‘බර‘ නිදහස් කරගන්නා තෙක් ඉස්පාසුවක් නැතියවුන්ම ඉලක්ක කර ඇති වැඩසටහනක් ඩෙන්මාර්කයේ ඇම්ටර්ඩෑම් නගරයේ ක්‍රියාත්මකය.
නගරයේ තැන් තැන්හි පිහිටුවා ඇති ජංගම කැසි කිළි වලට ‘බර‘ ඇතියවුන්ට ආරාධනා කෙරෙන අතර ඔවුනට දැනුම් දෙන්නේ හරිත නගරයක් ඇතිකිරීම වෙනුවෙන් ඔවුන්ගේ මුත්‍රා ලබාගැනෙන බවයි.
මෙම හරුපයේ තේරුම පැහැදිලි කර දෙනු ලැඛෙන්නේ ‘බර‘නිදහස් කරගෙන ගත සිත සැහැල්ලූ කර ගත්තායින් පසුවය.
මිනිස් මුත්‍රාවල ඇති නයිට්‍රජන්,පොටෑසියම් හා පොස්පරස් යන පෝෂකයන් උකහා ගැනීම මෙම වැඩසටහනේ අරමුණයි.මෙම පෝෂකයන් ශාඛවල වර්ධනයට වැදගත්ය.ශාඛ වලට යොදන රසායනික පොහොර වල අන්තර්ගත වන්නේත් මෙම පෝෂක අඩංගු වෙයි.
මුත්‍රා වලින් ලබාගැනෙන මෙම පෝෂක ආධාර කරගෙන පොහොර නිපදවා ඒවා ඇම්ස්ටර්ඩෑම් නගරයේ වගා කර ඇති ශාඛ වලට යෙදීම සිදුකෙරේ.මෙහිදී වෙන වෙනම රසායනික පොහොර මිලදී ගන්නවාට වඩා අඩු වියදමකින් අවශ්‍ය පොහොර වර්ග සකස් කර ගැනීමට හැකියාව ඇතැයි මේ වැඩසටහනේ නිර්මාතෘවරු කියති.
යහපත් අරමුණක් වෙනුවෙන් ‘මුත්‍රා‘ පරිත්‍යාග කිරීමට ඉදිරිපත්වන්නවුන්ගේත් අඩුවක් නැති බව පවසන ඔවුන් රසායනික පොහොර නිෂ්පාදනය කිරීමට අවැසි අමුද්‍රව්‍ය ශීඝ්‍රයෙන් ක්ෂය වෙමින් පැවතීම සම්බන්ධයෙන් මහජනයා දැනුම්වත් කිරීමත් මෙම වැඩසටහනෙන් බලාපොරොත්තු වන්නක් පවසයි.
ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.
ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.
ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන
තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.
ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම
මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
සුළු දියෙන් සරුම වගාවක්
ශාන්ති Tuesday, 05 November 2013 09:52 PM
ලංකාවෙත් මේ වගේ කරන්ඩ අපේ බලධාරීන් උනන්දු වෙනවනම් කොච්චාර හොදද ? (ස)
ඉන්දු මෙල්බෙර්න් Wednesday, 06 November 2013 10:29 AM
අනේ නැහැ දොන් සේතන් අයියේ, අර ඔයාලගේ ගමේ හදනවා කිව්වා බීමට. (ස)
දොන්සේතං Wednesday, 06 November 2013 08:40 AM
අනේ ඉන්දු නගෝ, ඔයා ඊයා කිවුවේ මටද? (නි)
ඉන්දු මෙල්බර්න් Wednesday, 06 November 2013 04:54 AM
ඊයා... දොන් සේතන් !(නදී)
දෙව්මිණි- Wednesday, 06 November 2013 03:23 AM
ඩෙන්මාර්ක් වල නෙමේ මේ නගරය තියෙන්නේ හොලන්ඩ් වල.ඩෙන්මාර්කයේ අග නුවර කොපන්හගෙන් .(නදී)
ඉර්ෆාන් ධර්මා Wednesday, 06 November 2013 02:05 AM
මේක ගැහැණු පාර්ශවයට කරපු අසාදාරනයක් , ගැහැණු අය කොහොමද මේ වගේ සත් ක්‍රියාවකට දායක වෙන්නේ? සෑම කාසිකිලියකම පුනීලයක් එල්ලා තැබිය යුතුයයි යෝජනා කරනවා. (නදී)
කුමාර Tuesday, 05 November 2013 11:58 PM
චමත්, ලංකාවේ දුර ගමන් බස් නවතන තැන්වල බිත්ති වල පවා ගහලා තිබෙන වැකියක් මතක් වුණා මට[මුත්‍රා කිරීම බල්ලන්ට පමණයි] (නි)
කේ.කේ.දී. Tuesday, 05 November 2013 11:35 PM
එතකොට නෙදර්ලන්තයේ තියෙන්නේ? (නි)
චන්දන ගංගොඩ Tuesday, 05 November 2013 11:20 PM
එතන හිටගෙන ඉන්නවා පෙනෙන ගැහැණු ළමයා කැසීකිලිය පාවිච්චි කළාට මුදල් එකතු කරන කෙනා වගෙයි පෙනෙන්නේ මට නම් (නි)
ගජ මෑන් Tuesday, 05 November 2013 10:06 PM
ඉස්සර කොහෙද රටක මුත්‍රා පානය කරන්නන්ගේ සංගමය කියලා එකක් තිබුනා. ඒ කාලේ ඒ රටේ කෙනෙකුත් ඒකේ සාමාජිකයෙක්. (නි)
darshan Tuesday, 05 November 2013 10:03 PM
මුත්රවලින් පමණක් නෙවේ තාව බොහෝ අප ද්‍රව්‍ය වලින් වැඩ ගන්න පුළුවන්,එහෙත් බැරි කොමිස් ලැදී දේශ පාලුවන් නිසාත්,කම්මැලි,උඩගු නිලදාරීන් නිසාත්.ලංකාදීපයට ස්තුතී මෙවනී පුවත් පලකිරීම ගැන. (ස)
චමත් [ලංකාව] Tuesday, 05 November 2013 03:07 PM
ලංකාවෙත් දුර ගමන් බස් රථ තේ බීමට නවත්වන, හෝටල් අසල මේ වගේ ජංගම කැසිකිලි තියන්න බැරිද දන්නේ නෑ නේද? (ස)
කේ.එච්.ආර්.කේ.දිසානායක Tuesday, 05 November 2013 09:04 PM
පොලොං විසට හදන බෙහෙත් වල ආයුර්වේදයේ බේත් අඹරන්නේ මුත්‍රා සමග (නි)
පැරා Tuesday, 05 November 2013 08:17 PM
අරාබියේ ඉන්නේ කොහොම අයද කියලා දන්නවනේ, ලාල් (නි)
රංජන Tuesday, 05 November 2013 06:54 PM
ඇම්ටර්ඩෑම් නගරය තියෙන්නේ ඩෙන්මාර්ක් වලද? (නි)
ලාල් Tuesday, 05 November 2013 06:39 PM
මේ අරාබි රටවල නම් ඔය විදිහට මූත්‍ො කරලා අහුවුණොත් දඩත් ගහවි (නි)
සංජු Tuesday, 05 November 2013 06:39 PM
අරයා මොකද සමච්චලයට වගේ හිනා වෙන්නේ. අනික පිරිමි ඒවා විතරද ගන්නේ. (නි)
අමිල කටුනායක Tuesday, 05 November 2013 06:26 PM
දොන්සේතන්ලාගේ ගමේ මම යෝජනා කරන්න සිතූ දෙයක් කරනවා එහෙනම්? (නි)
දොන්සේතං Tuesday, 05 November 2013 05:51 PM
අනේ ඔයගොල්ලෝ පොහොර හදනවා. අපේ ගමේ නම් මුත්‍රා වලින් කසිප්පු පෙරනවා මල්ලියේ (නි)
ගජන් Tuesday, 05 November 2013 04:57 PM
අර ගෑනු ළමයා එතන ඉදගෙන ඒ ගොල්ලන් උනන්දු කරවනවාද ? (ස)
කුමාරන Tuesday, 05 November 2013 03:57 PM
මුත්‍ර විතරක් නොවෙයි. මල, මුත්‍ර දෙකම භාවිතා කරන්න පුළුවන්.ඒ වගේම ජිව වායුව නිපදවන්නත් පුළුවන්.ඕනේ ඔලුව තියෙන කෙල්ලේ කොල්ලෝ විතරයි. (ස)
රාධා Tuesday, 05 November 2013 03:19 PM
ලංකාවෙත් කරන්න පුළුවන් වැඩක්. අපරාදේ පෝර වලට වියදම් කරන්නේ. (ස)