බටහිර රටවල් කොතරම් කුමන්ත‍්‍රණ කළත්, සිරියානු ජනාධිපති බෂීර් අල් අසාද් 2014 වසර වනතෙක් බලයේ රැඳී සිටිනු ඇතැයි ඉරානය පවසයි.
ඉරානය මේ බව කියා සිටියේ සිරියානු කැරැලිකරුවන්ට ආහාර හ ඖෂධ ලබා දීමට ඇමෙරිකාව ඉකුත් සතියේ ගත් තීරණයත් සමඟය. සිරියානු රජය පවසන්නේ සහනාධාර දෙන මුවාවෙන් ඇමෙරිකාව සිරියානු කැරැලිකරුවන්ට අවි ආයුධ ලබා දෙන බවටය.
අරාබි වසන්තය හරහා සිරියානු අර්බුදය ආරම්භ වූයේ 2011 වසරේ මාර්තු මාසයේදීය. සිරියානු විපක්ෂ කණ්ඩායම්, මානව කි‍්‍රයාකාරීන් ආයුධ අතට ගෙන සිරියා රජයට එරෙහිව සටන් ආරම්භ කිරීමත් සමඟ සිරියා රජය එම කැරැලිකරුවන්ට ප‍්‍රතිප‍්‍රහාර එල්ල කරන්න විය.
එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසන්නේ මේ වනවිට 70,000 කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට පත්ව ඇති බවය.
එක්සත් ජාතීන්ගේ සංවිධානය එසේ පවසා ඇත්තේ සිරියානු මානව හිමිකම් සංවිධාන සහ එරට කැරැලිකරුවන් විසින් පිහිටුවනු ලැබූ ‘සිරියානු ජාතික පාලක මණ්ඩලය’ ලබා දුන් තොරතුරු පාදක කර ගනිමිනි. සිරියානු රජය පවසන්නේ ගැටුම්වලින් එතරම් පිරිසක් මියගොස් නැති බවය.
සිරියානු අර්බුදය විසඳීමට එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් පත් කරනු ලැබූ විශේෂ සාම නියෝජිත ලක්දාර් බ‍්‍රහීමි සාම යෝජනාවලියක් සකස් කර ඇති අතර ඒ සඳහා සිරියානු රජයේත්, කැරැලිකරුවන්ගේත් සිරියා රජයේ මිතුරා වන රුසියාවේ ද සහාය ඊට හිමිවිය.
ඇමෙරිකාව ප‍්‍රමුඛ බටහිර රටවල් ඊට එරෙහි වූ අතර ඔවුන් තරයේම කියා සිටින්නේ සිරියානු ජනපති අසාද් ජනපති ධුරය අත්හැරිය යුතුයි කියාය.
ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.
ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.
ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන
තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.
ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම
මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
සිරියා ජනපති බෂීර් අල් අසාද් 2014 වන තෙක් බලයේ ඉන්නවා
සනත් Thursday, 07 March 2013 08:04 AM
ලෝකෙම ප්‍රශ්න විලක් (දී)