු බාල වයස්කාර තරුණයකු වන අතර ඔහුට එරෙහිව විශේෂ ක‍්‍රමයකට නඩු විභාගයක් පවත්වන බව නවදිල්ලි පොලිසිය පවසා ඇත. ඒ සඳහා ද කටයුතු සියල්ල සූදානම් කර ඇතැයි නවදිල්ලි පොලිස් නිලධාරීහු වැඩි දුරටත් කියා සිටිති.
මේ අතර සැකකරුවන් එල්ලා මරන්නැයි ඉන්දීය රජයට බල කරමින් ඊයේ (8) ද නවදිල්ලි අගනුවරත්, ඉන්දියාවේ සෙසු ප‍්‍රධාන නගරවලත් විරෝධතා රැලි පැවැත්විණි.
වෛද්‍ය සිසුවිය කෙළෙසමින් ඇයට අමානුෂික ලෙස පහර දුන්නේ නවදිල්ලියේ පදිංචි තරුණයක් පිරිසක් යැයි පොලිසිය පැවැසුවත් ඔවුන් බිහාර් ප‍්‍රාන්තයේ පදිංචිකරුවන් බවත් ඔවුන් නවදිල්ලියට පැමිණ ඇත්තේ රැකියා සොයමින් බවත් ‘මහාරාශ්ට‍්‍ර නව්නිර්මාන සේනා’ පක්ෂයේ නායක රාජ් තැකරේ පවසා ඇත.
”තරුණියට අතවර කළ සහ පහර දුන් සය දෙනා නවදිල්ලි වැසියන් යැයි වැරදි වැටහීමක් පවතිනවා. මාධ්‍යවලින් ඔවුන් හඳුන්වා දී ඇත්තේ නවදිල්ලි දූෂකයන් කියලයි. ඒත් ඔවුන් බිහාරයේ පදිංචිකරුවන්” යැයි තැකරේ ප‍්‍රකාශ කළේ පොලිස් පරීක්ෂණ වාර්තාවක් ද උපුටා දක්වමිනි.
ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.
ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.
ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන
තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.
ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම
මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටින්න ආ නීතීඥයාට ගුටි බැට
අමිල Wednesday, 09 January 2013 01:08 PM
මේ අය සල්ලි වලට කොච්චර කෑදරද කියනවා නම් බිම තියෙන කාසියත් දිවෙන් ගනීවි. (නි)
දුමින්ද Wednesday, 09 January 2013 04:19 PM
මමනම් මොකුත් කියන්නේ නැහැ
කමල් Wednesday, 09 January 2013 06:40 PM
අයියෝ සල්ලි
රොෂාන් Wednesday, 09 January 2013 07:24 PM
ඉන්දියාවේ ගැහැණුන්ගෙන් පහරක් කනවා කියන්නේ, ඉදලා වැඩක් නැහැ. (නි)
නුවන් Wednesday, 09 January 2013 07:45 PM
නවදිල්ලියෙන් නෙමෙයි, මොන දිල්ලියෙන් ආවත් කරලා තියෙන්නේ සුනඛ වැඩක් .......... (නි)
බන්දුල Wednesday, 09 January 2013 09:35 PM
දෙන්න ඕන හොඳ හැටි (ස)
චන්ද්‍රසිරි Thursday, 10 January 2013 09:42 AM
වැඩක් නෑ ඉන්දියාව (ස)
නිෂාඩ් ප්‍රීනා Thursday, 10 January 2013 10:00 AM
නීතිඥ වෘත්තිය සහ අපරාධ හරියට ආදරයෙන් බැදීසිටින අඹු සැමි යුවලක් වගෙයි. (නි)
එදිරිසිංහ Thursday, 10 January 2013 11:17 AM
අයියෝ සල්ලි (දී)
ලලිත් Thursday, 10 January 2013 12:51 PM
ඉන්දියාවේ නීතිඥවරුන්ට මාගේ ප්‍රණාමය !! (ස)
සම්පත් Thursday, 10 January 2013 01:52 PM
ලෝකෙට පරකාසේ ගෙදරට මරගාතේ.... (නි)
ලාල් Thursday, 10 January 2013 07:34 PM
මිනිස්සු ආවේගයෙන් ඉන්නේ (දී)
සඳුනි Thursday, 10 January 2013 08:59 PM
අනේ අපේ නීතිඥවරුත් එහෙම කරනාවනම් (ස)
චමලී Friday, 11 January 2013 09:11 AM
සල්ලි හම්බෙනවනම් මේ මිනිස්සු ඕනෙම දෙයක් කරන්න බෑ කියන්නේ නෑ (ස)