X Advertisement
IMG-LOGO

2025 ජුලි මස 14 වන සඳුදා


සිංහදෙන දඩයම උගෙන ගනී

මිනිස් ඇසුරේ හැදී වැඩුණු සිංහ ධේනුවකට නැවත දඩයම් කිරීමට මිනිසුන්ම උගන්වන අයුරු දැක්වෙන අපූරු වාර්තාමය වැඩසටහනක් මෙම වසරේ මුල් භාගයේදී විකාශනය කිරීමට බි‍්‍රතාන්‍යයය නිශ්පාදක කණ්ඩායමක් සූදානමින් සිටී.

කතානායිකාව වන සිර්ගා නම් සිංහ ධේනුව කුඩා කාලයේ සිටම මිනිස් ඇසුරේ හැදී වැඩුණාය. ඇය වඩාත් සමීප තම රැකවලා වන වැල් ගෲනර්ටය. ඔහු වෘත්තියෙන් පරිසරවේදියෙකි.

සිර්ගා දඩයම්කරුවන්ගෙන් බේරාගෙන ඇත්තේ වැල් ගෲනර්ය.ඒ බැව් මතක නිසාදෝ ඇය බලන්නට පැමිණෙන සෑම අවස්ථාවකදීම සිර්ගා ඉහළට පැන ඔහු බදා වැළඳ ගන්නීය.

මේ දෙදෙනගේ අපූරු මිතුදම පසුගිය වසරේ පුවත් මැවීමට සමත්වූවක් විය.වැල් ගෲනර් 2014 වසරේ ආදර්ශමත් පුද්ගලයින්ගේ ලැයිස්තුවටද ඇතුළත් කිරීමට ගූගල් සමාගම කටයුතු කළේය.

මිනිස් ඇසුරේ හැදී වැඩුණු නිසා සිර්ගා දඩයම් කිරීමට නොදන්නීය.ඇය දැන් හොඳීන් වැඩුණු සිංහ ධේනුවකි.

ඇය වනයට හුරු කිරීමේ වගකීමද භාරගෙන සිටින්නේ වැල්ය.දෙදෙන එක්ව දඩයමේද යන්නෝය.ඔහු පවසන ආකාරයට සිර්ගා දැන් ක‍්‍රමයෙන් දඩයම් කිරීමේ කලාව ඉගෙන ගනිමින් සිටින්නීය.

මේ දෙදෙනගේ තවත් හපන්කම් ඉදිරියේදී දැකගත හැකිවනු ඇත.

24FC62B300000578-2925670-image-a-67_1422204956270 24FC62EA00000578-2925670-image-a-63_1422204866987 24FC63D900000578-2925670-image-a-62_1422204858181 24FC629C00000578-2925670-image-m-74_1422205325234 24FC632200000578-2925670-image-m-71_1422205066733



අදහස් (0)

සිංහදෙන දඩයම උගෙන ගනී

අමිල Tuesday, 27 January 2015 08:04 AM

මුලින්ම පුරුදුකරලා තියෙන්නේ ගෙම්බෝ අල්ලන්නද? (නි)

:       0       0

පිටබැද්දර ජයා Tuesday, 27 January 2015 08:11 AM

පුරුදුකළා වගේම පුරුද්දට වගේ පුරුදු කරපු කෙනාටම පනින්නත් බැරි නැහැ නේද? (නි)

:       0       0

සිතුම් Tuesday, 27 January 2015 01:45 PM

ජයා, සත්තු කවදාවත් මිනිස්සු වගේ දෙපිටකාට්ටු වැඩ කරන්නේ නැහැ. (නි)

:       0       0

අබේපාල Wednesday, 28 January 2015 05:28 AM

ලංකාවට ආවා නම් ගෙම්බෝ පිරිලා මෙහේ. (නි)

:       0       0

ජයවර්ධන Wednesday, 28 January 2015 06:39 AM

මනුස්සකම තිබෙනවා නම් ඕනෑම සතෙක් අපිට ආදරෙයි (නි)

:       0       0

ලසිත් Wednesday, 28 January 2015 11:41 AM

හොඳ ප්‍රවෘත්තියක් (නි)

:       0       0

රවී Wednesday, 28 January 2015 03:23 PM

එවන්නකෝ ලංකාවට (නි)

:       0       0

ඩිකී Thursday, 29 January 2015 02:54 AM

සිංහ ධේනුවගේ මුහුණේ හැඟීම් හරි ලෙංගතුයි (නි)

:       0       0

අමරේ Thursday, 29 January 2015 03:13 AM

ඔය ඉරුණු මලු එල්ලාගෙන කඩේ ගිය පැන පැන හිටපු ගෙම්බන්ට මොකද වුණේ? (නි)

:       0       0

නාරද Thursday, 29 January 2015 05:08 AM

ඊළඟ ඡන්දයට පෙර මේ සතා ලංකාවට ගෙනවිත් නගරයට අතහැරිය යුතුයි. (ගෙම්බෝ අල්ලන්න) (නි)

:       0       0

රවින්ද්‍ර Thursday, 29 January 2015 07:21 AM

ලංකාවට බොහොම වටිනා සතෙක්. කොහොම හරි ගෙන්නන්න බලන්න. (ර)

:       0       0

ෂර්මා Friday, 30 January 2015 02:08 PM

තිරිසනාට මනුස්සයා එක්ක ඉන්න පුලුවන්නම් මනුස්සයාට මනුස්සයත් එක්ක ඉන්ඩ බැයිද (නදී)

:       0       0

විතානගේ Saturday, 31 January 2015 10:16 AM

සත්තු මිනිසාට වැඩිය ගතිගුණ වලින් බොහොම වටිනවා (නි)

:       0       0

සුජාන් Monday, 02 February 2015 09:48 AM

පුවත වගේම දාලා තියෙන අදහසුත් හරි රසවත්. (හේ)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

ජනපති ජෝ බයිඩන් විලියම්-කේට් හමුවෙයි
2022 දෙසැම්බර් මස 01 261 0

ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.


ඇෆ්ගන් පාසලක බෝම්බයක් පිපිරේ
2022 දෙසැම්බර් මස 01 140 0

ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.


කෙජ්රිවාල්ගෙන් මෝදිට අභියෝගයක්
2022 දෙසැම්බර් මස 01 1407 1

ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන


අයි.එස්. ත්‍රස්ත නායකයා මියයයි
2022 දෙසැම්බර් මස 01 3580 0

තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.


සම්බාධක මඟහරින්න රුසියාව ඉන්දියාවෙන් උදව් ඉල්ලයි
2022 නොවැම්බර් මස 30 2045 0

ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම


චීනය සමඟ පැවැති සවර්ණමය යුගය අවසන්
2022 නොවැම්බර් මස 30 2357 4

මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site