X Advertisement
IMG-LOGO

2025 ජුනි මස 27 වන සිකුරාදා


සිරියාවෙන් තුර්කියට මෝටාර් ප‍්‍රහාරයක්

දේශසීමා හරහා සිරියාවෙන් එල්ල වූ මෝටාර් ප‍්‍රහාරයට ප‍්‍රතිචාර දක්වමින් තුර්කි හමුදාව පෙරේදා (6) සිරියා හමුදා නිලධාරීන්ට ප‍්‍රතිප‍්‍රහාර එල්ල කළේය. තුර්කිය එම ප‍්‍රතිප‍්‍රහාර එල්ල කළේ මෝටාර් ප‍්‍රහාර හතරක් සිරියා හමුදාව වෙත එල්ල කරමිනි. සිරියාවත් තුර්කියත් අතර උතුරුදිග දේශසීමා ප‍්‍රදේශයේ සිරියානු රජයේ හමුදා සහ කැරැලිකරුවන් අතර දරුණු ගැටුම් හටගෙන ඇත. පෙරේදා (6) සිදුවූ ගැටුම්වලින් 50 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. සිරියාවෙන් ආ මෝටර් ප‍්‍රහාරය එල්ල වූයේ තුර්කියේ ගුවේසී නමැති ගම්මානයට කිලෝ මීටර් 700 ක් ඈතිනි. එම ස්ථානයේ පොලිස් ස්ථානයක් ද පිහිටා ඇතැයි විදෙස් පුවත් සේවා පවසයි. ප‍්‍රහාරයෙන් කිසිවකුටවත් අනතුරක් සිදු නොවිණි. එම ප‍්‍රහාරය එල්ල වූයේ සිරියානු කැරැුලිකරුවන්ගෙන් නොව සිරියා රජයේ හමුදාවෙන් යැයි තුර්කි රජය තරයේ කියා සිටී. ඉකුත් සතියේද සිරියා රජයේ හමුදා එල්ල කළ ෂෙල් වෙඩි ප‍්‍රහාර කිහිපයක් සිරියානු මායිම් ගම්මානයකට පතිත වූ බව වාර්තා විය. කලක් සමීප අසල්වැසියන් ලෙස සිටි සිරියාවත් තුර්කියත්, මේ වනවිට සතුරන් බවට පත්ව සිටී. රුසියාව සහ ඉරානය චෝදනා කරන්නේ ඇමෙරිකාව ප‍්‍රමුඛ බටහිර බලවේග සිරියාවත් තුර්කියත් අතර ඉතා සූක්ෂම ආකාරයට ‘විරසකයක්’ නිර්මාණය කළ බවය. එම බටහිර රටවල් මේ වනවිට උත්සහ ගනිමින් සිටින්නේ තුර්කිය හරහා සිරියාවට ප‍්‍රහාරයක් එල්ල කිරීමට යැයි ඉරානය පවසයි. කෙසේ නමුත් සිරියාව සමඟ යුද්ධයකට පැටැළීමට තමන්ගේ කිසිදු අපේක්ෂාවක් නැතැයි තුර්කි අගමැති රිසෙප් ටයියිප් එර්ඩෙගෝන් පවසා තිබේ. රුසියාව සහ ඉරානය සිරියානු ජනාධිපති බෂීර් අල් අසාද්ට හිතවත් රටවල්ය. ඔවුන් තරයේ කියා සිටින්නේ මාස 19 ක් තිස්සේ දිග් ගැස්සෙමින් පවතින සිරියානු අර්බුදය විසඳීමට නම් දේශපාලන පිළියමක් අවශ්‍ය බවය.



අදහස් (0)

සිරියාවෙන් තුර්කියට මෝටාර් ප‍්‍රහාරයක්

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

ජනපති ජෝ බයිඩන් විලියම්-කේට් හමුවෙයි
2022 දෙසැම්බර් මස 01 261 0

ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.


ඇෆ්ගන් පාසලක බෝම්බයක් පිපිරේ
2022 දෙසැම්බර් මස 01 140 0

ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.


කෙජ්රිවාල්ගෙන් මෝදිට අභියෝගයක්
2022 දෙසැම්බර් මස 01 1407 1

ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන


අයි.එස්. ත්‍රස්ත නායකයා මියයයි
2022 දෙසැම්බර් මස 01 3580 0

තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.


සම්බාධක මඟහරින්න රුසියාව ඉන්දියාවෙන් උදව් ඉල්ලයි
2022 නොවැම්බර් මස 30 2045 0

ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම


චීනය සමඟ පැවැති සවර්ණමය යුගය අවසන්
2022 නොවැම්බර් මස 30 2357 4

මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site