දිනෙන්දින උග‍්‍රවෙමින් පවතින සිරියා අර්බුදය මැදපෙරදිග කලාපයටත් සමස්ත ලෝකයටත් ප‍්‍රබල තර්ජනයක් බව ජාත්‍යන්තර සාම නියෝජිත ලක්දාර් බ‍්‍රහීමි පෙරේදා(15) සිරියා ජනපති බෂාර් අල් අසාද් හමුවූ අවස්ථාවේදී කියා සිිටියේය.
සිරියා අර්බුදයට දේශපාලන විසඳුමක් ලබාදිය යුතු බව කී බ‍්‍රහිමි එය සාර්ථක කර ගැනීමට නම් ත‍්‍රස්තවාදීන් පුහුණු කරන, ඔවුනට මූල්‍යමය ආධාර සපයන සහ ඊට සමගාමීව සිරියාවට ආයුධ ලබාදෙන රටවලට දැඩි බලපෑම් එල්ල කළ යුතු බව ද සඳහන් කළේය.
සිරියාවේ කැරැලිකරුවන්ට ආයුධ සපයන රටවල කි‍්‍රයාකාරීත්වය නැවැත්වීම සම්බන්ධයෙන් ද බ‍්‍රහීමි සහ ජනපති අසාද් අතර පැවැති සාකච්ඡාවලදී අවධානයට ලක් වූ බව විදෙස් වාර්තා සඳහන් කරයි.
මේ අතර සිරියාවේ මිතුරකු වන රුසියාව සඳහන් කළේ තමන් සිරියාවේ කිසිදු නායකයකුට ගැති නොවන බවත් ජනපති අසාද්ට එරෙහිව එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයට ඉදිරිපත් කෙරෙන ඕනෑම යෝජනාවක් පැරැුදවීමට තමන් කටයුතු කරන බවත්ය.
මේ වන විට සිරියා අර්බුදයට මාස 18ක් ගත වී ඇත. නමුත් එම අර්බුදය අවසන් වන බවක් ද දක්නට නොමැත. ඒ සම්බන්ධයෙන් ගත යුතු ඉදිරි පියවර සම්බන්ධයෙන් අදහස් දැක්වූ සාම නියෝජිත බ‍්‍රහීමි සඳහන් කළේ ‘මේ අර්බුදය විසඳීමට සිරියා ජනතාව තුළින් මතුවන විසඳුමක් අවශ්‍යයි. අනතුරුව ගැටලූව විසඳීමට යම් ක‍්‍රමවේදයක් ස්ථාපිත කළ යුතු අතර ඉන් පසුව කලාපීය, ජාත්‍යන්තර සහාය ද ලබා ගත යුතු බවයි.
සාම නියෝජිත බ‍්‍රහිමි සිරියා ජනාධිපති හමුවීමෙන් අනතුරුව එරට විදේශ අමාත්‍ය වලීඞ් මුලායම් සහ විපක්ෂ කි‍්‍රයාකාරීන් පිරිසක් සමඟ ද සාකච්ඡා පැවැත් වූ බව වාර්තා වේ.
ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.
ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.
ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන
තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.
ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම
මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
සිරියා අර්බුදය මැදපෙරදිගටත් ලෝකයටත් ප‍්‍රබල තර්ජනයක්