බලයෙන් ඉවත් වීම ප‍්‍රතික්ෂේප කරන සිරියා ජනපති බෂීර් අල් අසාද්ගේ රජයේ හමුදා ඊයේ (13) ‘සුකුඞ්’ කෙටි දුර බැලැස්ටික් මිසයිල යොදා ගනිමින් ඇලෙප්පෝ නුවර අල්ලා ගැනීමට උත්සහ ගන්නා කැරැලිකරුවන්ට ප‍්‍රබල ප‍්‍රහාරයක් එල්ල කළේය. ප‍්‍රහාරයෙන් කැරැලිකරුවන් 50 කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට පත්වූ බවත් 74 දෙනකු තුවාල ලැබූ බවත් සිරියානු විපක්ෂ කණ්ඩායම් සහ කැරැලිකරුවන් නියෝජනය කරන සිරියානු අන්තර්වාර පාලක මණ්ඩලය පවසයි. ‘සුකුඞ්’ කෙටි දුර බැලැස්ටික් මිසයිලවලට කිලෝ මීටර් 200 ක හෝ ඊට වැඩි දුරක ඇති ඉලක්කයක් කරා යා හැකිය. සෝවියට් යුගයේදී නිර්මාණය කෙරුණු ‘සුකුඞ්’ මිසයිල වඩාත් ප‍්‍රසිද්ධියට පත් වූයේ පළමු ගල්ෆ් යුද සමයේදීය. සදාම් හුසේන්ගේ ඉරාක හමුදාව ඊශ‍්‍රායලයට පහර දුන්නේ එම මිසයිල යොදා ගනිමිනි. තමන් කෙටි දුර බැලැස්ටික මිසයිල යොදා ගනිමින් ප‍්‍රහාරයක් එල්ල කළ බව සිරියානු රජය මෙතෙක් පිළිගෙන නැත. කෙසේ නමුත් ඔවුන් පවසා ඇත්තේ ඇලෙප්පෝ නුවර අත්පත් කරා ගැනීමට උත්සහ ගන්නා ජිහාඞ් සටන්කාමීන්ට දිගින් දිගටම පහර දෙන බවයි. ජිහාඞ් සටන්කාමීන් යනු අල් කයිඩාවට සම්බන්ධ ඉරාකයෙන් සිරියාවට පැමිණ සිටින සටන්කාමීන්ය. ඔවුන් මේ වනවිට සිරියා කැරැලිකරුවන් සමඟ එක් වී සිරියානු රජයට එරෙහිව සටන් කරන බව ඇමෙරිකානු සී.අයි.ඒ. බුද්ධි අංශය ද අනාවරණය කරගෙන ඇත. කැරැලිකරුවන්ට සහාය දක්වමින් අසාද්ගේ රජයට එරෙහි සටන් වැදීමට පැමිණ සිටින අල් කයිඩා සටන්කාමීන්ගේ සහාය නොගන්නා ලෙස ජනපති ඔබාමා ද සිරියා කැරැලිකරුවන්ගෙන් ඉල්ලීමක් කර තිබේ. ජනපති ඔබාමා එම ඉල්ලීම කළේ සිරියානු කැරැලිකරුවන් සහ එරට විපක්ෂ දේශපාලන කණ්ඩායම් විසින් පිහිටුවා ගනු ලැබූ ‘සිරියානු ජාතික පාලක මණ්ඩලය’ සිරියානු වැසියන්ගේ සැබෑ හඬ යැයි පවසමින් ඔවුන් නිල වශයෙන් පිළිගත් අවස්ථාවේදීය. සිරියානු ජනාධිපති අසාද්ගේ රජය රසායනික අවි යොදා ගනිමින් ද ප‍්‍රහාරයක් එල්ල කරනු ඇතැයි ඇමෙරිකා ජනපතිවරයා බිය පළ කරයි.
ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.
ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.
ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන
තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.
ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම
මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
සිරියානු කැරැලිකරුවන්ට බැලැස්ටික මිසයිල ප‍්‍රහාරයක්
කෝලිත Friday, 14 December 2012 10:01 AM
පලස්තීනය ගැන නම් ඔයවගේ බියක් නැතුව ඇති නේද ? (ස)