ලෙබනනයේ සිටින සිරියා රජයට පක්ෂ සහ විපක්ෂ කණ්ඩායම් අතර ඊයේ (22) ඇල්බී්ර නුවරදී දරුණු ගැටුමක් හටගත් අතර, ප්‍රචණ්ඩකාරීව හැසිරුණු එම පිරිස් විසුරුවා හැරීමට ලෙබනන් හමුදාව එල්ල කළ වෙඩි ප්‍රහාරයකින් දෙදෙනකු ජීවිතක්ෂයට පත්වී 50 දෙනෙක් තුවාල ලැබූහ. ගැටුම් පවතින්නේ සිරියා රජයට පක්ෂ අලාවිට්ස් මුස්ලිම්වරුන් සහ සිරියා රජයට විරුද්ධ සුන්නි මුස්ලිම්වරුන් අතරේය. සිරියාවේ අසල්වැසියකු වන ලෙබනනයේ ප්රචණ්ඩ කි‍්‍රයා ආරම්භ වූයේ සිරියා ජනපති බෂීර් අල් අසාද්ගේ පාලනයට එරෙහිව හඬ නැගූ සුන්නි පූජක ශීක් අහමෙද් අබ්දුල් මීට දින කිහිපයකට පෙර, ලෙබනන හමුදා සෙබළුන් අතින් ඝාතනය වීමත් සමඟය. ලෙබනන් හමුදා සෙබළුන් එල්ල කළ වෙඩි ප්‍රහාරයකින් ශීක් අහමෙද් අබ්දුල් මියගියේ, හමුදා මුර පොළක් අසලදීය. එම අවස්ථාවේදී ඔහු, සිරියාවේ විපක්ෂ කි‍්‍රයාකාරීන්ට සහ කැරැලිකරුවන්ට සහාය දක්වමින් ජනපති අසාද්ගේ රජයට එරෙහිව විරෝධතා පෙළපාළියකට එක් වී සිටියේය. ඇල්බී්ර නුවර මෙන්ම අක්කාර් පළාතේත් බීරූට් නුවරත් විරෝධතා පැවැත්වුණු බව වාර්තා වේ. ඉකුත් සතියේ ලෙබනනයේ ටි්රපොලි නුවර ද සිරියා රජයට පක්ෂ සහ විපක්ෂ කණ්ඩායම් අතර ගැටුම් පැවැති බව වාර්තා විය. ලිබියාවේ මෙන් ලෙබනනයේ ද ටි්රපොලි යනුවෙන් නගරයක් ඇත. 2008 වසරේ සිවිල් යුද්ධයෙන් පසු ලෙබනනයේ ප්රචණ්ඩ කි‍්‍රයා යළි හිස එසවූ පළමු අවස්ථාව මෙයයි.
ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.
ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.
ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන
තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.
ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම
මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
සිරියාවේ ප්රචණ්ඩ කි‍්‍රයා අසල්වැසි ලෙබනනයට පැතිරේ