සිරියාවේ ජනපති බෂීර් අල් අසාඩ් ගේ රජය හා සිරියා කැරලිකරුවන් අතර ගැටුම් මාස විස්සක් පුරාම සිදුවෙමින් පැවැතිය ද ගැටලූවට නිසි විසඳුමක් මෙතෙක් ලැබී නැත. සිරියා කැරලිකරුවන් සටන් වැද සිටින්නේ බෂීර් අල් අසාඩ් ගේ රජය පෙරළා දැමීමටය. ඔවුන්ට එරෙහිව රෙජීම හමුදා අවි අතට ගෙන ඇතගදෙපාර්ශවය අතර ඇතිවන ගැටුම් නිසා මේ වන විට මියගොස් ඇති සංඛ්‍යාව 20,000 ඉක්මවන බව එරට මානව හිමිකම් සුරැකීමේ සංවිධාන පවසයි. ඔවුන්ගේ ඇගිල්ල බොහෝ විට දිගු වන්නේ රජයේ හමුදා දෙසටය. ඒ ඔවුන් ගුවන් හා බර අවි ප්‍රහාර එල්ල කරන නිසා බව කියමිනි. කැරලිකරුවන්ද මේ මරණවලට වග කිව යුතු අතර ඒ ඔවුන් තමන්ගේ අනුදැනුමින් තොරව සිදුවන්නේ යැයි කියන මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර සැළැකූවිටය. දැන් තත්ත්වය බරපතළ වී ඇත්තේ සිරියාවේ අර්බුදය අසල්වැසි රටවලටද ව්‍යාප්ත වීමේ අවදානමක් උද්ගතව ඇති හෙයිනි. සිරියාවේ ළගම අසල්වාසියා වන තුර්කිය ගැටුම් හමුවේ සිරියාවෙන් පලා ආ 120,000 කට පමණ රැකවරණය සළසයි. තුර්කිය සහය පළ කරන්නේ සිරියානු කැරලිකරුවන්ට වන මුත් ඔවුනට කිසිදු ආධාරයක් මේ දක්වාම සිදු කර නොමැත. සිරියා - තුර්කි දේශසීමාවේ සිටිනා කැරලිකරුවන් ඉලක්ක කර සිරියානු හමුදා එල්ල කරනා ප්‍රහාර වලින් තුර්කි වැසියන්ද ඇතැම් අවස්ථාවන්හි මිය යයි. මේ ප්‍රහාර වලට දැඩි විරෝධය පළ කරන තුර්කිය සිය දේශසීමාවේ ආරක්ෂක අංශ සීරුවෙන් තැබීමට කටයුතු කර තිඛෙන්නේ සිරියාව සිය සීමාව ඉක්මවුවහොත් ප්‍රතිප්‍රහාර එල්ල කිරීමටය. අසාඩ්ගේ රජය යම් තාක් දුරට හෝ සහය පළ කරන ඊශ්‍රායෙලයද දැන් ගැටුමට එක් වීමේ පෙර ලකුණු පහළ වී ඇත. ඒ සිය දේශසීමාවට එල්ලවූ සිරියා හමුදා ප්‍රහාර වලට ප්‍රතිප්‍රහාර එල්ල කිරීම නිසාවෙනි. ඊශ්‍රායෙලයට ඇත්තේ අසාඩ්ගේ රජය පෙරළී සිරියාව ඉස්ලාමික අන්තවාදීන් අතට පත්වනු ඇතැයි යන බියයි. ඊශ්‍රායෙලය ගැටුමට එක් වුවහොත් ඊශ්‍රායෙලයට විරුද්ධ හිස්බුල්ලා හා හමාස් සංවිධාන සටන්කාමීන් ද කරබාගෙන නොසිටින බව ඊශ්‍රායෙලය හොදින් දන්නා බව ආරක්ෂක විෂේශඥයෝ කියති. එවැන්නක් උදා කරගැනීම ඊශ්‍රායෙලයේ අරමුණ නොවන තාක් කල් ඊශ්‍රායෙලය උහුලා සිටිනු ඇත. ජෝර්දානය හා ලෙබනනය සිරියාවෙන් පළා ආ 365, 000 දෙනෙකුට පමණ රැකවරණය ලබා දී ඇත. දෙරටෙහි රජයයන් තුර්කිය හෝ ඊශ්‍රායෙලය මෙන් සිය ආරක්ෂක අංශ යොදා නොගනියි. ගැටලූව වී ඇත්තේ දෙරටෙහි ඉස්ලාමික අන්තවාදීන් සිරියා අර්බුදය අරබයා බෂාර් අල් අසාඩ් ට හිතවත් හා කැරලිකරුවන්ට හිතවත් ලෙස දෙපිළට බෙදී සටන් කිරීමයි. සාම්ප්‍රදායික ගැටුම් වලින් බැහැර මොවුන්ගේ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර වලට හසුවීමෙන් සාමාන්‍ය වැසියෝ ද මරුමුවට පත්වෙති. අනෙක් අසල්වැසියා වන ඉරාකයේ ගැටුම් නොමැත. ඉරාකයේ සිටිනා ඉස්ලාමික අන්තවාදීන් සිරියාවටම ගොස් සටන් කරන බව එරට ආරක්ෂක අංශ කියයි. ඉරාකයද සිරියාවෙන් පළා ආවුන්ට රැකවරණය සළසන අතර ඔවුන් ගණනින් 50,000 ක් පමණ වන බව සදහන්ය. (කෝ වි ගු)
ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.
ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.
ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන
තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.
ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම
මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
සිරියා සිවිල් යුද්ධයේ නිමක් නොපෙනේ
මුතු Tuesday, 13 November 2012 01:43 PM
ඇත්තෙන්ම තත්ත්වය ඉතා බයානකයි. (ස)
ජගත් Wednesday, 14 November 2012 04:33 AM
යුද්දයක නිමක් දකින්න බැහැ