X Advertisement
IMG-LOGO

2025 ජුලි මස 07 වන සඳුදා


සිරියාවට පහර දෙන්න එ.ජා. අනුමැතිය ඕනෑ නෑ

එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය හරහා සිරියාවට එරෙහිව යෝජනාවලියක් සම්මත කර ගැනීමට නොහැකි නම්, ආරක්ෂක මණ්ඩලයේ අනුමැතියකින් තොරව, සිරියාවට පහර දෙනවා යැයි ඇමෙරිකාවත් බි‍්‍රතාන්‍යයත් අනතුරු අඟවමින් කියා සිටී.

සිරියාවට එරෙහිව හමුදාමය මැදිහත්වීමක් කළ යුත්තේ සිරියානු රජය රසායනික අවි යොදා ගනිමින් අහිංසක සිවිල් වැසියන් සමූල ඝාතනය කිරීම නැවැත්වීමට යැයි ද ඇමෙරිකාව සහ බි‍්‍රතාන්‍යය පෙන්වා දෙයි.

මෙම අනතුරු ඇඟවීමට ප‍්‍රතිචාර දක්වමින් සිරියානු ජනපති බෂීර් අල් අසාද්ගේ රජය කියා සිටින්නේ, ඇමෙරිකාවෙන් තම රටට ප‍්‍රහාරයක් එල්ල වුවහොත් ලෝකයා පුදුමයට පත් කරන අන්දමින් ඊට ප‍්‍රතිප‍්‍රහාර දැක්වීමට සූදානම් බවය.

නේටෝ සාමාජික රාජ්‍යයක් වන ඉතාලිය කියා සිටින්නේ එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ අනුමැතියෙන් තොරව හෝ නේටෝ හෙවත් උතුරු අත්ලාන්තික් ගිවිසුම් සංවිධානයේ අනුමැතියකින් තොරව හෝ ඇමෙරිකාව සිරියාවට පහර දෙන්නේ නම් තමන් ඊට සම්බන්ධ නොවන බවය.

ඇමෙරිකාවට සහාය දක්වමින් ඊශ‍්‍රයාල රජය වෙනුවෙන් එරට ජ්‍යෙෂ්ඨ නියෝජිත පිරිසක් පෙරේදා (27) ඇමෙරිකාවේ වොෂින්ටන් නුවරදී ඇමෙරිකා ආරක්ෂක අංශ ප‍්‍රධානීන් හමුවී සිරියාවට පහර දීමක් කරන්නේ නම් එය කෙසේ කළ යුතු දැයි යන්න ගැන දීර්ඝ වශයෙන් සාකච්ඡුා කළහ.

ඇමෙරිකාව සහ බි‍්‍රතාන්‍යය තරයේ කියා සිටින්නේ ඉකුත් 21 වැනිදා සිරියාවේ සිදුවුණු සෙරීන් විස වායු ප‍්‍රහාරයට සිරියානු රජයේ හමුදා වගකිය යුතු බවය. කෙසේ නමුත් ඒ ගැන සාක්ෂි අවශ්‍ය බව ද ඇමෙරිකා ජනපති ඔබාමා අවධාරණය කර ඇත. එම ප‍්‍රහාරය එල්ල කළේ කවුදැයි සෙවීමේ පරීක්ෂණ මේ වනවිට සිදුවෙමින් පවතී. පරීක්ෂණ පවත්වන්නේ එක්සත් ජාතීන්ගේ විශේෂ පරීක්ෂණ කණ්ඩායමකි.

සිරියානු රජයට සහාය පළ කරන ඉරානයත් රුසියාවත් කියා සිටින්නේ, විස වායු ප‍්‍රහාරය නිමිත්තක් කර ගනිමින් ඇමෙරිකාව සහ බි‍්‍රතාන්‍යය ලිබියාවට කලාක් මෙන් සිරියාවට ද පහරදීමක් කිරීමට සැරසෙන බවය.

ලිබියාව අස්ථාවර වූයේත්, ලිබියා නායක කර්නල් මුවම්මාර් ගඩාෆි ඝාතනය වූයේත් ඇමෙරිකාව, බි‍්‍රතාන්‍යය සහ ප‍්‍රංශය එක් වී එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය හරහා ලිබියාවට එරෙහිව යෝජනාවක් සම්මත කර ගෙන නේටෝ ලවා ලිබියාවට ගුවන් ප‍්‍රහාර එල්ල කිරීමෙන් පසුවය.

සිරියානු කැරැුලිකරුවන්ට සහ විපක්ෂ කණ්ඩායම්වලට සහාය පළ කරමින්, සිරියාවට එරෙහිව ද ඒ අයුරින්ම යෝජනා සම්මත කර ගැනීමට අවස්ථා කිහිපයකදී ඇමෙරිකාව, බි‍්‍රතාන්‍යය සහ ප‍්‍රංශය උත්සහ කළේය. එහෙත් ආරක්ෂක මණ්ඩලයේ සෙසු සාමාජික රටවල් වන රුසියාව සහ චීනය නිෂේධ බලය භාවිතා කොට ඊට විරුද්ධ විය.
 

සිරියාවට පහරදීමේ අරමුණින් මධ්‍යධරණී මුහුදට සේන්දු වූ ඇමෙරිකා යුද නැව්

 



අදහස් (0)

සිරියාවට පහර දෙන්න එ.ජා. අනුමැතිය ඕනෑ නෑ

ඩයස් Thursday, 29 August 2013 07:40 PM

ඔහ්... අදත් පටන් ගත්තද රාජිත සහ වීර යුද්ධය? (නි)

:       0       0

රුක්මල් Thursday, 29 August 2013 08:48 PM

ඇයි මේ රාජිත ට සිංහල අමාරුද? (අ)

:       0       0

පහන් Thursday, 29 August 2013 08:46 PM

වීර, නියමයි සහෝදරයා දිගටම ලියන්න (නි)

:       0       0

මාධවී Thursday, 29 August 2013 08:35 PM

වීර පව් අනේ! මේ මනුස්සයා විහින් කනවනේ. (නි)

:       0       0

වීර Thursday, 29 August 2013 08:33 PM

රිෂාර්ඩ්,නුඹගේ කපටිකම් වල කාලය ඉවරයි.මම නුඹට වඩා කපටිත් එක්ක ගනුදෙනු කරපු කෙනෙක්. (නි)

:       0       0

වසන්ති Thursday, 29 August 2013 08:26 PM

අයියෝ, අදත් මේ වීර අහගත්තා නේද ? (නි)

:       0       0

අරුමුගම් Thursday, 29 August 2013 08:25 PM

වීර නම් ටිකක් විතර අර වගේ.තරහ ගන්න එපා. ඉක්මනට නාකි වෙයි. (නි)

:       0       0

ජලීල් Thursday, 29 August 2013 08:23 PM

වීර, කොහිල එහෙම කන්නේ නැද්ද ? මං මේ විහිලුවක් එහෙම නෙමෙයි කරන්නේ. (නි)

:       0       0

වීර Thursday, 29 August 2013 08:20 PM

රිෂාර්ඩ්,පිරිමියෙක් වගේ අදහස් දාන්න (නි)

:       0       0

එදිරිසිංහ Thursday, 29 August 2013 08:16 PM

නිලන්ති, ඔයාගේ අප්පොච්චිට වීරගේ තරහා කියා පලක් නැත (නි)

:       0       0

විමල් Thursday, 29 August 2013 09:48 PM

පහන් මොකද වීරට පහන් පත්තු කරනවද තමුසෙලා මේ වීරව ගොනාට අන්දනවා නොවැ,(අ)

:       0       0

නිලන්ති Thursday, 29 August 2013 07:37 PM

මගේ අප්පොච්චේයේ! මේ වීරට යන තරහක තරම....... (නි)

:       0       0

මාමා Thursday, 29 August 2013 07:35 PM

වීරට පිස්සුද? (නි)

:       0       0

රාජිත Thursday, 29 August 2013 07:33 PM

වීර, නුඹ හිතුවා මදි එක එක නම් පාවිච්චි කරලා අදහස් දැම්මා මදිවට මිනිසුන් කොටවන්නද සැලසුම? රිෂාඩ් වෙනමම පුද්ගලයෙක් හරිද? මේ රාජිත, ඔහේ තරම් නිවට නැහැ. එසේ කරන්න මගේ ඇගේ දුවන්නේ නියම සිංහල ලේ. මෙතන ජාතිවාදී බීජ වපුරන්නේ නැතුව රටේ ඒකීයභාවයට පලුද්දක් නොකර යන දේවාලයක යන්න (නි)

:       0       0

ඔසාමා Thursday, 29 August 2013 07:22 PM

මොහොමඩ්, ඔබ නියම මුස්ලිම් කෙනෙකු නොවේ (නි)

:       0       0

බන්දු Thursday, 29 August 2013 07:07 PM

සුන්නි සමග ඇමෙරිකාව ...ෂියා සමග රුසියාව මරාගනියව්..(අ)

:       0       0

වීර Thursday, 29 August 2013 06:43 PM

දැක්කද මොහොමඩ් දාලා තියෙන අදහස? තමන්ගේම සහෝදර ෂියා මුස්ලිම්වරුන්ගේ විනාශය ප්‍රාර්ථනා කරන හැටි පේනවද? සිංහලයිනි, මේ නුඹලාගේ මුතුන් මිත්තන් වසර 2500ක් දිවිහිමියෙන් රැකි රටයි. නිදාසිටින සිංහලයිනි, නැගිටියව්! "කෙස් ගහ පවා වෙන රටවල මිනිසුන්ගේ-උස්වූ නිදහස පිණිස සටනට සැරසෙන්නේ-ඉස් මොළ තිබෙද්දිත් මේ ගැන නොතකන්නේ-ඇස් ගෙඩි වලට හෙන ගහලද සිහලුන්නේ" (නි)

:       0       0

කිනාස් Thursday, 29 August 2013 06:29 PM

නිසර් නානා, ෂියා සහ සුන්නි කියලා දෙකක් තිබ්බ නිසා හොදට ගියා , ඔයාලට 4 තිබ්බ නම් මෙලහකට මුස්ලිම් කියල වර්ගයක් නෑ, තම වර්ගය විසින් තම වර්ගය මරාගෙන ඉවරයි (අ)

:       0       0

වීර Thursday, 29 August 2013 06:21 PM

මේ රිෂාර්ඩ්, නුඹ "රාජිත,පාලිත" කියන සිංහල නම් වලින් නිවටකම් කරන්න එපා..නුඹේ හැංගිමුත්තම් සෙල්ලම මම හොයාගත්ත හැටි මම ඕනෑ නම් හැමෝටම කියන්නම්.එතකොට නුඹට හිතෙයි නුඹ සිංහල නමකින් අදහසක්වත් දාගන්න බැරි මෝඩයෙක් කියලා. (නි)

:       0       0

උපාලි Friday, 30 August 2013 07:41 AM

වීර, අරුමුගම්, රිෂාර්ඩ්, අතීතය අමතක කර සමගි වෙන්න. එකිනෙකාට ගරු කරලා කතා කරමු. ජාති බේද නැතුව හරි වැරදි කතා කරමු.මේක තමයි අපේ ජාතික අවශ්‍යතාවය. (නි)

:       0       0

සියාඩ් Sunday, 09 October 2016 11:18 AM

ඉරාකයට පහර දුන්නෙත්, ආරක්ෂක මණ්ඩලයේ අනුමැතියකින් තොරවනේ. (නි)

:       0       0

අර්ෂා Saturday, 31 August 2013 03:13 PM

උපාලි මහත්මය ඇයි මේ වීර ඔබතුමා වගේ සිතන්නේ නැත්තේ ? (අ)

:       0       0

දම් Saturday, 31 August 2013 05:17 AM

අපේ මුස්ලිම්වරු ලොව කොතනකවත් ඉන්න අනෙක් මුස්ලිම්වරුන්ට සමාන කළ නොහැක්කේ ඔවුන් බොදු පරිසරය තුල සාමකාමීව ජීවත් වන නිසාය.ඔවුන්ට බර දමා බැඳ දැම්මොත් ඔවුන් එය සමග නැගිටීවි, අපිවත් පාගාගෙන.එකමුතු බව අපේ ශක්තිය විය යුතුයි. (නි)

:       0       0

අමර Friday, 30 August 2013 01:26 PM

අනුන් නසන්න යන සියලුම දෙනා නිරයේ ම තමයි උපදින්නේ (නි)

:       0       0

මුසම්මිල් Friday, 30 August 2013 12:32 PM

බන්දුල පෙරේරා, ඔබට සියලු සත්‍ය දැන දැනත් ඇයි කුහකකමින් අදහස් පළකරන්නේ මොන මුස්ලිම් ජාතිකයාද ඔහෙලව බලෙන් සුන්නත් කරන්න තනන්නේ, ඔය ඇමෙරිකානුවෝ ජාතියක් ජන්මයක් නැති අය රතු ඉන්දියානුවන් ලක්ෂ ගණන් මරා රට අල්ල ගෙන ලෝකෙට සුදන වෙන්න හදනවා. ලංකාවෙත් ඛනිජ තෙල් මතුවෙච්චි දාට ඇමෙරිකානුවෝ කව්ද කියා තේරුම් යයි ඔහේට. (දී)

:       0       0

උදය Friday, 30 August 2013 11:49 AM

මොනවා වුනත් මුස්ලිම් නොවන රුසියාව සහ චීනය උදව් නොකලොත් දෙවියන්ගේ පිහිටයි (දී)

:       0       0

වීරසිංහ Friday, 30 August 2013 11:11 AM

ලෝකෙම ඉන්නේ මේ දිහා (දී)

:       0       0

ගිහාන් Friday, 30 August 2013 08:54 AM

කාටවත් ගහන්න අනුමැතිය ඉල්ලන එකත් විහිළුවක් (දී)

:       0       0

රූපා Friday, 30 August 2013 07:45 AM

නිසාර්, අපේ නිකායවල් හතරයි වුනාට අපි මරා ගන්නේ නැහැ. (නි)

:       0       0

අරුසියා Thursday, 29 August 2013 06:16 PM

ඔන්න වීර නැගිට්ටා. රිෂාඩ් ඔයාට පුළුවන් නම් මෙයාට රස්සාවක් හොයලා දෙන්න. එතකොටවත් මේ මනස්ගාත ලියන එක නතර කරයි (නි)

:       0       0

ප්‍රසංග Friday, 30 August 2013 07:34 AM

ඇමෙරිචාව අන්තවාදයට එරෙහිව ඉන්න එක ලෝකයට ආශීර්වාදයක් (නි)

:       0       0

රූපවතී Friday, 30 August 2013 12:39 AM

අපි මහ මුහුදට මැදිවෙලා ඉහේ ගිනිපත්තු වෙලා බලාගෙන ඉන්නේ මොකද වෙන්නේ කියලා (නි)

:       0       0

වසන්ත Thursday, 29 August 2013 11:36 PM

මම නම් ලංකාවේ මුස්ලිම් අයට බනින්නෙ නැහැ (නි)

:       0       0

මාමා Thursday, 29 August 2013 11:19 PM

වීර, හෙටත් එනවද? (නි)

:       0       0

අමරේ Thursday, 29 August 2013 11:17 PM

සිරියාවේ මොන යුද්දෙද අප්පා! මෙතැනනේ යුද්දේ....... (නි)

:       0       0

තුවාන් Thursday, 29 August 2013 10:51 PM

රියලිටි ෂෝ එකක් තිබුණොත් වැඩියෙන්ම ටොකුකන්නා කියලා වීරට නම් කුසලානේ ලැබෙයි (නි)

:       0       0

පහන් Thursday, 29 August 2013 10:05 PM

වීර මම කවුද කියලා දන්නවා .විමල්ට තියන අමාරුව මොකද්ද ? (නි)

:       0       0

දමින්ද Thursday, 29 August 2013 09:55 PM

වීර,පාඩුවේ ඉන්නවා මනුස්සයෝ අපිටත් ලැජ්ජයි. (නි)

:       0       0

සම්පත් Thursday, 29 August 2013 12:24 PM

යුද නැව අතිවිශිෂ්ට. (ස)

:       0       0

නලින්[මිලානෝ] Thursday, 29 August 2013 02:19 PM

මුස්ලිම් ත්‍රස්තවාදයට එරෙහිව ඊශ්‍රායලය සහ ඇමරිකාව ගෙන යන සටන අති විශිෂ්ටයි.(නදී)

:       0       0

සංජීව මලාවි Thursday, 29 August 2013 02:17 PM

නොගහ මොකුත් කරගන්න බැරිවෙයිද සිරියාවේ වැඩේට? (නි)

:       0       0

දෙවිනුවර ජයසිරි ලියනගේ Thursday, 29 August 2013 02:01 PM

ඔය කියන සංවිධාන අපේ දේවල් හොයන්නනේ ඉන්නේ. (ස)

:       0       0

කුමාරි Thursday, 29 August 2013 01:58 PM

පු අමිල බබා.(නදී)

:       0       0

ජීවන්ත Thursday, 29 August 2013 01:54 PM

ඇමරිකාව කරන්නේ හොද ක්‍රියාවක්.(නදී)

:       0       0

අනුරශාන්ත Thursday, 29 August 2013 01:32 PM

අහිංසක මිනිසුන්ව කුරිරු ලෙස ඝාතනය කිරීමට අණ දීපු සියලු දෙනාම තරාතිරම නොබලා ඔවුන්ටත් එම දඩුවම දිය යුතුයි. (ස)

:       0       0

ජලීල් Thursday, 29 August 2013 01:32 PM

මුස්ලිම් අන්තවාදය ඇති කරන්නේ සහ ඇති කරමින් ඉන්නේ. ඔවුන්ට ආයුධ සපයන්නේ කවුද ? ටිකක් සිතන්න... (ස)

:       0       0

අර්ෂා Thursday, 29 August 2013 01:13 PM

පහන් මඩුගල්ල , මොකක්ද මුස්ලිම් ත්‍රස්තවාදය ? කරුණාකර ත්‍රස්තවාදයට ජාතියක් හෝ ආගමක් ගාවගන්න එපා.(නදී)

:       0       0

රිෂාර්ඩ් Thursday, 29 August 2013 12:32 PM

ඇමෙරිකාව දාන සෙල්ලම් ඔක්කොම දාන්නේ ඔය යුධබලයයි, ධනබලයයි තියාගෙන. ඕවා ස්ථිරයි කියන කට්ටිය නම් මරු මිනිස්සු. කොච්චර මැරුණත් බොරුවෙන් වංචාවෙන් කාටවත් දිනන්න නම් වෙන්නේ නැහැ.මේ ගොල්ලන්ගේ අන්තිම කාලේද කොහෙද? (ස)

:       0       0

චන්දන Thursday, 29 August 2013 02:21 PM

කට්ටියක් මේ ප්‍රශ්නේ හරියට තේරුම් අරන් නැහැ වගේ. මුස්ලිම් අන්තවාදය භයානක බව ඇත්ත. එත් ඇමෙරිකන් සුදු අන්තවාදය ඊට වඩා භයානක එකක්. එයාලගේ හිතවතුන් අමු අමුවේ මිනිස්සු මරන කොට ඒවා අනුමත කරන ඇමෙරිකාව එයාලගේ උවමනාවල් වලට නොනැමෙන රටවල් මොකක් හරි උගුලක් අටවල වට්ටනවා. කෝ සාමය ගේනවා කියපු ඉරාකය, ලිබියාව, ඇෆ්ගනිස්ථානයට අද මොකද වෙලා තියෙන්නේ? මේවා තේරුම් ගන්න ඕන අපි. (ස)

:       0       0

දුමින්ද Thursday, 29 August 2013 12:15 PM

මුස්ලිම් අන්තවාදය සෑම රටකම තිබෙනවා ,විය යුත්තේ ඔවුන්ට ක්‍රියා කිරීමට ඇති ඉඩකඩ ඇහිරීමයි.එයට සැවොම එක්ව ක්‍රියා කළ යුතුයි. (ස)

:       0       0

සංජීව Thursday, 29 August 2013 11:57 AM

මෙතැනදී මම එකඟ වෙනවා බන්දුල මහතාගේ අදහස් එක්ක, ගොඩක් අවස්ථාවලදී ඇමරිකාව වරදියි තමයි, ඒත් මේ අන්තවාදයට උත්තර දෙන්න පුළුවන් ඇමරිකාවට තමයි. යූ.එස්.ඒ නැත්නම් අර කියුවා වගේ මුන් අපිත් සුන්නත් කරලා මේ වෙනකොට. අනික අපේ හමුදාවයි එල්ටීටීඊ එකයි අවසන් සටන කරන කලේ, එයාලට ඕනෙ නම් ඒක නවත්වන්න තිබුණා, ඒත් ඔවුන්, ඒකට අත දැම්මේ නැහැ. (ස)

:       0       0

වසන්ත - ඊශ්‍රායලය Thursday, 29 August 2013 10:25 AM

ඇමරිකාව තමයි මේක පිටුපස ඉන්නෙ.ඔවුන්ට ඕන කොහොම හරි නිපදවන අවි ආයුධ වෙඩි බෙහෙත් ටික විකුණ ගන්න. (ස)

:       0       0

අමිල Thursday, 29 August 2013 10:19 AM

සිරියාවට ගහන්න හිනෙන්ද , (ස)

:       0       0

පහන් මඩුගල්ල Thursday, 29 August 2013 10:14 AM

මුස්ලිම් ත්‍රස්තවාදයට එරෙහිව ඊශ්‍රායලය සහ ඇමරිකාව ගෙන යන සටන අති විශිෂ්ටයි .සියලුම මුස්ලිම් රටවල් ඇමරිකාව විසින් පාලනය කල යුතුය .හයීම් ඊශ්‍රායෙල්!!! (ස)

:       0       0

රොෂාන් සෞදි Thursday, 29 August 2013 10:06 AM

බන්දුල ඔබ හරි-- බඩුත් හාමුදුරුවන්ගේ නඩුත් හාමුදුරුවන්ගේ (ස)

:       0       0

බන්දුල පෙරේරා Thursday, 29 August 2013 09:32 AM

මේ ප්‍රහාරය ඇමෙරිකානු බුද්ධි අංශ වල සැලසුමක්..අහිංසකයෝ 2000ක් විතර බිලි දීලා තමන්ගේ සැලසුම ක්‍රියාත්මක කරන්න ලෝක ජනමතය තමන්ගේ පැත්තට ගන්න කල නින්දිතම නින්දිත ක්‍රියාවක්.කොහොම උනත් මොන වැරදි තිබුනත් මේ මුස්ලිම් අන්තවාදය යම් පාලනයකට ලක් වෙලා තියෙන්නෙත් ඇමෙරිකාව නිසා බව අමතක කරන්න නරකයි..ඇමෙරිකාව නැත්නම් මුන් ඔක්කොම මෙලහකට අපිවත් අල්ලලා සුන්නත් කරවලා.. (ස)

:       0       0

රූමි Thursday, 29 August 2013 08:22 AM

කාගෙන් අහන්නද? (නි)

:       0       0

වීර Thursday, 29 August 2013 04:10 PM

ලංකාවේ මුස්ලිම්වරු සම්පූර්ණයෙන්ම වෙනස්.ඔවුන් එකිනෙකා මරාගැනීම වෙනුවට සියලු දෙනාම එකා වගේ ජාතික සමඟිය මවාපාලා හීන් නූලෙන් සිංහලයාව විනාශ කරනවා.අපේ මෝඩයන්ට මේවා පේන්නේ නැති හැටි.දැන් ඉතින් මට අර අපේ ජාතියේම අවජාතක රැල ජාතිවාදියා කියයි. (ස)

:       0       0

පාලිත Thursday, 29 August 2013 05:44 PM

වීර අදත් නාගන්න වාගේ (නි)

:       0       0

නිසාර් Thursday, 29 August 2013 05:37 PM

අපේ නම් ෂියා සුන්නි කියලා දෙකයි. අපේ අහවල්ලුන්ගේ නිකායවල් හතරයි. (නි)

:       0       0

මාලා Thursday, 29 August 2013 04:50 PM

මේ වීර කියන මනුස්සයා නිසා අපටත් ලැජ්ජයි. (නි)

:       0       0

පියල් Thursday, 29 August 2013 04:48 PM

අද නම් වීර ඇතිවෙන්න අහගන්න වගේ සුදානම. (නි)

:       0       0

රාජිත Thursday, 29 August 2013 04:47 PM

"ලංකාවේ මුස්ලිම්වරු සම්පූර්ණයෙන්ම වෙනස්" නුඹ උපැස් යුවල ගලවා බලව, අහිංසක මිනිසුන්ට නිතර දෙවේලේ දෝෂාරෝපණය නොකර (නි)

:       0       0

විමල් Thursday, 29 August 2013 04:42 PM

හම්මෝ !!!, ඔය එලියට ආවේ ඩබල, නිදාගෙනද හිටියේ මෙච්චර වෙලා.. (ස)

:       0       0

මොහොමඩ් Thursday, 29 August 2013 04:37 PM

අල්ලාහු අක්බර්!අල්ලාහ් දෙවියන්ට අපගේ ස්තුතිය. ෂියාවරුන් විනාශ කිරීමට අපේ සුන්නි මුස්ලිම් වරුන්ට උදව් කිරීමට ඇමෙරිකාව පොළඹවා ගැනීම ගැන.ෂියාවරුන් ලෝකයෙන්ම තුරන් කර දැමිය යුතුය. (ස)

:       0       0

වීර Thursday, 29 August 2013 04:22 PM

ජාතිවාදී රිශාර්ඩ්,අවජාතක"රාජිත" කියන නමින් දාගත්ත වෙස් මුහුණ ගැල වුනාද? (ස)

:       0       0

ජාබීර් Thursday, 29 August 2013 06:58 AM

ඇමෙරිකාව කියන්නේ එක්සත් ජාතීන්ගේ සංවිදානය තමන්ට අවශ්‍ය කරන ආකාරයට මෙහයවන රට බවයි.(නදී)

:       0       0

වීර Thursday, 29 August 2013 04:09 PM

මුස්ලිම් උදවිය තරම් ආගමික උන්මන්තකයන් ලෝකයේ තවත් නැහැ.සර්ව බලධාරි සංකල්පයෙන් අන්ධ වුණු ඔවුන්ට සිතීමටවත් නිදහසක් ආගමෙන් දීලා නැහැ.ඔවුන් තියෙන මෝඩකමට සුන්නි ෂියා කියලත් ආගමේ නාමයෙන් අල්ලාහ්ගේ නාමයෙන් මරාගන්නවා. (ස)

:       0       0

ෆාතිමා අබ්දුල්ලා Thursday, 29 August 2013 04:03 PM

ලෝකයටම විස බීජයක් වී ඇති ආගමික උන්මන්තකයන් වන සුන්නිවරුන්ගේ පැත්ත ගැනීම ඇමෙරිකාව සිදුකර ගන්න බරපතල වරදකි.එය සුන්නිවරයෙක් වන බින්ලාඩන් ත්‍රස්තවාදියාගේ 9/11 ප්‍රහාරය අමතක කිරීමකි. (ස)

:       0       0

වීර Thursday, 29 August 2013 04:00 PM

මොකද රිශාර්ඩ්, "රාජිත" කියන වෙස්මුහුණ ගැලවුනාද? (නි)

:       0       0

දිලාන් Thursday, 29 August 2013 03:35 PM

කෙසේ හෝ අවසානයේදී සිදුවන්නේ අහිංසක මිනිසුන් කුඩා දරුවන් සාහසික ලෙස මියයාම.ලෝකයේ සාමය ආරක්ෂා කිරීම කාගේත් යුතුකමක්. (ස)

:       0       0

අසංග Thursday, 29 August 2013 03:30 PM

දැන්වත් කවුරු කවුරුත් තේරුම් ගත්තොත් හොඳයි හැම රටකම මුස්ලිම් අන්තවාදියෝ ඉන්නවා කියලා. අද මුළු ලෝකෙටම ලොකු විස බීජයක් වෙලා තියෙන්නේ මේ ප්‍රශ්නය....මොන පැත්තකින් අරි මේක විනාශ කර යුතුයි...අපි අන්තර්ජාලයෙන් දැක්කා සිරියාවේ අහිංසක මිනිසුන්ව මරන හැටි. (ස)

:       0       0

පිටිගල Thursday, 29 August 2013 03:03 PM

මුස්ලිම් අන්තවාදය හඳුන්වලා දුන්නෙත් ඇමෙරිකාව. ඉරානයට විරුද්ධව සදාම් හුසේන්ට ආයුධ දුන්නෙත් ඇමෙරිකාව. අන්තිමත් ඒවා ආපහු ඇමෙරිකාවටම පත්තු වුනා. ඇමෙරිකාව හිතාගෙන ඉන්නේ තමන් හැර අනික් මුළු ලෝකයම මෝඩයෝ කියලා. ඇත්තටම අනික් රටවල් ඇමෙරිකාවට විරුද්ධව එකතු නොවෙන එක මෝඩකමක් තමයි. (ස)

:       0       0

දිසානායක Thursday, 29 August 2013 02:47 PM

ඇමරිකාවට කවද හරි මේ කරන අපරාධ වලට වන්දි ගෙවන්න වෙනවා. (ස)

:       0       0

ලාල් Thursday, 29 August 2013 02:34 PM

අවි වෙළදාමේ කූට උපක්‍රම තමයි රටවල් වල කලබල ඇති කිරීම.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

ජනපති ජෝ බයිඩන් විලියම්-කේට් හමුවෙයි
2022 දෙසැම්බර් මස 01 261 0

ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.


ඇෆ්ගන් පාසලක බෝම්බයක් පිපිරේ
2022 දෙසැම්බර් මස 01 140 0

ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.


කෙජ්රිවාල්ගෙන් මෝදිට අභියෝගයක්
2022 දෙසැම්බර් මස 01 1407 1

ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන


අයි.එස්. ත්‍රස්ත නායකයා මියයයි
2022 දෙසැම්බර් මස 01 3580 0

තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.


සම්බාධක මඟහරින්න රුසියාව ඉන්දියාවෙන් උදව් ඉල්ලයි
2022 නොවැම්බර් මස 30 2045 0

ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම


චීනය සමඟ පැවැති සවර්ණමය යුගය අවසන්
2022 නොවැම්බර් මස 30 2357 4

මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site