බලයෙන් ඉවත් වීම ප‍්‍රතික්ෂේප කරන සිරියා ජනපති බෂීර් අල් අසාද්ගේ රජය, ‘සේරීන්’ විස වායුව ඇතුළත් රසායනික අවි යොදා ගනිමින් එරට සිවිල් වැසියන්ට ප‍්‍රහාරයක් එල්ල කිරීමට සැරසෙන බවත්, සිරියා රජය එසේ කිරීමෙන් වැළැකිය යුතු බවත් ඇමෙරිකා ජනපති බැරැුක් ඔබාමා අනතුරු අඟවයි.
ජනපති ඔබාමා එම අනතුරු ඇඟවීම කළේ වොෂින්ටනයේ පිහිටි ජාතික ආරක්ෂක සරසවියේ පැවැති දේශනයකදීය. එම දේශනයට පාදක වූයේ ජීව සංහාරක අවි ලොවට තර්ජනයක් වී ඇති අයුරු සම්බන්ධයෙනි.
සිරියා රජය පවසන්නේ ඔවුන් කිසිම අවස්ථාවක රසායනික අවි යොදා ගනිමින් හෝ සාමාන්‍ය අවි යොදා ගනිමින් හෝ සිවිල් වැසියන්ට පහර නොදෙන බවය. සිරියා රජය පෙරැළීමට උත්සහ ගන්නා කැරැලිකරුවන් ‘ත‍්‍රස්තවාදීන්’ යැයි සිරියා රජය පවසති.
ජනපති ඔබාමා කළ එම අනතුරු ඇඟවීමට ප‍්‍රතිචාර දක්වමින් සිරියා රජය කියා සිටියේ තමන් සතුව රසායනික අවි තිබුණත් නැතත් ඒ ගැන ඇමෙරිකාව කනස්සල්ලට පත් නොවිය යුතුයි කියාය.
සිරියානු රජයේ කි‍්‍රයා කලාපය ගැන ලෝකයා විමසිල්ලෙන් සිටින බවත් ඔවුන් යම් හෙයකින් රසායනික අවි යොදා ගනිමින් ප‍්‍රහාර එල්ල කරන බවට සාක්ෂි ලැබුණොත් ඊට මැදිහත් වන බව ජනපති ඔබාමා වැඩි දුරටත් කියා සිටී.
ඇමෙරිකාව හමුදා යොදවා ආක‍්‍රමණය කරමින් ඉරාකයේ සදාම් හුසේන්ගේ පාලනය පෙරළා දැමුවේ ද මේ අයුරින්ම රසායනික අවි තිබෙන බවට චෝදනා කරමිනි. කෙසේ නමුත් අවසානයේදී එවැනි රසායනික අවි කිසිවක් හමුනොවිණි.
සිරියා රජය රසායනික අවි භාවිත කරන බව අනාවරණය වුවහොත් ඇමෙරිකාවට සහ නේටෝවට, සිරියාවට එරෙහි හමුදාමය මැදිහත් වීමක් කළ හැකි වේ. ලිබියාවේදී කලාක් මෙන් බටහිර සහය ලැබෙන කැරැලිකරුවන්ට සිරියා රජය පෙරළා දැමීමට අවස්ථාවක් උදාවෙයි.
සිරියා අර්බුදය සම්බන්ධයෙන් ලෝකයේ බලවත් රටවල් දෙකඩ වී සිටින අතර ඇමෙරිකාව, බි‍්‍රතාන්‍යය, ප‍්‍රංශය ඇතුළු බටහිර රටවල් මෙන්ම නේටෝ සාමාජික රාජ්‍යයක් වන තුර්කිය ද සිරියා කැරැලිකාර කණ්ඩායම්වලට පළ කරයි. රුසියාවත් චීනයත් සහාය දෙන්නේ සිරියා ජනපති බෂීර් අල් අසාද්ගේ රජයටයි.
ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.
ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.
ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන
තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.
ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම
මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
සිරියා රජය රසායනික අවි ප‍්‍රහාරයකට සැරසෙනවා
මාධව Wednesday, 05 December 2012 01:26 PM
මේ කරන්න යන දේ ලෝකෙටම බලපානවා (දී)
පෙරේරා Wednesday, 05 December 2012 01:46 PM
ලෝක විනාසය පටන් ගන්නද හදන්නේ (දී)
රොෂාන් Wednesday, 05 December 2012 07:02 PM
ඊලඟට ඔය ප්‍රශ්නේ එන්නේ මොන රටටද දන්නවාද ?? (ස)
බණ්ඩාර Thursday, 06 December 2012 01:22 PM
එහෙම කොහොමද ලෝකෙටම බලපාන ප්‍රශ්නයක් (දී)
බුද්ධික Thursday, 06 December 2012 01:30 PM
රසායනික අවි භාවිතය නීති විරෝධීයි (දී)
චන්ද්‍රා Friday, 07 December 2012 12:36 AM
ඊට කලින් සිරියාවට පහරදෙමුද? (නි)