වසර 10කට පසු සිංගප්පූරුවට ග්‍රහලෝක පහක් එකවර පියවි ඇසින් නැරඹීමේ දුර්ලභ අවස්ථාවක් ලැබී ඇතැයි එරට මාධ්‍ය වාර්තා කරයි.
අද සිට පෙබරවාරි අවසානය දක්වා එම අවස්ථාව එරට වැසියන්ට උදා වන බව මාධ්‍ය සදහන් කරයි.
බ්‍රහස්පති,අගහරු,සෙනසුරු,සිකුරු සහ බුධ ග්‍රහයන් මෙලෙස දර්ශනය වන බවත්, ජනවාරි 27 වැනි දා චන්ද්‍රයා ද අන් ග්‍රහලෝක සමග නිරීක්ෂණය කළ හැකි බවට එරට මාධ්‍ය සඳහන් කරයි.
ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.
ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.
ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන
තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.
ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම
මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
සිංගප්පූරුවට ග්‍රහ ලෝක පහක් පේනවාලු
බණ්ඩාර රුසියාව Wednesday, 20 January 2016 05:01 PM
අයියෝ අපිට හැමදාම දවල් තරු පේනවා! (නි)
ගුණසිරි Wednesday, 20 January 2016 09:25 PM
ඔබතුමන්ලා වාසනාවන්තයි. ඔබට පෙනෙන්නේ ග්‍රහලෝක. අපට පෙනෙන්නේ තරු (නි)
ලලිත් Wednesday, 20 January 2016 10:48 PM
පොඩිකාලේ ඉස්කෝලෙදි එකෙක් කණට ගහලා ග්‍රහලෝක විසිපහක් විතර පෙනුනා. ග්‍රහලෝක පහත් කජ්ජක්ද? (නි)
නිල්මිණි Thursday, 21 January 2016 02:55 AM
සිංගප්පුරුවෙ සමහරවිට ඇතිවෙන "හේස්" ලෙස හඳුන්වන දුමාරය නිසා පැහැදිලි අහස නොපෙනී යනවා. චීනයේ බීජිං ෂැන්හයි වැනි නුවරවල් වල අවුරුද්ද මුළුල්ලේම අහසේ ඇති දුමාරය නිසා තරු දකින්නම ලැබෙන්නේ නැතිතරම්. (නි)
පිටබැද්දර ජයා Thursday, 21 January 2016 04:16 AM
මම දෙයියෝ සාක්කි එකට ලියලා, ක්ෂිර පථයත් කඩාගෙන ගිහින් ග්‍රහලෝක බරගානක් පෙන්නුවා මට අපේ බවලත් උදවිය (නි)
මහින්ද Thursday, 21 January 2016 06:15 AM
මෙහෙම ගියොත් ග්‍රහලෝක ඔක්කොම පෙනෙවී.(හේ)
මහේෂ් Thursday, 21 January 2016 09:59 AM
අයියෝ ඕක මොකක්ද? (හේ)
නුවන් විජේවර්ධන Friday, 22 January 2016 08:57 AM
අපිට වල්ග තරු 226 ක් පේනවා දියවන්නාව පැත්තෙන්...(හේ)
විජිත් Friday, 22 January 2016 10:45 AM
නුවන්,ඔයාහරි..එහෙත් දියවන්නාව පැත්තේ තියෙන වල්ගාතරුවල " වලිගය " පෙනුනාට " හිස " නැහැනේ. (අ)
බමුණු ආරච්චි Friday, 22 January 2016 12:42 PM
අපිට දැන් තරු පෙනිලා ඉන්නේ (නි)
හිමාල් Friday, 22 January 2016 08:35 PM
අනේ අපිට නම් අනාගතය සිහිවනවිට ග්‍රහලෝක නොව පෙනෙන්නේ තරු! (නි)
හර්ෂ Friday, 22 January 2016 08:36 PM
මොන කරුමයක්ද මන්දා අපිට නම් පෙනෙන්නේ අඳුරුම අඳුරු අනාගතයක්. පැහැබර අහසක් දකින්න නම්, මාරුවෙන්න ඕනෑ තරු නොවේ, ආණ්ඩුවයි (නි)
ජයත් Saturday, 23 January 2016 02:28 AM
විජිත් එයාලගේ "හිස " නැති වුණාට අං තට්ටුවක් නම් පැහැදිලිව පෙන්න තියනවා ! (අ)